Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 කුසල් - අසේල ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

කුසල් - අසේල ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ගැලවුම්කරුවන් වූ කුසල් ජනිත් පෙරේරා (නොදැවී 119) සහ අසේල ගුණරත්න (නොදැවී 64) දෙදෙනාගේ ධෛර්යවන්ත පිතිහරඹය නිසා පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (8 වැනිදා) සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය. ඒ පාකිස්තානු ‘ඒ’ පිල මුල්ඉනිමේදී ලබාගත් ලකුණු 401 ට පිළිතුරු වශයෙනි.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනකුම ලකුණු 115 කට දැවී ගිය නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 198 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අද සවස් වන විට හිසඔසවාගත හැකි ස්ථානයකට කැඳවාගෙන ආහ.

විනාඩි 207 ක් පුරා පැතිරුණු මෙම සම්බන්ධතාව පවතිද්දී පන්දු යවන්නන් වෙහෙසට පත්ව සිටි ආකාරයක් දක්නට තිබිණ. පන්දු 258 කට මුහුණ දුන් වමත් - දකුණත් පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව තර වෙද්ද එය පාලනය කිරීමට පාකිස්තානු ‘ඒ’ නායකයාටද එතරම් උවමනාවක් තිබූ බවක් නොපෙනිණ.

සම්බන්ධතාවේ වඩාත්ම වැදගත් ලක්‍ණය වන්නේ පිතිකරුවන් දෙදෙනාම තමන් දවාගැනීමේ කිසිදු ආසන්න අවස්ථාවක් නොදී නිදහසේ ලකුණු කරා යාමයි. එහෙත් ටෙස්ට් තරගයකදී ඉතාමත් සාධාරණ ලකුණු වේගයක් වන  ඕවරයකට ලකුණු 4.41 ක් පවත්වාගෙන යාමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ සමත් වූහ.

අද අලූයම වට වර්ෂාව හේතුවෙන් පිටියේ හතරේ සීමාව අසළ තෙතබරිත වී තිබූ අතර කී‍්‍රඩාපිටිය පරීක්‍ෂා කළ විනිසුරුවරු දහවල් 12.30 දක්වා තරගය ආරම්භ කිරීම කල්දැමූහ. එහෙත් දහවල් 12.30 ට කී‍්‍රඩාංගණය නැවතත් පරීක්‍ෂා කළ විනිසුරුවරු පස්වරු 1.15 ට තරගය ආරම්භ කළහ.

තරගය ආරම්භ කර යැවුණු පළමුවැනි පන්දුවම හතරේ සීමාවට යැවූ කිත්රුවන් විතානගේට තිබූ අනවශ්‍ය හදිසිය නිසා පස්වැනි පන්දුවට ඉතාමත් අපරික්‍ෂාකාරී පහරක් ගසමින් සිය කඩුල්ල පූජා කළේ දිගු ඉනිමකට යාමට තිබූ අනගි අවස්ථාවක් වීසිකර දමමිනි.

ඊළ`ග  ඕවරයේදී අශාන් පි‍්‍රයන්ජන් ගැසූ දුර්වල පහරකින් ඉගිළුණු උඩපන්දුව කඩුලූ රකින අද්නන් අක්මල් සහ පළමු ස්ලිප් කී‍්‍රඩකයා අතරින් ඇදී ගියද එහෙත් පි‍්‍රයන්ජන්ට ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි.

පි‍්‍රයන්ජන් දැවී යාමෙන් පසුව එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න ඉතාමත් ප‍්‍රවේසමෙන් පන්දු තෝරා බේරා ගනිමින් ලකුණු ලබාගත් නමුත් ලකුණු ලබාගැනීමේ රිද්මය එලෙසම පවත්වාගෙන ගියහ. පන්දු 103 කින් සිය ශතකය සම්පූර්ණ කළ කුසල් ජනිත් ඊට අලංකාර හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කරද්දී අංක 7 ස්ථානයේ කී‍්‍රඩාකරන ටෙස්ට් කී‍්‍රඩකයකු සතුවිය යුතු සංයමය මේ යයි කදිමට ප‍්‍රදර්ශනය කළ අසේල ගුණරත්න විනාඩි 207 ක් තිස්සේ පන්දු 138 කට මුහුණ දෙමින් හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසීය.

හෙට තරගයේ අවසන් දිනයයි.


ලකුණු පුවරුව

පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම 401
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ.අලි අසාඞ් ප.මීර් හම්සා    31
ධනංජය ද සිල්වා - ඇ.අද්නන් අක්මල් ප.මීර් හම්සා    8
මාධව වර්ණපුර - ඇ.අද්නන් අක්මාල් ප.සියා උල් හක්     5
කිත්රුවන් විතානගේ - ඇ.අක්මල් ප.මීර් හම්සා    39
අශාන් පි‍්‍රයන්ජන් - ඇ.අක්මල් ප.සියා උල් හක්    17
කුසල් ජනිත් පෙරේරා - නොදැවී     119
අසේල ගුණරත්න  - නොදැවී     64
අතිරේක     30
එකතුව  ඕවර 71 කදී කඩුලූ 5 ක් දැවී     313

කඩුලූ වැටීම
1-16(ධනංජය), 2-42(ජයසුන්දර), 3-67(වර්ණපුර), 4-99(විතානගේ), 5-115(පි‍්‍රයන්ජන්)

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර

පන්දු යැවීම
මීර් හම්සා : 20-4-58-3, ශෂාඞ් අසාම් : 10-0-78-0, සියා උල් හක් : 15-2-56-2, ශෂෙයිබ් අහමඞ් : 18-0-90-0, ෆවාඞ් අලාම් : 6-2-07-0, උමේර් අමීන් : 2-0-04-0

 

ඡායාරූපය - තුසිත් විජේදෝරු

 

 


අදහස් (0)

කුසල් - අසේල ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.