Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner 16 න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට

16 න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට

Dilrukshi - 2015 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්වැනි වරටත් පැවත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම අද (7 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. තරගාවලිය මේ මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා බංග්ලාදේශයේ ෂිලාත් දිස්ති‍්‍රක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දකුණු ආසියාවේ රටවල් 6 ක කණ්ඩායම් සහභාගි වන අතර තරගාවලියේ පළමු වටය කාණ්ඩ දෙකකින් යුතුව පැවැත්වේ.

කාණ්ඩ දෙකේ ශුරයන් සහ අනුශූරයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අතර අවසන් මහ තරගය මේ මස 18 වැනිදා පැවැත්වේ.

ශී‍්‍ර ලංකා 16 න් පහළ පාපන්දු කණ්ඩායම

ඒ.එම් අෆ්රාන් (නායක), මොහොමඞ් මුර්ෂින් (උපනායක), මොහොමඞ්  ෆස්ලාන්, සචින්ත දිල්ශාන්, මොහොමඞ් නවුෂින්, ජයසංඛ පෙරේරා, මාලින් සෙනවිරත්න, ෂෙහාන් යස්මිල, නවීන් නිර්මාල්, රේමන් රෙම්සන් , රාජි කුමාර් ශාන්තන් , මොහොමඞ්  ආකිබ්, මොහොමඞ් අෂාමිල්, යසස් ශ්‍රී  වික‍්‍රමතුංග, විමුක්ති මධුමාල්,  කරන් අවිශ්ක, මොහොමඞ් ශිරාෂ්, මොහොමඞ් සුෆායික් සහ තිෂාන් කාවින්ද

නිලධාරීහු

සුෂිකි චිකාෂි (ප‍්‍රධාන පුහුණුකරු), එන්. එස්. එම්. රෝමී (පුහුණුකරු), එම්. ඒ. එම්.අස්වර්, එස්. එන්. පී. කේ. සිල්වා (හෞතචිකිස්තක), කේ. අරුණ රත්නේ (කළමණාකරු), රොබට් පීරිස් (මෙහෙයුම් ප‍්‍රධානි) සහ බී. ඒ.අබේරත්න (කණ්ඩායම් ප‍්‍රධානී)

 

තරග කාලසටහන
දිනය කණ්ඩායම  කණ්ඩායම  වේලාව 
2015 අගෝ.9 ඉන්දියාව  ශ්‍රී ලංකාව  ප.ව. 4.30
2015 අගෝ.10 නේපාලය  මාලදිවයින  ප.ව. 4.30
2015 අගෝ.11 ශ්‍රී ලංකාව  බංගලාදේශය ප.ව. 4.30
2015 අගෝ.12 මාලදිවයින  ඇෆ්ගනිස්තානය  ප.ව. 4.30
2015 අගෝ.13 බංගලාදේශය  ඉන්දියාව  ප.ව. 4.30
2015 අගෝ.14 ඇෆ්ගනිස්තානය  නේපාලය  ප.ව. 4.30
2015 අගෝ.15 විවේක දිනය 
2015 අගෝ.16 ඒ කාණ්ඩයේ ශූරයෝ  බී කාණ්ඩයේ අනුශූරයෝ  ප.ව. 2.30
2015 අගෝ.16 ඒ කාණ්ඩයේ අනුශූරයෝ  බී කාණ්ඩයේ ශූරයෝ  ප.ව. 5.30
2015 අගෝ.17 විවේක දිනය 
2015 අගෝ.18 අවසන් තරගය  ප.ව. 4.30
තරග පැවැත්වෙන වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙනි. 

 

- 085

 

 


අදහස් (0)

16 න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.