Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ කත්මණ්ඩු නගරයේදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන වයස 16න් පහළ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී සිටියි. මෙම කණ්ඩායමේ කී‍්‍රඩකයන් බහුතරයක් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පාසල් කී‍්‍රඩකයෝ වෙති.
කඳාන ද මැසනද් විදුහලේ කී‍්‍රඩකයකු වන රන්ජු සිල්වා ශ්‍රී ලංකා 15න් පහළ කණ්ඩායමේ නායකත්වය දරයි. මාලදිවයින හැරෙන්නට දකුණු ආසියානු කලාපයේ සෙසු රටල් තරගාවලියට සහභාගි වෙති.
ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩකයන්ට කුඩා අවදියේ සිටම ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගි කරවන බව පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්රිගු මහතා පවසයි.
කඳාන ද මැසනද් විදුහලෙන් හා බදුල්ල ධර්මදූත විදුහලෙන් කී‍්‍රඩාකයෝ තිදෙනෙක් බැගින් මෙම සංචාරයට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාව අද (21) සිට තරග වැදීමට නියමිතව තිබූ අතර තරගාවලිය මෙම 30 වැනිදා අවසන්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා 16 න් පහළ කණ්ඩායම
එස්.එස්. නිරේෂ් (කොළඹ විවේකකානන්ද මහ විදුහල), ආර්.ජේ. රන්ජු සිල්වා (කඳාන ද මැනිනද් විදුහල), එම්.ඒ. මොහොමඞ් ෂහීල් (කොළඹ සහිරා විදුහල), ඒ. හරිදු රන්ගජිත් (කොළඹ තර්ස්ටන් විදුහල), යු.එස්.චතුර අවිශ්ක (කොළඹ රාජකීය විදුහල), නිකලස් නවින් ජූඞ්(කොළඹ විදුහල), ඞී. එම්. ටී. මධුසංක කරුණාරත්න (බදුල්ල ධර්මදූත විදුහල), එම්.ෆායිස් මොහොඞ් පරීඞ් (කොළඹ සහිරා විදුහල), එම්.එම්. මොහොමඞ් මසීර් (කොළඹ ලූම්බිණි මහ විදුහල), එම්. ආර්. සස්මිත පීරිස් (කොළඹ ධර්මදූත විදුහල), එස්.එම්.එන්. චනුක සෙනවිරත්න (කඳාන ද මැසිනද් විදුහල), ඒ. ෂෙහාන් ප‍්‍රමුදිත ගුණසේකර(කළුතර සිරි කුරුස විදුහල), පී.බි.එල්. සචින්ත මධුරංග (කොළඹ කේරි විදුහල), ජී. එන්. නිපුන් අනුරංග (කඳාන ද මැසිනද් විදුහල), පී. ඩබ්. සුපුන් හර්ෂණ (ගාල්ල ඇලෝසියස් විදුහල), එම්. අයි. උදයංග වීරක්කොඩි (කොළඹ ටී.බී. ජයා මාවත විදුහල), සහන් නිර්මික (බදුල්ල ධර්මදූත විදුහල), මොහොමඞ් ෆහඞ් (බදුල්ල අල් අදාන් මහ විදුහල), බුවනෙක ප‍්‍රභාත් (කුරුණෑගල මාලියදේව විදුහල),
- කළමනාකරු : ගෲප් කපිතාන් සමන් කොටසේ
- සහය කළමනාකරු : සමන් උදයසිරි,
- පුහුණුකරු : නිමල් විජේසේකර
- සහය පුහුණුකරු : රොහාන් වික‍්‍රමරත්න,
- දැල් රකින්න්ගේ පුහුණුකරු : ජුඞ් කරුණාරත්න
- සම්භාහක : සමිර කලනපි‍්‍රය යන මහත්වරු.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.