Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී බදුරලිය පරදවා කඩුලූ 7 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෝල්ට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට බදුරලිය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 81 ක් පමණි. තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වූහ. පෙරදින රාත‍්‍රියේ වර්ෂාව නිසා ඊයේ තරගය ආරම්භවීම ප‍්‍රමාදවූ අතර තරගය ඕවර 49 කට සීමාවිය.
ලකුණු 82 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් පිල ඕවර 12.3 කදී කඩුලූ 3ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
බදුරලිය ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 81
(ශමීර වීරසිංහ 16, තිසර පෙරේරා 15/3, ඩිල්රුවන් පෙරේරා 16/3)
කෝල්ට්ස් ඕවර 12.3 කදී කඩුලූ 3ක් දැවී 82
(කුසල් ජනිත් 41, භානුක රාජපක්ෂ නොදැවී 20, ඉමේෂ් උදයංග 14/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.