Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ගුවන් හමුදාවට 2-1 ක පරාජයක්

ගුවන් හමුදාවට 2-1 ක පරාජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (20 වැනිදා) පැවැති පළමු තරගයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ගෝල 2-1 ක ජයක් ලබාගැනීමට නේපාලයේ මනෑන්ග් මාර්ෂ්යන්ඩි කණ්ඩායම සමත් විය. මෙම තරගය කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සම්පත් පෙරේරා සහ කවිඳු ඉෂාන් එක්ව 6 වැනි විනාඩියේදීම ගෝලයක් ලබාගනිමින් තම පිල ඉදිරියට ගෙන ආවේය. ගෝල ලබාගැනීමේ තවත් අවස්ථා දෙකක්ම ගුවන් හමුදා කී‍්‍රඩකයන්ගෙන් ගිළිහී යාමෙන් හොඳ ප‍්‍රයෝජන ලබාගත් නේපාල කී‍්‍රඩකයෝ 35 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගනිමින් ලකුණු තත්ත්වය සම කළහ.

දෙවැනි අර්ධයේදී නේපාල පිලට ලැබුණු දඩුවම් පහරකින් ප‍්‍රයෝජන ගැනීමට අනිල් කුරුන්ග් සමත් වූව හෙයින් සංචාරක නේපාල කී‍්‍රඩකයෝ 2-1 ක් ලෙසින් ඉදිරියට ගියහ.

තරගයේ පළමු අර්ධයේදී ගුවන් හමුදා කී‍්‍රඩකයන් දෙදෙනකු තුවාල ලබා පිටියෙන් ඉවත් වූ අතර එනිසාම ඉදිරි පෙළ දුර්වල විය. මෙම තත්ත්වය නේපාලයේ මනෑන්ග් මාර්ෂ්යන්ඩි කණ්ඩායම ඉදිරියට යාමට හොඳ අවස්ථාවක් විය.

 


අදහස් (1)

ගුවන් හමුදාවට 2-1 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.