Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන පළමු පෙළ ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ යුද හමුදාව සහ කුරුණෑගල පෙලිකන්ස් අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් ගෝල 8-0 ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.
මෙම තරගය නැරඹීම සඳහා ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ වෙළෙඳ උපදේශක ජෙෆ් විල්සන් සහ ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු නිකලෝ කවසෝෂික් යන මහත්වරුද පැමිණ සිටීම විශේෂත්වයකි.
ජයග‍්‍රාහී යුද හමුදා පිල තරගයේ පළමු භාගයේදී ගෝල හතරක් සහ දෙවැනි භාගයේදී ගෝල හතරක් බැගින් ලබා ගනිමින් මෙවර තරගාවලියේදී ඔවුන් ලද දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත් විය. යුද හමුදාව ලබාගත් ගෝල අටෙන් හතරක්ම එම්. එන්. එම්. ඉසඞීන් වාර්තා කිරීම තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.
යුද හමුදාව වෙනුවෙන් 8 වැනි මිනිත්තුවේදී සහ 26 වැනි මිනිත්තුවේදී එම්.එන්.එම්. ඉසඞීන් ගෝල දෙකක් වාර්තා කළ අතර 22 වැනි මිනිත්තුවේදී නදීක පුෂ්පකුමාර සහ 29 වැනි මිනිත්තුවේදී එච්.එම්.ඞී. සිල්වා ගෝල වාර්තා කරමින් පළමු භාගය අවසන් වන විට 4-0 ක් ලෙස යුද යහමුදාව පෙරමුණට රැගෙන යෑමට සමත් වුහ.
තරගයේ දෙවැනි භාගයේ 55 වැනි මිනිත්තුවේදී, 62 වැනි මිනිත්තුවේදි සහ 69 වැනි මිනිත්තුවේදී පිළිවෙලින් එම්. එන්. එම්. ඉසඞීන්, පී. ටී. සේනානායක, එම්. එන්. එම්. ඉසඞීන් ගෝල වාර්තා කරමින් යුද හමුදාවට විශිෂ්ට ජයක් ලබාදීමට දායක වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.