Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පෙලිකන්ස්, නාවික හමුදාව, සොලිඞ් ජයගනිති

පෙලිකන්ස්, නාවික හමුදාව, සොලිඞ් ජයගනිති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේ දෙවැනි සති අන්තයේ  පැවැති තරගවලදී ජය ලැබීමට පෙලිකන්ස්, නාවික හමුදා සහ සොලීඞ් කණ්ඩායම් සමත් වූහ.

 

පෙලිකන්ස් විසින් නිගම්බු යූත් පරාජය කරන ලදී (2-1)


මීගමුව දොන් බොස්කෝ ක‍්‍රීඩාංගණයේ පැවැති පෙලිකන්ස් සහ නිගම්බු යූත් අතර තරගයේ පළමු භාගය අවසන් වන විටම ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගත් පෙලිකන්ස් කණ්ඩායම තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තරගය ආරම්භ වී තුන්වැනි මිනිත්තුවේදිම පෙලිකන්ස් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට එන්. ඒකනායක සමත් වූ අතර අනතුරුව 45 වැනි මිනිත්තුවේදී ක‍්‍රියාත්මක වූ ටී. ගයිගර් දෙවැනි ගෝලය පෙලිකන්ස් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තේය. නිගම්බූ යූත් කණ්ඩායම වෙනුවෙන් වාර්තාවූ එකම ගෝලය තරගයේ 53 වැනි මිනිත්තුවේ එච්.පෙරේරා විසින් වාර්තා කරන ලදී.


නාවික හමුදාව විසින් දොන් බොස්කෝ පරාජය කරන ලදී (5-0)

දොන් බොස්කෝ කණ්ඩායම සිය සත්කාරක ක‍්‍රීඩාංගණයේදීම ගෝල 5-0 ක් ලෙස දරුණු පරාජයකට ලක් කිරිමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. තරගයේ පළමු භාගය නිමා වන විටම ගෝල තුනක් ලබා ගනිමින් ප‍්‍රබල අභියෝගයක් දොන් බොස්කෝ කණ්ඩායමට එල්ල කිරීමට නාවිකයෝ සමත් විය.

නාවික හමුදාව වෙනුවෙන්  පී.සී. පෙරේරා 15 වැනි මිනිත්තුවේදීත්, එම්.සී. චමීර 21 වැනි මිනිත්තුවේදීත්, ඒ.ටී. එරංග 34 වැනි මිනිත්තුවේදීත්,  ඒ.සී. සංජීව 78 වැනි සහ 83 වැනි මිනිත්තුවලදීත් ගෝල වාර්තා කිරීමට සමත් වූහ.


සොලීඞ් පිල විසින්  නන්දමිත‍්‍ර පිල පරාජය කරන ලදී (2-1)

කැලණිය පාපන්දු ක‍්‍රීඩාංගණයේ පැවැති සොලීඞ් සහ නන්දමිත‍්‍ර අතර තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට සොලීඞ් කණ්ඩායම සමත් වු අතර තරගයේ පළමු භාගයේ 11 වැනි මිනිත්තුවේදී සෝලීඞ් කණ්ඩායමට පළමු ගෝලය ලබාදීමට අෆීස් ඔලයාමි සමත් විය.

48 වැනි මිනිත්තුවේදී නන්දමිත‍්‍ර කණ්ඩායම වෙනුවෙන්  ක‍්‍රීඩා කරන විදෙස් ක‍්‍රීඩක ටොන් ටෝනී ගෝලයක් වාර්තා කරමින් තරගය 1-1 ක් ලෙස සම කළද 72 වැනි මිනිත්තුවේදී අමිත් කුමාර ලබාගත් ගෝලයත් සමග සොලීඞ් කණ්ඩායමේ ජය තහවුරු විය.


තිහාරිය සහ මාතර තරගය සමවෙයි (2-2)

ගම්පහ ශ‍්‍රීමත් බෝධි ක‍්‍රීඩාංගණයේ පැවැති තිහාරිය සහ මාතර අතර තරගයේ පළමු භාගයේදී ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට තිහාරිය කණ්ඩායම සමත් වුවද දෙවැනි භාගයේදී මාතර කණ්ඩායම ගෝල දෙකක් ලබා ගනිද්දී තිහාරිය විසින් එක් ගෝලයක් පමණක් වාර්තා කිරීමත් සමග තරග ගෝල 2-2 ක් ලෙස සමව අවසන්විය.

තිහාරිය කණ්ඩායම වෙනුවෙන් 4 වැනි මිනිත්තුවේදී එම්. ඉසාම් පළමු ගෝලය වාර්තා කළ අතර අනතුරුව දෙවැනි ගෝලය 81 වැනි මිනිත්තුවේදී එම්. රාජේෂ්වරම් විසින් වාර්තා කරන ලදී. මාතර කණ්ඩායම වෙනුවෙන් 51 වැනි මිනිත්තුවේදී සහ 66 වැනි මිනිත්තුවේදී පිළිවෙලින් එන්. සසිරප්ප‍්‍රිය සහ එම්. රාජේෂ්වරම් ගෝල වාර්තා කිරීමට සමත් වූහ.


අදහස් (1)

පෙලිකන්ස්, නාවික හමුදාව, සොලිඞ් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.