Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ආසියාටා සමාගමේ වෙළෙඳ නාම ප‍්‍රධානී හර්ෂණ සමරනායක මහතා විසින් පාපන්දු සම්මේලනයේ සභාපති රංජත් රොද්‍රිගු මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කරන ලද අවස්ථාව.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය 10 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම වාර්ෂික පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග් චැම්පියන්ස් ලීග් 2014’ පාපන්දු තරගාවලිය සෙනසුරාදා (26) ආරම්භ වේ.
තරගාවලියේ ශූරයන්ට රුපියල් 750,000 ක්, අනු ශූරයන්ට රුපියල් 500,000 ක්, තෙවැනි ස්ථානයට රුපියල් 150,000 ක් සහ සිවුවැනි ස්ථානයට රුපියල් 100,000 ක් මුදල් ත්‍යාග පිරිනැමේ. මෙම ත්‍යාගවලට අමතරව දක්‍ෂතම දැළ රකින්නා, දක්‍ෂතම ක‍්‍රීඩකයා ඇතුළු විශේෂ සම්මාන තුනක් පිරිනැමීමට නියමිතය.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම කණ්ඩායම් 21 ක් සහභාගි වන අතර තරග 210 කින් යුත් තරගාවලිය දිවයින පුරා ක‍්‍රීඩාංගණ 15 කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු කණ්ඩායමක් වන රත්නම් කණ්ඩායම මුල්‍යමය ප‍්‍රශ්නයක් හේතුවෙන් ඉවත් වූ බව පාපන්දු සම්මේලනය පවසයි.
කණ්ඩායමක් තරග 20 කට සහභාගි වන අතර එහිදී වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවේ.
මෙවර පළමු කොටසේ අවසන් මහ තරගයට පැමිණි ‘තිහාරිය යූත්’ සහ ගම්පොළ ‘ක‍්‍රිස්ටල් පැලස්’ යන කණ්ඩායම නව කණ්ඩායම් ලෙස තරගාවලියට ඇතුළත්ව තිබේ. ඇතැම් ක‍්‍රීඩා සමාජ විදේශිය පුහුණුකරුවන්ගේ සේවය ලබාගෙන ඇති අතර බොහෝ ක‍්‍රීඩා සමාජවලට විදේශිය ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මෙවර තරගාවලියෙන් කණ්ඩායම් හතරක් පහත හෙළන බවත් ලබන වසරේ කණ්ඩායම් 20 ක් පමණක් ක‍්‍රීඩා කරන බවත් එහිදී ක‍්‍රීඩකයන්ට වැඩි තරග සංඛ්‍යාවකට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙමින් සත්කාරක සහ ආරාධිත ලෙස කණ්ඩායම් දෙකක් අතර තරග දෙකක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතා පැවසීය.
‘‘මෙම තරගාවලියෙන් පසුව පළමු කණ්ඩායම් අට සහභාගි වන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියක් පවත්වනවා. ඒ තරගාවලියේදී ශූරයන් තේරීමට අවසන් මහ තරගයක් පවත්වනවා’’ යැයි ද සබාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
තරගාවලියට සහභාගි වන නව කණ්ඩායම් දෙක සහ ආරක්‍ෂක අංශ කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් 14 ට පාපන්දු සම්මේලනය රුපියල් ලක්‍ෂ 5 බැගින් ප‍්‍රදානය කරන අතර තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ඉන් රුපියල් 250,000 බැගින් ක‍්‍රීඩා සමාජවලට ලබා දුන්නේය.
තරගාවලිය ආරම්භ කරමින් සෙනසුරාදා (26) තරග තුනක් පැවැත්වේ. අප් කන්ත‍්‍රි ලයන්ස් පිල සහ පොලිස් පිල අතර තරගය නාවලපිටියේදී ද, ජාවා ලේන් පිල සහ තිහාරිය යූත් පිල අතර තරගය සිටි පාපන්දු පිටියේදී ද, සොලිඞ් පිල සහ තිහාරිය යූත් පිල අතර තරගය අනුරාධපුර බන්ධනාගාර පිටියේදී ද, පැවැත්වීමට නියමිතය.
ඡායාරූපය - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.