Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner නයිජීරියාවත් දෙවැනි වටයට යයි

නයිජීරියාවත් දෙවැනි වටයට යයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු  තරගමාලාවට එක්වූ බොස්නියාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් ගෝල 1-0 ‍ලෙස තරගය ජයගත් නයිජීරියානු ක්‍රීඩකයෝ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. පළමු භාගයේ පීටර් ඔඩෙම්වින්ගිස් රැස් කළ තරගයේ එකම ගෝලය අවසන් කණ්ඩායම් 16 අතරට එක්වීමට නයිජීරියාවට හොඳටෝම ප්‍රමාණවත් විය.

ආජන්ටිනාව ඒ වනවිටත් එෆ්‘ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 16 ට එක්වී සිටි බැවින් මේ තරගය එම කාණ්ඩයෙන් අවසන් 16 ට යාමට නයිජීරියාවට ඉතා වැදගත් තරගයක් විය.

එහෙත් වේලසනින්ම ජයපැන් බීමට නයිජීරියාවට ඉඩ නොදුන් කෝඩුකාර බොස්නියානු ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට දැඩි සටනක් දෙමින් අන්තිම මිනිත්තුව දක්වා තරගය ඇදගෙන ගියහ.

තරගය ආරම්භයේ සිටම අභියෝගාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බොස්නියාව 22 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගනිමින් උද්දාමයට පත්වූවද එය නීතිවිරෝධි ගෝලයක් යයි විනිසුරුවරයා නම් කිරීමෙන් තත්ත්වය තරමක් උණුසුම් වියග ස්වෙජ්ඩන් මිසිමොවික් පිරිනැමූ පන්දුව නයිජීරියානු දැල් රකින්නා වන වින්සන්ට් එන්යීමාට සිතාගැනීමටවත් කාලයක් නොතබා ඒඩ්න් ඩ්සීකෝ විසින් ඉතා සාර්ථකව දැළ තුළට එල්ල කරනු ලැබීය.

එහෙත් ඩ්සීකෝ පන්දුව ලබා ගැනීමේ දීිඕෆ් සයිඩ්‘ කලාපයේ සිටි බවට නිගමනය කළ පැති විනිසුරු කොඩිය එසැවීමෙන් බොස්නියාවේ සිහිනය බිඳ වැටිණි.

අවාසනාවන්තම කරුණ වන්නේ පසුව රූපවාහිනී පුනරූපන මගින් දිස්වූ පරිදි ඩ්සීකෝ පැහැදිලිවමිඔන් සයිඩ්‘ කලාපයේ සිටි බවය.

අනතුරුව 28 වැනි මිනිත්තුවේ දී එමානුයෙල් එමිනීකේ පිරිනැමූ පන්දුවෙන් ඔඩෙම්වින්ගිස් නයිජීරියාවේ තීරණාත්මක ගෝලය ලබාගත්තේයග එක දිගට ලෝක කුසලාන තරග 9 ක් පරාජයට පත්ව සිටි නයිජීරියාවේ ඒ අමිහිරි වාර්තාව මේ ජයග්‍රහණයෙන් මැකී ගියේය.

තරගාමාලාවෙන් ඉවතට ගිය ද බොස්නියාවේ ක්‍රීඩා විලාශය ඉතා සිත්ගන්නා සුලු එකක් වියග විශේෂයෙන් ඩ්සීකෝගේ දස්කම් තරගය පුරා කැපී පෙනිණි.

බොස්නියාවේ පරාජයට අභියෝග කළ ඔහු තරගයේ අවසන් මිනිත්තුවේ දී එක පිට දෙවතාවක් ප්‍රතිවාදී දැල තුලට පන්දුව යොමු කිරීමට උත්සාහ කළ ද නයිජීරියා දැල් රකින්නාගේ දස්කම් මත ඒවා ව්‍යර්ථ විය.

 


අදහස් (0)

නයිජීරියාවත් දෙවැනි වටයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.