Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ජනාධිපති කුසලාන පාපන්දු තරග 25 සිට

ජනාධිපති කුසලාන පාපන්දු තරග 25 සිට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලිය මේ මස 25 වැනිදා සිට මාර්තු මස 11 වැනිදා දක්වා කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණයේදී සහ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සඳහා කණ්ඩායම් 24 කට ආරාධනා කර ඇති අතර ඒ අතරින් කණ්ඩායම් 20 ක් මේ වන විට තරගාවලියට සඳහා සිය සහභාගීත්වය තහවුරු කර තිබේ.

කොළඹ ආනන්ද විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ හින්දු විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මල්වාන අල් මුබාරක් මැදි විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල, කොළඹ ලුම්බිණි විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ඉසිපතන විදුහල, ගම්පොල සහිරා විදුහල, කොළඹ නාලන්දා විදුහල, කළුතර මුස්ලිම් මැදි විදුහල, මරදාන සහිරා විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල, මාවනැල්ල බද්‍රිය මැදි විදුහල, කොළඹ ටී. බී. ජයා මහ විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල මේ වන විට සහභාගිත්වය තහවුරු කර ඇති විදුහල් 20 කි.

යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, ත්‍රිකුණාමලය කින්නියා මැදි විදුහල සහ කොළඹ රාජකීය විදුහල තවමත් මෙම තරගාවලියට සහභාගිවනවාද නැද්ද යන්න නිෂ්චිත වශයෙන් ප්‍රකාශ කර නැත.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ජනාධිපති කුසලාන සමගින් පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර අනුශූරතාව සහ තෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම් වලටද කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය.

ඊට අමතරව එක් එක් තරගවල වීරයන් බවට පත්වන ක්‍රීඩකයන්ට, තරගාවලියේ දක්ෂතම දැල රකින්නාට, වැඩිම ගෝල ලබාගන්න ක්‍රීඩකයාට සහ වටිනාම ක්‍රීඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.

 


අදහස් (0)

ජනාධිපති කුසලාන පාපන්දු තරග 25 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.