Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවේ ජාතික ක‍්‍රීඩා සංගම් 52 ක් අතුරින් දුෂිතම පරිපාලනය පැවතියේ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීන් බලයේ සිටි සමයේදී බවත්, ශ්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව දියුණු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබුණු ඇතැම් මුදල් හිටපු නිලධාරීන් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බවත් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (28 වැනිදා) පාපන්දු නිවහනේ පැවැති පාපන්දු ලීග් නියෝජිතයන් හමුවේදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් කථා කළ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ගිණුමට අමතරව තවත් ගිණුම් 3 ක් 4 ක් මඟින් මෙම මුදල් ගණුදෙනු කර ඇති අතර මේ දුෂණ අක‍්‍රමිකතා සියල්ල රටේ ජනතාවට හෙළි කළ යුතු බැවින් අදාළ ලිපිගොනු සියලූම පාපන්දු ලීග්වල සභාපතිවරුන්ට යවන ලෙස තමා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද පැවසීය.
”ක‍්‍රීඩා පරිපාලනයේ බොහෝ පිරිස් හිතාගෙන ඉන්නේ ක‍්‍රීඩාව තමන්ගේ බූදලයක් කියලා. අවුරුදු ගණනක් මේ ක‍්‍රීඩාවේ එල්ලිලා ඉන්නේ සැබෑ උරුමකරුවන් විදිහට”
”හිටපු පාපන්දු ලොක්කන් හිතාගෙන හිටියේ පාපන්දු ක‍්‍රීඩාව එයාලගෙ පුද්ගලික බූදලයක් කියලා. ඩොලර් කෝටි ගණනක් මෙරට පාපන්දු ක‍්‍රීඩාව දියුණු කරන්න පසුගිය කාලපරිච්ඡ්දයේ දී ලැබී තිබුණත් එම මුදල්වලින් කළ වැඩ තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා මත කළ වැඩ බවට හඟවමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබුණු මුදල් පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ගිණුමට බාහිරව තම පෞද්ගලික ගිණුම් 3-4 කින් ගණුදෙනු කරමින් විශාල දුෂණයන් සිදුකර තිබෙනවා”
”මේවා වලක්වන්න ක‍්‍රීඩා පනතට නව රෙගුලාසි හඳුන්වාදී ක‍්‍රීඩාව නිවැරදි මාවතකට අවතීර්ණ කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහයන් කඩා කප්පල් කිරීමට ද මේ උරුමකරුවන් කටයුතු කර තිබෙනවා”
”ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුග‍්‍රහය ඇතිව මෙරට ප‍්‍රධාන ක‍්‍රීඩාංගණ කීපයක් පාපන්දු ක‍්‍රීඩාංගණ බවට පත්කරවන වැඩපිළිවෙළක් වත්මන් පාපන්දු සම්මේලනය ක‍්‍රියාත්මක කර තිබෙනවා. කොළඹ හෙන්රි පේදිරිස් කී‍්‍රඩාංගණය, යාපනයේ අරියාලේ පාපන්දු ක‍්‍රීඩාංගණය, මහනුවර දන්ගොල්ල ක‍්‍රීඩාංගණය ලෝක පාපන්දු සම්මේලනයේ අරමුදල් මත සංවර්ධනය වෙනවා” යයිද ඇමතිවරයා පැවසීය.
මෙම කී‍්‍රඩාංගණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,750 ක් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට ලැබී තිබේ.
”පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීන් අවුරුදු ගණනක් පාපන්දුවේ අරක්ගෙන හිටියත් මෙරට පාපන්දු ක‍්‍රීඩා කළේ ලීග් 44 යි. අද එය ලීග් 100 දක්වා නංවන්න නව පරිපාලනය පුළුල් වැඩපිළිවෙළක් හදලා තියෙනවා”
”ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය ඩොලර් කෝටි ගණන් මුදල් ගන්නත් පාපන්දු ලීග් එකකට බෝලයක් දුන්නේ නැහැ. බෝල දහස් ගණනක් දිරාපත් වෙලා තිබුණා. පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පාපන්දු ලීගයකට රු. ලක්‍ෂ 5 ක් බැගින් පිරිනමන්න වැඩපිළිවෙළක් ආරම්භ කර තියෙනවා” යයිද ඇමතිවරයා පැවසීය.
පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් මේ සියල්ල කරමින් ඉදිරියට යනවිට කකුලෙන් අදින්න උත්සාහ කරන පිරිසක් සිටින බවත් මේ වැඩපිළිවෙළ අවුල් කරන්න පාපන්දු ලීග්වල ඉත්තෝ දාගෙන සන්තෝෂම් දෙන්න පුරුදුවෙලා ඉන්න බවත් ඇමතිවරයා පවසා තිබේ. එම පුද්ගලයන් මේ වන විට නීතිඥ මාර්ගයෙන් එන්තරාසි 14 ක් නව පාපන්දු සභාපතිවරයාට එරෙහිව එවා ඇති බවත් ඒවා කරන්නේ පාපන්දුව නඟාසිටුවන්නද බවත් ඇමතිවරයා ප‍්‍රශ්න කරයි.
”මතක තියාගන්න කාගෙවත් පෞද්ගලික උවමනාවට මේ පාපන්දු ක‍්‍රීඩාව වට්ටන්න අපි ඉඩදෙන්න නැහැ” යයිද ඇමතිවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.