Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner 2020 ආසියානු ශූරතාවලියට අපිත් යනවා - රංජිත්

2020 ආසියානු ශූරතාවලියට අපිත් යනවා - රංජිත්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වසර 2020 දී ආසියානු පාපන්දු ශූරතාවලියට ශී‍්‍ර ලංකාව සහභාගි කිරීම සිය ඉලක්කය බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගෝ මහතා පැවසීය.

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරිම නිමිත්තෙන් බැද්දගාන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවති නිල උත්සවයේදී අදහස් දැක්වූ රුද්‍රිගෝ මහතා පැවසුවේ එය ඉලක්ක කරමින් මෙතැන් සිට දේශීය පාපන්දු සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි.

එම උත්සවයේදී ඔහු මෙසේද පැවසීය.

”වසර 2020 දී ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අප සැලසුම් හදනවා. ජපානය ලෝක පාපන්දු කුසලාන වසර 2050 දී දිනන්න දැන් සැලසුම් සදමින් ඉන්නවා. ඒ වාගේ 2020 ආසියානු ශූරතාවලියට තෝරා ගන්නා රටවල් 16 අතරට ශ්‍රී ලංකාව ගේන්න සැලසුම් හදනවා.” යයිද රංජිත් රුද්‍රිගූ මහතා පැවසීය.

”ආසියාවේ රටවල් 46ක් අතරේ ඉන්න අපිට ඒක අමාරු වැඩක් උනත් ඒකට අපි උත්සහ ගන්නවා. අපේ රටේ තවමත් තිබෙන්නේ ආධුනික පාපන්දු කී‍්‍රඩාවක්. ඒක වෘත්තිය මට්ටමට ගේනකම් පාපන්දුවෙන් ශ්‍රී ලංකාව ලබන මේ පසුබෑම නතර වෙන්නේ නෑ.” යයිද රංජිත් රුද්‍රිගූ මහතා වැඩි දුරටත් පැවසීය.

අපි සාෆ් තරගාවලියේදී මාලදිවයිනට ගෝල 10-0කින් පැරදුණා. ඒකට හේතුව තමයි පාපන්දුවේ අපේ නොදියුණුකම. සාෆ් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහර කී‍්‍රඩකයන් රටේ හොඳම කී‍්‍රඩාංගණය ලෙස සළකා සුගතදාස පිටියේ කවදාවත් පයතබා තිබ්බේ නෑ.

මෙහෙම රටේ පාපන්දු දියුණු කරන්නේ කොහොමද? ඒ නිසා මෙදා එෆ්. ඒ. කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ සිට සියළු තරග සුගතදාස පිටියේ පවත්වලා කී‍්‍රඩකයන්ට අත්දැකීම් ලබා දෙන්න අප කටයුතු කරනවා. වෘත්තිමය පාපන්දු කී‍්‍රඩාවක් මේ රටේ ඇති කරන්න අංග සම්පූර්ණ පාපන්දු ඇකඩමියක් වසර 2014 දී අපි ආරම්භ කරනවා යයිද රුද්‍රිගූ මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (1)

2020 ආසියානු ශූරතාවලියට අපිත් යනවා - රංජිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.