Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි පාපන්දු සංගමයෙන් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට පරිත්‍යාගයක් ලෙසින් ලැබුුණු යුරෝ 40,400 ක් හෙවත් රුපියල් මිලියන 6 කට ආසන්න මුදලට සිදුවූයේ කුමක්ද යන්න සෙවීමට ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සියලූම උත්සාහයන් ගන්නා බව පාපන්දු සමමේලනයේ සභාපති රංජත් රුද්රිගූ මහතා පවසයි.
වසර හයකට පෙරදී ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවේ උනන්තිය වෙනුවෙන් ලැබුණු මෙම මුදල පිළිබඳ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් කමිටුවද නොදන්නා නමුත් පාපන්දු කී‍්‍රඩාවට ලැබෙන මුදල් පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගැනීම පිළිබඳව මීට වඩා සොයාබැලිය යුතු බවත් පාපන්දු සම්මේලන සභාපතිවරයා ඊයේ ලංකාදීපට පැවසීය.
”මේ මුදලට සිදුවූයේ කුමක්ද කියා මේ වන විටත් අප සොයමින් සිටින්නේ. ඊට සම්බන්ධ ඇතැම් බැංකු ලියකියවිලිවල පිටපත් පවා අපට ලැබී තිබෙනවා”
”එම ලියවිලිවලින් ලැබෙන සාක්ෂි අනුව මෙම මුදල් කිසියම් අයකුගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැරවී තිබෙන බව අපට වටහාගත හැකියි” යයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරට කළ විමසීමකදී රංජිත් රුද්රිගු මහතා පැවසීය.
මූල්‍ය ගණුදෙනු සම්බන්ධ වාර්තාවලින් දැක්වෙන්නේ මෙම අදාළ මුදල ස්ටෑන්ඩඞ් චාටර්ඞ් බැංකුවේ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට අයත් ගිණුම් අංක 021190989-01 දරණ ගිණුමට වසර 2008 ජනවාරි මස 11 වැනිදා බැරකර ඇති බවයි. පසුව එය ඇමරිකානු ඩොලර් වලට මාරු කර තිබෙන අතර එවකට පැවැති විනිමය අනුපාත අනුව, එදා ඩොලර් 56,681 ක මුදලේ ශ‍්‍රී ලංකාවේ වටිනාකම රුපියල් 6,287,669 ක් වූ බව වාර්තාවේ.
අනතුරුව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ උපදෙස් මත, මෙම මුදල හැටන් නැෂනල් බැංකුවේ කළුතර ශාඛාවටද මාරුකර යවා තිබේ.
”ශී‍්‍ර ලංකා පාපන්දු සම්මෙලනයේ එවකට සිටි ප‍්‍රධාන විධායක නිලධාරියා විසින් දෙන ලද ලිපියකින් කියැවෙන විදිහට මෙම මුදල් කළුතර පාපන්දු ලීගයට අයත් අංක 1110024198 දරණ ගිණුමට බැර කරලා තියෙනවා. ඒත් අපට දැනගන්නට තියෙන විදිහට මේ මුදල් බැර කරලා තියෙන්නේ වෙනත් බැංකුවක තිබෙන පෞද්ගලික ගිණුමකටයි”
”ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ ලිපි ශීර්ෂයක් යොදාගනිමන් පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලිඛිතව උපදෙස් දී ඇත්තේ කළුතර පාපන්දු සංකීර්ණයේ ප‍්‍රතිසංවර්ධන කටයුතු සඳහා මෙම මුදල වෙන්කර ඇති බවයි.
ඒත් ඇත්තවශයෙන්ම වෙලා තියෙන්නේ දවස් කිහිපයක් ඇතුළත මේ මුදල් වාෂ්ප වෙලාගිය එක මිසක් වෙනත් දෙයක් නෙමෙයි” යයි රංජිත් රුද්රිගූ මහතා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබිණ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේදී රංජිත් රුද්රිගු මහතා පවසා සිටියේ, කොළඹ කොටුවේ පිහිටි බැංකුවක කළමණාකරු වෙත පාපන්දු සම්මේලනයේ එවකට සිටි ප‍්‍රධාන විධායක නිලධාරියා විසින් යොමු කරන ලද්දේ යැයි කියන, 2008 ජනවාරි 14 දාතමින් යුත් ලිපිය පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් නොමග යැවීමට සකස් කරන ලද ව්‍යාජ ලිපියක් බවයි.
”නිලධාරීන් කිහිප දෙනකුට එම ලිපියේ පිටපත් යැවූ නමුත් අදාළ ලිපිය කිසිදිනෙක බැංකුවට යැව්වේ නෑ”
”අපි උත්සාහ කරන්නේ මේ ගනුදෙනු වැලේ මුල හොයාගන්නයි. එතකොට මේ සල්ලි වලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්” යයිද පාපන්දු සම්මේලන සභාපතිවරයා පැවසීය.
මේ මුදල් අවසානයේදී ගිහින් නතර වෙලා තියෙන්නේ කිනම් බැංකුවේද යන්න පාපන්දු සම්මේලනය දැනටමත් දන්නා බවත් එය පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවත් පවසන පාපන්දු සම්මේලන සභාපතිවරයා පාපන්දු සම්මේලනයේ මීලග විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට සූදානම් බවත් ලංකාදීපට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.