Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සහිරා සුපර් සෙවන්ස්’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මරදාන සහිරා විදුහල සමත්විය. මෙය ඔවුන් පිට පිටම මෙම තරගාවලියේ ශූරතාව දිනූ තෙවැනි අවස්ථාවයි.
අවසන් මහා තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ගෝල 1-0 ක් ලෙස පරාජය කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීහ. එම තරගයේ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කිරීමට සහිරා විදුහලේ අහමඞ් ශකීර් සමත්විය.
අවසන් පූර්ව වටයේදී ගෝල 1-0 ක් ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත බෙනඩික් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර 1-0 ක් ලෙස කොළඹ ලූම්බිණි විදුහල පරාජය කරමිනි.
ඒ අනුව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් දඩුවම් පහර 2-1 ක් ලෙස ජය ගැනීමට කොළඹ ලූම්බිණි විදුහල සමත්විය.
දඩුවම් පහර 2-1 ක් ලෙස නාලන්දා විදුහල පරාජය කළ මාරිස්ටෙලා විදුහල් කී‍්‍රඩකයෝ තරගාවලියේ පළඟ ශූරතාව දිනාගත්හ.
ගෝල 3-1 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහල තරගාවලියේ බඳුන ශූරතාව දිනාගත් අතර දඩුවම් පහර 2-1 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කළ මාවනැල්ල සහිරා විදුහල තරගාවලියේ පළිහ ශූතරතාව දිනාගත්තේය.
මරදාන සහිරා විදුහලේ ආදි ශිෂ්‍ය නායක සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 16 ක් සහභාගී වූහ.
තරග ප‍්‍රතිඵල
කුසලාන ශූරතාව
මරදාන සහිරා විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරන ලදි.
පළඟ ශූරතාව
මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් දඩුවම් පහර 2-1 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.
බඳුන ශූරතාව
කොළඹ රාජකීය විදුහල විසින් ගෝල 3-1 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරන ලදි.
පළිහ ශූරතාව
මාවනැල්ල සහිරා විදුහල විසින් දඩුවම් පහර 2-1 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරන ලදි.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.