Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායක ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ සමුගැනීමේ දොරටුව අබියස සිටින මහේල ජයවර්ධනගේ විශිෂ්ට දස්කම් නිසා මේ වන විටත් 1-1 ක් ලෙසින් සමවී තිබෙන ශී‍්‍ර ලංකා - පාකිස්තාන් එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය අද (30 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. අද තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලිය ජයගනු ඇත.
දිවා තරගයක් වන මෙම තරගය අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය. රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ මාස 9 කට පසුව වන අතර වසර 13 ක ඉතිහාසයක් ඇති රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 35 වැනි එක්දින තරගය මෙයයි.
පළමු තරගයේදී පාකිස්තානුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් තරගය ජයගත් නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග දෙකේදීම විශිෂ්ට දස්කම් දක්වමින් ඉදිරියෙන් සිටි බව පැහැදිළි සත්‍යයකි. පළමු තරගයේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන්ද අසාර්ථක වීම නිසා පාකිස්තානුවන් ජයගත් අතර පළමු තරගයේදී කළ අනුවණකම් දෙවැනි තරගයේදී නොකිරීමට ශී‍්‍ර ලාංකිකයෝ පරෙස්සම් වූහ. එබැවින් තරගාවලිය සම කරගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
කෙසේ වෙතත් හම්බන්තොටදී පැවැති තරගයට වඩා අද තරගය තරමක් වෙනස් මුහුණුවරක් ගත හැක්කේ සයීඞ් අජ්මල් නැවතත් පාකිස්තානු පිලට එක්වන බැවිනි.
”සයීඞ් අජ්මල් නැවතත් කණ්ඩායමට එක්වන එක අපට විශාල ආත්ම ශක්තියක්.
වසර ගණනාවක් පුරාම ඔහු අපේ කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයෙක්”
”අපට කඩුලූ දවාගන්න ඕනෑ වෙලාවලදී නැත්නම් ප‍්‍රතිවාදී පිතිකරුවන් පාලනය කරගන්න ඕන වෙලාවලදී ඉදිරියට එමින් ඒ අභියෝගය බාරගන්නා කී‍්‍රඩකයා ඔහු තමා” යයි පාකිස්තානු නායක මිස්බා උල් හක් ඊයේ (29 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡවකදී පැවසීය.
දෙවැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලකුණු 310 ක් ලබාගැනීමෙන් පසුව පාකිස්තානු නායකයා කියා සිටියේ සයීඞ් අජ්මල් සිටියේ නම් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පාලනය කරගත හැකිව තිබුණ බවයි. එසේ වුවත් පාකිස්තානු පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වන යුනිස් ඛාන් සිය ඥාතියකුගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා නැවතත් පාකිස්තානයට ගියේය.
ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සවස කියා සිටියේ අජ්මල් නැවතත් කණ්ඩායමට එක්වීම තමන්ට ප‍්‍රශ්නයක් නොවන බවයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමෙ අරමුණ වන්නේ පළමු තරග දෙකේදී පවත්වාගත් ආක‍්‍රමශීලී තරග රටාව දිගටම පවත්වාගෙන යමින් මෙම තරගයත් ජයගෙන තරගාවලිය ජයග‍්‍රහණයකින් අවසන් කිරීමයි.
”අජ්මල් හොඳ පන්දු යවන්නෙක් බව අප දන්නවා. ඔහු නැවතත් පාකිස්තානු පිලට එක්වීම පාකිස්තානු පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමක් වෙන්න පුළුවන්”
”ඒ කොහොම වුණත් මෑත අතීතයේදී අපේ පිතිකරුවන් අජ්මල් හමුවේ ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා. අපේ අරමුණ වෙන්නේ ඔහු ඉදිරියේදී පුළුවන් තරම් සුබවාදීව, ලකුණු ලබාගැනීමයි” යයිද ඇන්ජලෝ මැතිව්ස් පැවසීය
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදී ලකුණු 89 ක් සහ 93 ක් ලබාගත් ශී‍්‍ර ලංකා නායකයා අවස්ථා දෙකේදීම ශතකය පෙනි පෙනී දැවී ගියේය. මේ වන විට එක්දින තරග 132 කට කී‍්‍රඩා කර ඇති නමුත් එක්දින ශතකයක් ලබාගැනීමේ අවස්ථාව මැතිව්ස්ගෙන් ගිළිහී ගොස් ඇත්තේ ඔහු පන්දුවට පහර දෙන ස්ථානයේ තිබෙන පීඩනයත් කණ්ඩායමේ අවශ්‍යතාවත් වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙනි.
ගතවූ මාස 10 ක පමණ කාලයේ සිටි පිතිකරුවකු ලෙසින් ඉතාමත් උසස් දස්කම් දක්වමින් සිටින මැතිව්ස්ට පසුපෙළ පිතිකරුවන්ගේ සහයෝගය ලැබෙන්නේ නම් එක්දින ශතකයක් ලබාගැනීම අසීරු කාරණයක් නොවේ. එහෙත් ඒ සඳහා ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වී කල්වේලා ඇතිව පිටියට පිවිසීමේ අවස්ථාවද මැතිව්ස්ට තිබිය යුතුය.
ශී‍්‍ර ලංකා නායකයා පවසන ආකාරයට අවසන් එක්දින තරග දෙකේදී කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඕනෑම ආකාරයේ තත්ත්වයක් හසුරුවා ගත හැකිය. තවත් මාස 7 කින් පමණ ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සූදානම් කරමින් සිටින මෙවන් අවස්ථාවක එය ඉතාමත් සුබ ලකුණකි.
මෙම තත්ත්වය අනුව අද තරගයේදී වෙනස්කම් අපේක්‍ෂා කළ නොහැකි නමුත් ලසිත් මාලිංග තරග දෙකේදීම අසාර්ථක වීමත් හම්බන්තොටට වඩා තරමක් වේගයෙන් පන්දුව පිත්තට ගලා එන තණතීරුවකදී වෙනත් වේග පන්දු යවන්නකුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා ඔහුට අවස්ථාවක් දීමටත් තේරීම් කමිටුව තීරණය කළහොත් එය පුදුමයට කාරණාවක්ද නොවේ. ඊයේ පැවැති පුහුණුවීම් වලදී ශී‍්‍ර ලංකා පිලේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවා වන චමින්ද වාස් වේග පන්දු යවන්නන් සමග ඉතා සමීපව කටයුතු කරනු දක්නට ලැබිණ.
දෙවැනි එක්දින තරගයේදී පාදයේ මස් පිඩුවක ආබාධයක් හේතුවෙන් පන්දු රැුකීමෙන් වැළකී සිටි මහේල ජයවර්ධන මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින බවත් අද තරගය සඳහා සූදානම් බවත් මැතිව්ස් කියයි.
ශ‍්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, සීකුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව් සහ තිසර පෙරේරා
පාකිස්තානු සංචිතය:
මිස්බා උල් හක් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, අන්වර් අලී, ෆවාඞ් අලාම්, මොහොමඞ් හෆීස්, මොහොමඞ් අර්ෆාන්, මොහොමඞ් තල්හා, සයිඞ් අජ්මාල්, සහිඞ් අෆ්රිඩි, සර්ජීල් ඛාන්, සොහිබ් මක්ෂූඞ්, උමාර් අක්මාල්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, සහ සුල්ෆිකාර් බාබාර්
ඡායාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.