Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය ඉරිදා පැවැති ලෝක කුසලාන තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ කලව පිටුපස මස්පිඬුවක් ඇදීම නිසා ඉනිම නවතා පිටියෙන් ඉවත්ව ගිය දිනේෂ් චන්දිමාල්ට ලෝක කුසලාන තරගාවලියෙන්ද ඉවත් වීමට සිදුවී තිබේ. චන්දිමාල් ඉවත් වීම නිසා ඔහුගේ ස්ථානයට කුසල් ජනිත් පෙරේරා ආදේශ කිරීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව අද (10 වැනිදා) පෙරවරුවේදී තීරණය කළේය.
කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටු අනුමැතියද ශී‍්‍ර ලංකා පිලට ලැබී තිබේ.
චන්දිමාල්ගේ ආබාධය සමගින් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ කොටසට පිවිසීම අවදානම් වන හෙයින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙවන් අසීරු තීරණයක් ගැනීමට සිදුව ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
”අති විශාල පාඩුවක්”
”ඔහු (චන්දිමාල්) හුගාක් මහන්සිවෙලා වැඩ කළා. එයාගේ පිතිහරඹය, අනාගතය ගැන බොහෝ දෙනා විවේචන කළත් තමන්ට තනි අතින් මොනවා හරි විශේෂ දෙයක් කරන්න පුළුවන් කියලා චන්දිමාල් ඔප්පු කරලා පෙන්නුවා” යයි දිනේෂ් චන්දිමාල්ගේ ඉවත් වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තස්මේනියාවේ බෙලිරිව් ඕවල් පිටියේදී අද (10 වැනිදා) දහවල් පැවසීය.
”ඔවුන් (ශී‍්‍ර ලංකා කණ්ඩායම) පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳන්ම මෙහේ ( ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ තරග කරමින්) හිටියේ. ඒ නිසා මේ වගේ ආබාධ ඇතිවෙන්න පුළුවන්” යයිද ජයසූරිය මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර හෙට (11 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදී ශී‍්‍ර ලංකා පිලේ තරග අවසන් වෙයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට මුහුණ දෙන නමුත් තමන්ගේ ප‍්‍රතිවාදියා කවුරුන් වන්නේද යන්න දැනගැනීම සඳහා තවත් දින කිහිපයක් බලා සිටිය යුතුය.
වමතින් පා දග පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත්ගේ ඇගිල්ලට යොදා ඇති මැහුම් තවමත් ඉවත් කර නැති හෙයින් පිට දග පන්දු යවන්නකු වන තරිඳු කෞෂාල්ද ඕනෑම හදිසි අවශ්‍යතාවකදී පිතිකරුවකු වශයෙන් යොදාගැනීම සඳහා කිත්රුවන් විතානගේද ඕස්ටේ‍්‍රලියාවට කැඳවා සූදානමින් තබාගෙන සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.