Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය අවසන් භාගයට එළඹෙමින් තිබියදී කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තියුණු සටනක් ඇතිවී තිබේ. මේ වනවිට තරග 175 ක් නිමාවට පත්ව තිබෙන අතර එහිදී අනුරාධපුරය සොලිඞ් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහන් පෙරමුණේ පසුවේ.
අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අපේක්ෂාවෙන් යුද හමුදාව, බේරුවල සුපර් සන්, කළුතර බ්ලූ ස්ටාර්ස් හා වෙන්නප්පුව නිව් යංග්ස් යන කණ්ඩායම්ද ඉදිරියට පැමිණෙමින් තිබේ. මතභේදයට තුඩුදුන් නිව් යංග්ස් සහ නාවලපිටිය අප්කන්ටි‍්‍ර ලයන්ස් තරගයේ ජය තමන්ට පිරිනැමිය යුතු බව මේවනවිට නිව් යංග්ස් කණ්ඩායම කියා සිටියි.
එම තරගය අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල ගෝල 3x2 කට ජයගත් නමුදු එහි තවත් ක‍්‍රීඩා සමාජයක ලියාපදිංචි වූ ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා කළ බවට ප‍්‍රතිවාදී නිව් යංග්ස් කණ්ඩායම විරෝධතාවයක් ගොනු කර සිටියේය. ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ තරග කමිටුව පරීක්ෂණයක් පැවැත්වුවත් එහි තීරණය පාපන්දු සම්මේලනය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැත.
කණ්ඩායම් 21 ක් තරගවදින මෙවර ශූරයන්ගේ තරගාවලියේ අවසන් වටයට පෙර මූලික වටයේ පැවැත්වීමට නියමිත තරග ගණන 210 කි. මෙහිදී ප‍්‍රසාද ලකුණු සටහනේ මේවනවිට අනුරාධපුර සොලිඞ්, මීගමුව යූත්, කොළඹ හා නාවික හමුදාව යන කණ්ඩායම් සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙමින් අර්ධ අවසන් පූර්ව වටයට අත පොවන මානයට පිවිස සිටිති.
කෙසේ වුවත් අප්කන්ටි‍්‍ර ලයන්ස්, ගුවන් හමුදාව, සෝන්ඩර්ස්, කළුතර පාක්් වැනි ක‍්‍රීඩා සමාජ කීපයක් තරගාවලියේ තවමත් සහභාගිවී සිටින්නේ අඩු තරග ගණනකටය. එහෙත් පොලිස්, තිහාරිය යූත්, සෝන්ඩර්ස් හා කළුතර පාක් මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පහළට වැටී තිබෙන තත්ත්වයක් තුළ එළඹෙන වසරේ ඔවුන් තරගාවලියෙන් හැලී යන තත්ත්වයක්ද පෙන්නුම් කර තිබේ.
ආසන්නතම තරග ප‍්‍රතිඵල
කළුතර බ්ලූ ස්ටාර්ස් පිල විසින් කුරුණෑගල පෙලිකන්ස් පිල පරාජය කරන ලදී. (4-2)
මීගමුව යූත් පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-1)
කොළඹ පිල විසින් නාවික හමුදා පිල පරාජය කරන ලදී (3-2)
සෝන්ඩර්ස් පිල හා පොලිස් පිල අතර තරඟය ජය පැරදුමෙන් තොරයි (1-1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.