Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේදී ආරම්භ වූ බංගා බන්දු ”රන්” කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඊයේ (31) සහභාගි වූ පළමු තරගයේදීම මලයාසියානු පිල හමුවේ ගෝල 2x0 ක පරාජයක් ලැබීය. ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය වූයේ මැලේසියාවේ වයස 23 න් පහළ කණ්ඩායම හමුවේදීය යන්න සත්‍ය තත්ත්වය බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරියෙක් අද (1 වැනිදා) පෙරවරුවේදී කෙළිමඩලට පැවසීය.
බංග්ලාදේශයේ සිලාත් නුවරදී ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර තරගය සෙනසුරාදා (31 වැනිදා) පැවැත්විණ.
”කොහොම වුණත් අපේ කණ්ඩායමේත් ඉන්න කී‍්‍රඩකයන් වැඩි දෙනෙක් තරුණයෝ. අපෙත් යන්නේ දීර්ඝ කාලීන සැලැස්මක්” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ශී‍්‍ර ලංකා සංචිතයේ 12 දෙනෙක්ම වයස 23 න් පහළ කී‍්‍රඩකයෝ වෙති.
තරගාවලියේ සත්කාරක කණ්ඩායම වන බංග්ලාදේශයට ශී‍්‍ර ලංකා පිල හෙට (2 වැනිදා) තරග වදී. මෙම තරගය ජයගත හැකි නම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට තිබෙන බවත් එම නිලධාරියා පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමත්, මැලේසියාව සහ බංග්ලාදේශයත් මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරගවදින අතර ‘බී‘ කාණ්ඩයෙන් බහරේන්, සිංගප්පූරුව හා තායිලන්තය තරග වදිති.
මූලික වටයේ කාණ්ඩ දෙකේ ඉහළම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර, ලබන බ‍්‍රහස්ප‍්‍රතින්දා (5) ආරම්භ වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති. අවසන් මහා තරගය මෙම 8 වැනිදා ඩකා නුවර ”බංගා බන්දු” පිටියේදී පැවැත්වේ.
කී‍්‍රඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස 24 හැවිරිදි කී‍්‍රඩකයකු වන නාවික හමුදාවේ සී. සංජීව කටයුතු කරයි. ආරක්ෂක පෙළ කී‍්‍රඩකයන් හය දෙනකුගෙන්ද මැද පෙළ කී‍්‍රඩකයන් 10 දෙනකුගෙන්ද ඉදිරිපෙළ කී‍්‍රඩකයන් සිවු දෙනකුගෙන්ද හා ගෝල් රකින්නන් තිදෙනකුගෙන්ද ශ්‍රී ලංකා සංචිතය සමන්විතය.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම, මෙම වසරේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියට (2018) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට හා ආසියානු සම්මේලන වයස 23 න් පහළ තරගාවලියේ (2016) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගිවීමට නියමිතය.
එම තරග වට මාර්තුවේදී පැවැත්වෙන අතර වයස 23 න් පහළ ආසියානු පාපන්දු සම්මේලන (2016) තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ.
ඊට පෙරහුරුවක් ලෙස බංගබන්දු රන් කුසලාන තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි වෙයි. ශ්‍රී ලංකාව ඉදිරි අන්තර් ජාතික පාපන්දු තරගමාලා සඳහා සූදානම් කිරීමක් ලෙස මෙම වසරේ පටන් ජාතික කණ්ඩායම් ක‍්‍රීඩකයන්ට රුපියල් 35,000 බැගින්ද, වයස 23 න් පහළ කණ්ඩායම් කී‍්‍රඩකයන්ට රුපියල් 25,000 ක් බැගින්ද ප‍්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.