Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 කී‍්‍රඩකයන්ටත් තමන්ගේම වගකීමක් තියෙනවා - අශාන්

කී‍්‍රඩකයන්ටත් තමන්ගේම වගකීමක් තියෙනවා - අශාන්

ශනුක අරවින්ද - 2015 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන් සහභාගි වන තරගය කුමක් වුවත් ඒ සෑම තරගයකදීම කී‍්‍රඩකයන් තම තමන්ගේ වගකීම වටහාගත යුතු බව ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක අශාන් පි‍්‍රයන්ජන් පවසයි. ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල නියෝජනය කිරීමේදී කී‍්‍රඩකයන් සිය වගකීම වටහාගනිමින් ඊළග තරගයට මුහුණ දිය යුතු බවද හෙතෙම පැවසීය.

”අසාර්ථක වුණ කී‍්‍රඩකයන් දැනගන්න  ඕන මේ තරගයේදී ලකුණු ගන්න. එදා තරගයේදී උඩපන්දු අතහැරිය අය දැනගන්න  ඕන මේ තරගයේදී උඩපන්දු රැකගන්න..මේවා හැමදාම කියාදෙන්න බෑ” යයි පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයට පෙර ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායකයා පැවසීය.

මෙම තරගය හෙට (13 වැනිදා) ආරම්භ වන අතර නිල නොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය සතියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ. වර්ෂාවෙන් බාධා ඇතිවූ එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.

”එදා (පළමු ටෙස්ට්) තරගයේදී පන්දු රැුකීමේ යම් යම් අඩුපාඩු තිබුණා තමයි. ඒත් කවුරුවත් තරගය අතහැරියේ නෑ. හොඳ දේ ඒකයි. පන්දු යැවීමේදි වුණත් හොඳ පන්දු ගොඩාක් යැව්වා. ඒ ගොල්ලන් ලකුණු 400 ක් ගැහැව්වත් දෙවැනි දවසේ තේ පානය දක්වාත් කී‍්‍රඩා කරලා තමයි ඒ ලකුණු 400 ගැහැව්වේ”

”ඒත් අපේ කී‍්‍රඩා සමාජ තරගයකදි වුණත් දෙවැනි දිනයේ තේ පානය දක්වා පන්දුවට පහර දුන්නොත් සාමාන්‍යයෙන් 500 ක් නැත්නම් 550 ක් ගහනවා” යයි තම පන්දු යවන්නන්ගේ දස්කම් අගය කරමින් පි‍්‍රයන්ජන් පැවසීය.

ලකුණු 115 කට පිතිකරුවන් පස් දෙනකු දැවී යාමෙන් පසුව කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න අතර පැවැති සම්බන්ධතාව ඒ වන විට පැවැති තත්ත්වය පාලනය කරගනිමින් හිස එසවීමක් බවද අශාන් කියයි.

අද දහවල් වන විට අශාන් සිතා සිටියේ හෙට දිනයේ කාසියේ වාසිය දිනාගතහොත් පාකිස්තානු ‘ඒ’ පිල පන්දුවට පහර දීම සඳහා පිටියට යැවීමටයි. සිතිවිල්ල එයාකාර වූ නමුත් ඒ පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණ නොතිබිණ. අවසන් තීරණය ගනු ලබන්නේ හෙට පෙරවරුවේදී තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය.

මක්නිසාද යත් ශී‍්‍ර ලංකාවේ තණතීරුවල මතුපිට පෙනුම අවසන් මොහොත දක්වාම විශ්වාස කළ නොහැකි බැවිනි.

කාසියේ වාසිය දිනා පන්දු යැවීමට සූදානම් වන අශාන් පි‍්‍රයන්ජන් සතුව තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරේ මහත් විශ්වාසයක් පවතී.

”එදා තරගයේදීත් අපේ වේග පන්දු යවන්නන් තුන් දෙනාම හොඳින් පන්දු යැව්වා. දවාගැනීමේ අවස්ථා නිර්මාණය කළා. ඒ නිසා මේ වගේ තණතීරුවක ඔවුන්ට වඩා හොඳ අවස්ථාවක් තියේවි” යයිද අශාන් කියයි. එහෙත් පළමු ටෙස්ට් තරගයේදී දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව වේග පන්දු යවන්නන් තිදෙනාම එක්ව  ඕවර 12 ක් පමණක් යැවීමට හේතුව තණතීරුවේ සහයෝගය වේග පන්දු යවන්නන්ට නොලැබී යාමත්, වේග පන්දු යවන්නන් වෙහෙසට පත්ව සිටීමත් බවද නායකයා කියයි.

”අනෙක් කාරණය තමයි තරිඳු කෞෂාල් වගේ පන්දු යවන්නකුගේ අත කි‍්‍රයාත්මක වන විදිහ ගැන වැටහීමක් පසුපෙළ පිතිකරුවන්ට නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී මා කෞෂාල් යොදා ගත්තා” යයිද ඔහු පැවසීය.

පිට ද`ග පන්දු යවන්නකු යයි වර්ගීකරණය කළ නොහැකි නමුත් ධනංජය ද සිල්වා සම්බන්ධතා බිඳීමේ සමතෙකි. ධනංජය කී‍්‍රඩා කරන්නේ පිතිකරුවකු වශයෙන් වන හෙයින් හෙතෙම කණ්ඩායමට අතිරේක වාසියක් ගෙනෙයි.

”ධනංජය වැඩිය පන්දුව දග කවන කී‍්‍රඩකයෙක් නෙමෙයි. ඒත් එයා එක තැනකට පන්දුව යවමින් සිටිනවා. එයින් ඔහුට කිසියම් වාසියක් ලැබෙනවා” යයි අශාන් කියයි.

ටෙස්ට් තරගයක ජය පරාජය තීරණය කෙරෙන ප‍්‍රධාන සාධකයක් වන්නේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව වන අතර එහිදී ආරම්භක පිතිකරුවන්ගේ කාර්යභාරය ඉතා විශාලය. තනි පිතිකරුවකු වශයෙන් සාර්ථක වනවාට වඩා ආරම්භක පිතිකරුවන් දෙදෙනාට එක්ව ගොඩනැංවිය හැකි සම්බන්ධතාව මත ඉනිමේ ලකුණු සංඛ්‍යාව රඳා පවතී.

එසේ වුවත් ටෙස්ට් තරගයක ආරම්භක පිතිකරුවාගේ කාර්යයද ලේසි පහසු එකක් නොවේ. බොහෝ විට පන්දුව දෝලනය වන තණතීරුවක, රතු පැහැ පන්දුවට මුහුණ දීමේදී පිතිකරුවෝ අපහසුතාවට පත්වෙති. එවන් අවස්ථාවකදී වඩාත් හොඳ සම්බන්ධතාවක් කරා යාම පිණිස පිතිකරුවන් දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කිරීම වඩාත් වැදගත් බවද අශාන් අවධාරණය කරයි.

”පන්දුව දෝලනය වෙනවා නම්, ඈතින් පතිත වෙනවා නම්, ඒ වගේ පන්දු අතෑරලා ගහන්න ආරම්භක පිතිකරුවන් දැනගන්න  ඕනේ” යයිද අශාන් කියයි.

පල්ලෙකැළේ තණතීරුව පන්දු යවන්නනට කිසියම් වාසිදායක තත්ත්වයක් ගෙන දිය හැකි නමුත් සාර්ථක වන පිතිකරුවා කවුරුන් වුවද ඔහු ලකුණු 130 ක් හෝ 140 ක සීමාවට යා යුතුය යන්නත් අශාන්ගේ තවත් බලාපොරොත්තුවකි.


අදහස් (0)

කී‍්‍රඩකයන්ටත් තමන්ගේම වගකීමක් තියෙනවා - අශාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.