Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ඉදිරිය ගැන මටත් වගකීමක් තියෙනවා - මහේල

ඉදිරිය ගැන මටත් වගකීමක් තියෙනවා - මහේල

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 11 Comment
A A A


 

වසර 17 ක් පුරා ටෙස්ට් තරග 149 කට කී‍්‍රඩා කර, ටෙස්ට් ලකුණු 11,814 ක් ලබාගනිමින්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවටත්, පොදුවේ ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවටත් අමිල මෙහෙවරක් කළ මහේල ජයවර්ධන ඊයේ (18 වැනිදා) ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. සිය සමුගැනීමේ ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡව ආරම්භ කිරීමට පෙර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයට රැස්ව සිටි 50 කට ආසන්න මාධ්‍ය නියෝජිතයන් අමතා මහේල විශේෂ ප‍්‍රකාශයක් කළේය.

එම ප‍්‍රකාශය මෙසේ සටහන් වෙයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග මේච්චර ප‍්‍රමාණයක් කී‍්‍රඩා කරන්න ලැබීම ගැන මා ගොඩක් සන්තෝස වෙනවා. මුලින්ම මා ස්තුතිවන්ත වෙනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයටත්, එහි මෙච්චර කාලයක් සේවය කරපු සියලූම දෙනාටත් ඔවුන් මට දීපු සහයෝගයටත්.

ඒ වගේම මගේ පුහුණුකරුවන්ට. මගේ මුල්ම පුහුණුකරු ලයනල් මෙන්ඩිස් මහතාට. ඒ වගේම මගේ පාසල් පුහුණුකරුවන් දෙදෙනා වන ලෙස්ලි නාරංගොඩ හා ජයන්ත සෙනෙවිරත්න මහත්වරුන්ට. මට කුඩා කාලයේදීම හරි දේ කියාදීම ගැන.

ඒ වගේම මගේ පාසලට. (කොළඹ නාලන්දා විද්‍යාලය). හැමදාමත් මාත් එක්ක හිටපු මිතුරන්ට, ආදි ශිෂ්‍යයන්ට. ඒ වගේම එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයටත් මා ස්තුති වන්ත වෙනවා.

මම පාසලෙන් අස්වුණාට පස්සේ මට ලොකු ශක්තියක් ලබාදුන්නේ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයයි. එහි සභාපති ඇතුළු කමිටුවේ සියලූම දෙනාටත් එහි සාමාජිකයන්ටත්, මාත් එක්ක මෙච්චර කාලයක් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කී‍්‍රඩා කරපු සියලූම දෙනාටත් පුහුණුකරුවන්ටත් මම ගොඩාක් ස්තුති කරනවා.

ඒ වගේම ජාතික කණ්ඩායමට මා ඇතුළත් වෙච්ච වෙලාවෙ මට වාසනාව ලැබුණා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහොම දෙනෙක් එක්ක එකට සෙල්ලම් කරන්න. මා හිතන්නේ ඒක මං ලබපු ලොකු වාසනාවක්.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන්, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම වගේ ප‍්‍රවීන කී‍්‍රඩකයන් මගේ මුල් කාලීන කී‍්‍රඩා දිවිය සකසගන්න මට ගොඩාක් උදව් කළා. ඊට පස්සේ මුරලි, වාසි වගේ ප‍්‍රවීන කී‍්‍රඩකයන්ගේ සහයෝගයත් මට ලැබුණා. ඒ පුහුණුකරුවන්ටත්, ඒ කී‍්‍රඩකයන්ටත් මා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

මෙතෙක් කල් මට ලබාදීපු සහයෝගය ගැන දැන් සිටින කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන්ටත් පුහුණුකරුවන්ටත් මා ස්තුති වන්ත වෙනවා.

මගේ දෙමාපියන්ටත් මා ස්තුති කරන්න  ඕනෑ. මාත් එක්ක හැම වෙලාවෙම හිටියේ දෙමව්පියෝ. ඒ වගේම මගේ බිරිඳත් මට විශාල සහායෝගයක් දෙනවා. ඒ සියලූ දෙනාටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

මාධ්‍ය ආයතන වල සියලූම දෙනාටත්, හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් පෙන්වපු සියලූම දෙනාටත් මම මේ අවස්ථාවේදී ස්තුති වන්ත වෙනවා. මම දන්නවා මම ගොඩාක් කෙළින් කතාකරන කෙනෙක්. ඒ තත්ත්වය තේරුම් අරන් හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

කී‍්‍රඩා ලෝලීන් සියලූම දෙනාටත් මා ස්තුතිවන්ත වෙනවා. මා දන්නවා ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා කියන්නේ රටම අපේ පිටිපස්සෙන් ඉන්නවා කියන එකයි. ඒ හැම දෙනාම මෙච්චර කාලයක් මට දක්වපු සහයෝගයට මා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

මම මේ ගත්ත තීරණය හොඳට හිතල බලල ගත්ත තීරණයක්. මට හිතුණා මම ටෙස්ට් තරගවල සෙල්ලම් කරපු කාලය ඇති කියල. අවුරුදු 17 ක් කියන්නේ ලේසි පාසු කාලයක් නෙමෙයි. ඒ කාලයේදී තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම ගැන මම ගොඩාක් වාසනාවන්තයි.

ඉදිරියේදී අපට තරග ස්වල්පයක් තියෙන්නේ. ඉතින් ඒ කාලයේදී අලූත් කී‍්‍රඩකයන් කණ්ඩායමට ඇවිල්ලා හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉදිරියට හදන එක තමයි හරි දේ. ඉතින් මා හිතුවා සමුගන්න කාලය හොඳයි කියලා.

කොහොම වුණත් ලෝක කුසලන තරගාවලිය වෙනකම් මා එක්දින තරග වෙනුවෙන් කී‍්‍රඩා කරනවා. තේරුණොත්, ඒක මගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය වේවි. ඊට පස්සේ මම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගන්වා.

මගේ ඉදිරි අනාගතය ගැන මම ලොකු තීරණ අරගෙන නෑ. ඒත් මගේ විශාල වගකීමක් තියෙනවා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ දියුණුවට ඉදිරියේදීත් මට පුළුවන් විදිහට සහයෝගයක් දෙන්න. මං දන්නේ නෑ ඒ කොහොමද කියලා. ඒක අපි ඉදිරියේදී බලමු.

 

 


අදහස් (11)

ඉදිරිය ගැන මටත් වගකීමක් තියෙනවා - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.