Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ගුවන් හමුදාවට දරුණු පරාජයක්

ගුවන් හමුදාවට දරුණු පරාජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති පාපන්දු තරගයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිල පරාජය කරමින් 5-0 ක දැවැන්ත ජයක් ලබාගැනීමට බංග්ලාදේශයේ ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා සමාගම් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල් 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා කණ්ඩායම විවේකයෙන් අනතුරුව තවත් ගෝල 3 ක් ලබාගත්තේ ගුවන් හමුදා කී‍්‍රඩකයන්ට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි. ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා කණ්ඩායම වෙනුවෙන් පැස්කුවල් මිලන් ගෝල 2 ක් ලබාගත්තේය.

භූතානයේ උග්යන් අකඩමි පිල සහ පාකිස්තානයේ කේ. පී. එල්. පිල අතර ඊයේ පැවැති තවත් තරගයකදී උග්යන් ඇකඩමි පිල පරදවා ගෝල 3-0 ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානයේ කේ. පී. එල්. පිල සමත් විය.

ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ආසියානු රටවල පාපන්දු ලීග් ශූරතා ජයගන්නා කණ්ඩායම් අතරේ මෙම තරගාවලිය පැවැත්වෙයි.

ගුවන් හමුදා පිලේ මීලග තරගය හෙට (11 වැනිදා) පාකිස්තානයේ කේ. පී. එල්. කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ බංග්ලාදේශයේ ෂෙයික් රසල් කිරිරා චක‍්‍රා සමාගම අතර තරගයේ උණුසුම් අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ගුවන් හමුදාවට දරුණු පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.