Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේ 19 වැනි සති අන්තයේ පැවැති තරග අතුරින් දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපර් සන් ක‍්‍රීඩා සමාජය සමත් විය.
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැති තරගයේදී බ්ලූස්ටාර් කණ්ඩායමට එරෙහිව ගෝල 6-0 ක් වශයෙන් ජය ගනිමින් මෙම ජය වාර්තා කිරීමට සුපර් සන් ක‍්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ පළමු භාගය අවසන් වන විටම ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සුපර් සන් කණ්ඩායම හැකිවිය.
සුපර් සන් කණ්ඩායමේ පෙරපෙළ ක‍්‍රීඩක ඊ.බී. චන්න තරගයේ 41, 56 සහ 71 වැනි මිනිත්තුවලදී ගෝල ත‍්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය. මීට අමතරව ජී. ඞී. විල්සන් ගෝල දෙකක් ද (51 සහ 87 වැනි මිනිත්තුවලදී) නුවන් ප‍්‍රියංකර එක් ගෝලයක් වශයෙන් ලබාගත්හ.
සති අන්තයේ පැවැති සෙසු තරග ප‍්‍රතිඵල
නිව් යංග්ස් ක‍්‍රීඩා සමාජය විසින් තිහාරිය යූත් පරාජය කරන ලදී (1-0)
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැති තිහාරිය යූත් සහ නිව් යංග්ස් අතර තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලැබීමට නිව් යංග්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගයේ ජයග‍්‍රාහී ගෝලය තරගයේ 31 වැනි මිනිත්තුවේදී නිව් යංග්ස් කණ්ඩායමේ ඒ.ආර්.එම්. මුෂිකන් විසින් වාර්තා කරන ලදී.
ජාවාලේන් ක‍්‍රීඩා සමාජය විසින් ක‍්‍රිස්ටල් පැලස් පරාජය කරන ලදී (3-2)
ජයතිලක ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රිස්ටල් පැලස් සහ ජාවා ලේන් අතර තරගයෙන් ගෝල 3-2 ක තියුණු ජයක් ලැබීමට ජාවා ලේන් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමු භාගය 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ක‍්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමත් වුවද දෙවැනි භාගයේ 68 වැනි මිනිත්තුවේදී සහ 85 වැනි මිනිත්තුවේදී එම්. රික්ෂාන් ලබාගත් ගෝල ද්විත්වයත් සමග ජාවාලේන් කණ්ඩායම ජය ලැබීය.
කොළඹ පාපන්දු කණ්ඩායම විසින් දොන් බොස්කෝ පිල පරාජය කරන ලදී (2-0)
දොන් බොස්කෝ ක‍්‍රීඩාංගණයේදී දොන් බොස්කෝ කණ්ඩායම පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමු භාගයේදී දෙපිළටම ගෝල ලබාගැනීමට නොහැකි වූඅතර දෙවැනි භාගයේදී කේ. ඒ. ඞී. සම්පත් සහ ටී. එස්. ඞී. දිමිත‍්‍රි ගෝල ලබාගත්හ.
සොලීඞ් විසින් යුද හමුදාව පරාජය කරන ලදී (3-1)
කැලණිය පාපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති තරගයකදී ශ‍්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ගෝල 3-1 ක ජයක් වාර්තා කිරීමට සොලීඞ් කණ්ඩායම සමත් විය. සොලීඞ් කණ්ඩායම වෙනුවෙන් ඒ. ඕ. සෝලා, වයි. සිදුෂන්, ඕ.ඒ. ඔලයාමි ගෝල වාර්තා කළ අතර ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් සජිත් කුමාර ගෝලයක් වාර්තා කළේය.
රිනවුන් විසින් පෙලිකන්ස් පරාජය කරන ලදී (5-3)
ශාන්ත අන්තෝනි ක‍්‍රීඩාංගණයේදී පෙලිකන්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 5-3 ක ජයක් වාර්තා කිරීමට රිනවුන් කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී රිනවුන් කණ්ඩායමේ සී.එම්. රිෆ්නාස් සහ එම්. ෆසාල් ගෝල දෙක බැගින් වාර්තා කළ අතර ජේ.ටී. ලක්මාල් එක් ගෝලයක් වාර්තා කළේය. පාරාජිත පෙලිකන්ස් කණ්ඩායම වෙනුවෙන් ඞී. විකි ගෝල ද්විත්වයක් සහ ඒ.එම්.ඞී.එන්. ඒකනායක ගෝලයක් වාර්තා කළේය.
නිගම්බු යූත් සහ නාවික හමුදාව අතර තරගය සමවෙයි (1-1)
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැති නිගම්බූ යූත් සහ නාවික හමුදාව අතර තරගයේ පළමු භාගයේ දෙපිලම ගෝලය බැගින් ලබා ගත්තද දෙවැනි භාගයේදී කිසිදු ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකට නොහැකිවීම නිසා තරගය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්විය.
තරගයේ 10 වැනි මිනිත්තුවේදී නාවික හමුදාවේ සී. චාමර ගෝලයක් ලබා ගත් අතර 45 වැනි මිනිත්තුවේදී නිගම්බු යූත් කණ්ඩායමේ ඒ.කේ. සිල්වා ගෝලයක් ලබා වාර්තා කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.