Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශූරයන්ගෙත් ශූරයෝ යුද හමුදාවෙන්

ශූරයන්ගෙත් ශූරයෝ යුද හමුදාවෙන්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


යාපනය දොරේඅප්පා ක‍්‍රීඩාංගණාය්දී ඊයේ (01) පැවැති ශූරයන්ගෙත් ශූරයා තේරීමේ පාපන්දු තරගයේ ජය යුද හමුදා කණ්ඩායමට හිමිවිය. 10,000 කට අධික ජනකායක් නැරඹූ මෙම තරගයේදී එෆ්. ඒ. කුසලාන ශූරයන් වන යුද හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම දඬුවම් පහර 5-4 කින් පරාජය කරන ලදි.

පරාජයට පත්වූ ගුවන් හමුදා කණ්ඩායම පසුගියදා පැවැති ශූරයන්ගේ ලීග් පාන්දු තරගාවලියේ ජයග‍්‍රාහි කණ්ඩායමද වේ.

ශූරයන්ගෙත් ශූරයා තේරීමේ තරගයේදී දෙපිලෙන් ප‍්‍රබල දස්කම් මතු නොවුණත් තරගය නිලකුණු තත්ත්වයක් තුළ අවසන් වීම නිසා එහි විසඳුම දඬුවම් පහර මගින් තීරණය කෙරුණි. මෙම තරගයේ කැපී පෙනුණු සිදුවීම වූයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයට රැස්වූ යාපනයේ ජනතාව තරගයට සහභාගිවූ යුද හමුදාව සහ ගුවන් හමුදාව යන කණ්ඩායම් දෙකටම දැක්වූ ඉහළම සහයෝගයයි.

‘ක‍්‍රීඩාව තුළින් ජාතික සමගිය’ ගොඩනැගිය හැකි බවට මෙම තරගය හො`දම සාක්‍ෂියක් විය.

යුද හමුදා කණ්ඩායම අතින් පරාජයට පත්වූ ගුවන් කණ්ඩායම එළඹෙන ආසියානු ක‍්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින කණ්ඩායමයි.

මෙම තරගයට සමගාමීව පැවැති යාපනය ලීග පාපන්දු අවසන් මහ තරගයේ ජය යාපනය සිගින්ෆිෂ් කාණ්ඩායම හිමිකර ගත්තේය. එහිදී යාපනය ශාන්ත අන්තෝනි කණ්ඩායම දඬුවම් පහර 4-3 ක් ලෙසින් පරාජයට පත්විය.

මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතා සහභාගි විය. උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්, යුද හමුදා පාපන්දු සංගමයේ සභාපති ධම්මික කාරියවසම්, කාගිල්ස් ෆුඞ්සිටි ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමණාකරු සැමුවෙල් නේෂකුමාර සහ යාපනය පාපන්දු ලීගයේ සභාපති ඒ ඇන්තනීපිල්ලේ යන මේ අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

යාපනය ලීග් ශූරතාව දිනාගත් සිගින්ෆිෂ් කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රොද්‍රිගු සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අතින් කුසලාන ලබාගත් අවස්ථාව. යාපනය පාපන්දු ලීගයේ සභාපති ඒ ඇන්තනීපිල්ලේ මහතා ඡයාරූපයේ සිටියි.

 


අදහස් (0)

ශූරයන්ගෙත් ශූරයෝ යුද හමුදාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.