Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් බ්ලැටර් මහතාට එරෙහිව ඇති චෝදනා ගොඩනැගීමේදී තක්කඩිකම් හා මුදල් අවභාවිතයට දැනටමත් චෝදනා ලැබ සිටින අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීන්ගේ සහය ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් බලාපොරොත්තුවෙන් සිටින බව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත හෙළිදරව්කරයි.
මේ අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීහු තොරතුරු සියල්ල හෙළිදරව් කිරීමට සූදානමින් සිටිති. එහි හිටපු උප සභාපතිවරයකු වන ජැක් වෝනර් මහතා අද (4 වැනිදා) ප‍්‍රකාශ කළේ තමන්ගේ ජීවිතය ගැන පවා තැකීමක් නොකරමින් සියල්ලම හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවයි.
වෝනර් මහතා වැඩිදුරටත් කීවේ තමන්ගේ ජන්ම භූමිය වන ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝහි මහ මැතිවරණය සහ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරීන් අතර පවා සම්බන්ධතා ඇති බව තමන්ට කිව හැකි බවයි.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තවත් හිටපු නිලධාරියකු වන චක් බ්ලේසර් මහතා කියා සිටියේ වසර 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ෂත්කාරකත්වය දකුණු අපි‍්‍රකාවට ලබාදීම සඳහා තමන් අල්ලස් ලබාගත් බවයි. 1998 තරගාවලිය සම්බන්ධයෙන් පවා තමන් අල්ලස් වලට ඉඩදුන් බවත් ඇමරිකානු ජාතිකයකු වන චක් බ්ලේසර් මහතා පැවසීය.
මේ අතරවාරයේදී අල්ලා ගැනීමට ඕනෑ කර තිබෙන පුද්ගලයන් හය දෙනකුගේ ලයිස්තුවක් ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල් ආයතනය) විසින් බදාදා නිකුත් කර තිබිණ. එම ලයිස්තුවට ඇතුළත් දෙදෙනකු වන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරීන් ලෙස කටයුතු කළ ජැක් වෝනර් සහ නිකොලස් ලියෝස් දෙදෙනාය. තවත් ආයතන ප‍්‍රධානීන් සිවු දෙනකු එම ලයිස්තුවට ඇතුළත් වන අතර ඔවුන් හය දෙනාම මූල්‍ය විෂමාචාර සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටින 14 දෙනාට ඇතුළත් වෙති.
බ්ලැටර් මහතාගේ ප‍්‍රධාන උපදේශකයෝ් බ්ලැටර් මහතාට එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කරති. එහෙත් 1998 සිටම අන්තර්ජාතික ජාතික පාපන්දු සම්මේලනය දැඩි ඒකාධිපතිත්වයකින් යුතුව පාලනය කළ පුද්ගලයාගේ ඉවත් වීමත් සමඟ වෙනසක් උදෙසා සටන් වැදුණු එංගලන්ත පාපන්දු සංගමයේ සභාපති ග්‍රෙග් ඩයික් ඇතුළු පිරිස් පී‍්‍රතියෙන් උද්දාමයට පත් වූ බවද වාර්තා විය.
දැනට පැන නැඟී ඇති ප‍්‍රශ්නය වනුයේ සෙප් බ්ලැටර් වෙනුවට එම තනතුරට පත්වන්නේ කවුරුන් ද යන්නයි. පොරොන්දු වූ විප්ලවකාරී ප‍්‍රතිසංස්කරණ නියමිත පරිදි සිදුවුවහොත් එසේ සිදුවන්නේ කුමන අනතර්ජාතික පාපන්දු සම්මේලන නිලධාරීන් මණ්ඩලයක් යටතේද යන්න තවත් ගැටළුවකි. එමෙන්ම රුසියාවේ හා කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලි දෙකට සිදුවන්නේ කුමක්ද යන්නත් පාපන්දුවට ඇළුම් කරන බොහෝ දෙනාට ඇති ගැටළුවකි.
විස්මය ජනක ලෙස ඡුන්ද කි‍්‍රයාවලිය වෙනස් නොවුණහොත් ආසියානු සහ අපි‍්‍රකානු රටවල් නැවත වරක් බලය සමග හෙට්ටු කරනු ඇතැයි පාපන්දු ක්ෂේත‍්‍රයේ සැබෑ තතු දන්නෝ කියති. ආසියා හා අපි‍්‍රකා රටවල් අතර යුරෝපා විරෝධී මතයක් ගොඩනැගී ඇති හෙයින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මුල් පුටුවට පත්වන පුද්ගලයා සියලූ පාර්ශව එක හා සමානව පිළිගැනීම තවත් අවශ්‍යතාවක් යයිද ඔව්හු කියති.
යුරෝපීය පාපන්දු සංගම් එකමුතුවේ සහයෝගය ලද නමුත් සෙප් බ්ලැටර් මහතා හා පැවැති නිලවරණයෙන් පරාජයට පත්වූ ජෝර්දානයේ අලි කුමරුන් නැවත පැමිණේවිද යන්න පිළිබඳවත් බොහෝ දෙනා අවධානයෙන් බලා සිටිති.
ඉකුත් වසර 24 කාලය පුරා කළ මුදල් අවභාවිතය, අල්ලස් ගැනීම් හා දුෂණවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ලොව පුරා පුද්ගලයන් 14 දෙනකුට එරෙහිව පරීක්ෂණ කරන බවද ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.