Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් ‘චැම්පියන්ස් ලීග්’ පළමු පෙළ පාපන්දු තරගාවලියේ තෙවැනි සති අන්තයේ පැවැති තරගවලදී බ්ලූස්ටාර්, අප්කන්ටි‍්‍ර ලයන්ස්, කොළඹ එෆ්.සී. සොලිඞ්, නන්දමිත‍්‍ර, නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. එහිදී විශාලතම ජයග‍්‍රහණය ලබාගත්තේ අනුරාධපුරයේදී සුපර් සන් පිල පරාජය කරමින් ගෝල 5-1 ක ජයක් ලබාගත් සොලිඞ් කණ්ඩායමයි.
සොලිඞ් පිලට 5- 1ක ජයක්
අනුරාධපුර බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සුපර් සන් කණ්ඩායමට එරෙහිව ගෝල 5-1 ක දැවැන්ත ජයක් ලැබීමට සොලිඞ් කණ්ඩායම සමත් විය. සෝලීඞ් කණ්ඩායම වෙනුවෙන් ඒ. ඕ. සොහොලා ගෝල ත‍්‍රිත්වයක් (53,67 සහ 70 වැනි මිනිත්තුවලදී) වාර්තා කළ අතර ඒ. ඔලගනි (40 මිනිත්තුවේදී) සහ ටී.ඞී. විජේතුංග (55) එක් ගෝලය බැගින් වාර්තා කිරීට සමත් වූහ. සුපර් සන් වෙනුවෙන් වාර්තා වු එකම ගෝලය 33 වැනි මිනිත්තුවේදී එච්.එම්. ෆරහාන් විසින් වාර්තා කරන ලදී.
බ්ලූස්ටාර්ට ගෝල 1-0 ජයක්
කලූතර ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණයේ පැවැති නිගම්බු යූත් සහ බ්ලූස්ටාර් අතර තරගයෙන් ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට බ්ලූස්ටාර් පිල සමත් විය. බ්ලූස්ටාර් කණ්ඩායම වෙනුවෙන් වාර්තාවූ ගෝලය තරගයේ 39 වැනි මිනිත්තුවේදී බී. අමීර් විසින් වාර්තා කරන ලදී.
අප්කන්ටි‍්‍ර ලයන්ස්ට ගෝල 3-2 ජයක්
නිව් යංග්ස් සහ අප්කන්ටි‍්‍ර ලයන්ස් අතර වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් පීරිස් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු භාගය දෙපිළම ගෝල 1-1 ක් ලෙස කරට කර තරගයක නියැලූණි. එහිදී පළමු ගෝලය තරගයේ 4 වැනි මින්තුවේදි අප් කන්ටි‍්‍ර කණ්ඩායමේ චතුර ගුණරත්න විසින් වාර්තා කළ අතර අනතුරුව හත් වැනි මිනිත්තුවේදී එස්.ආර්. ප‍්‍රදීප් ගෝලයක් වාර්තා කරමින් නිව් යංග්ස් කණ්ඩායම 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සමත් විය.
තරගයේ දෙවැනි භාගයේ අපකන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායමේ පී. මාර්ටින් 64 සහ 76 වැනි මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමග නිව් යංග්ස් කණ්ඩායම 3-2 ක පරාජයක් ලැබීය. දෙවැනි භාගයේදී නිව් යංග්ස් වෙනුවෙන් ලක්‍ෂාන් පෙරේරා 47 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත්තේය.
ජාවා ලේන් - කලූතර තරගය සම වෙයි
ජාවා ලේන් සහ කලූතර පාර්ක් අතර කොළඹ පාපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති තරගයේ පළමු භාගයේ 24 වැනි මිනිත්තුවේදී ආර්.ඩබ්ලිව්. සිල්වා ලබාගත් ගෝලයත් සමග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට කලූතර පාර්ක් කණ්ඩායම සමත් විය. එහෙත් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී ජාවා ලේන් පිලේ එන්.ටී. ෆාහිම් ලබාගත් ගෝලයත් සමග තරග ගෝල 1-1 ක් ලෙස සමව අවසන් විය.
පොලිසිය - මාතර තරගය සම වෙයි
මාතර සහ පොලිසිය අතර කොළඹ පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් විය. මෙම තරගයේ පළමු භාගයේදී දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. එහෙත් දෙවැනි භාගයේ 67 වැනි මිනිත්තුවේදී පොලිසිය වෙනුවෙන් වී.අයි. ඔරේරා ගෝලයක් වාර්තා කළ අතර තරගයේ 90 වැනි මිනිත්තුවේදී මාතර කණ්ඩායමේ ඒ.ඒ. රනිෂ් වාර්තා කළ ගෝලයත් සමග තරග විසඳුමකින් තොරව නිමා විය.
කොළඹ පාපන්දු සමාජයට 4-0 ක ජයක්
සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැති කොළඹ පාපන්දු සමාජය සහ තිහාරිය යුත් අතර තරගයේදී ගෝල 4-0 ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් සී. සැම්සන් (4 වැනි මිනිත්තුවේදී), බී. දිමිත‍්‍රි (44 වැනි මිනිත්තුවේදී), ඞී. කුමාර (51 වැනි මිනිත්තුවේදී) සහ ආර්. මොහිදීන් (82 වැනි මිනිත්තුවේදී) ගෝල ලබාගත්හ.
නන්දිමිත‍්‍ර පිලට ගෝල 2-1 ක ජයක්
කැලණිය පාපන්දු ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී නන්දමිත‍්‍ර කණ්ඩායම විසින් ගෝල 2x-1 කින් රිනවුන් පරාජය කරන ලදී. ජයග‍්‍රාහී නන්දමිත‍්‍ර වෙනුවෙන් 8 වැනි මිනිත්තුවේදී සහ 77 වැනි මිනිත්තුවේදී පිළිවෙලින් ඒ. ඞී. ඔසාගි සහ එච්. එම්. කුමාර ගෝල වාර්තා කළහ. රිනවුන් පිල වෙනුවෙන් 40 වැනි මිනිත්තුවේදී එම්.සී.එම්. රිෆ්නාස් ගෝලයක් වාර්තා කළේය.
නාවික හමුදාවට 1-0 ක ජයක්
වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ගෝල 1-0 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කිරීමට සත්කාරක නාවික හමුදා කණ්ඩායම සමත් විය. නාවික හමුදාව වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය තරගයේ 31 වැනි මිනිත්තුවේදී ආර්.එම්.ඞී. රත්නායක ලබාගත්තේය.
ගුවන් හමුදාවට ගෝල 2-1 ක ජයක්
බැද්දගාන පාපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති ගුවන් හමුදාව සහ දොන් බොස්කෝ අතර තරගයේ පළමු භාගය දෙපිළම ගෝල 1-1 ක් ලෙස අවසන් විය. එහෙත් දෙවැනි භාගයේ අතිරේක කාලයේදී කේ. ඉෂාන් ලබාගත් ගෝලයත් සමග 2-1 ක් ලෙස ගුවන් හමුදාවට ජය හිමිවිය. ගුවන් හමුදාව වෙනුවෙන් පළමු ගෝලය 27 වැනි මිනිත්තුවේදී ඞී.කේ. දුමින්ද විසින් වර්තා කරන ලදී. දොන් බොස්කෝ වෙනුවෙන් වාර්තා වු ගෝලය 36 වැනි මිනිත්තුව්දී එම්.ඊ.ජී. දුරල් ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.