Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ජාතික පුහුණුකරු තෝරන්න 11 ක කමිටුවක්

ජාතික පුහුණුකරු තෝරන්න 11 ක කමිටුවක්

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 13 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තණතුර සඳහා ලැබී ඇති ඉල්ලූම්පත් අතරින් සුදුස්සකු තෝරා ගැනීමට 11 දෙනකුගෙන් යුත් කමිටුවක් නම් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනූව අදාළ කමිටුව අසංග සෙනවිරත්න, මොහාන්ද සිල්වා, නිශාන්ත රණතුංග, හිරන්ත පෙරේරා, නුස්කි මොහොමඞ්, සනත් ජයසුරිය, ජයනන්ද වර්ණවීර, ෂම්මි සිල්වා, දුෂාන් සොයිසා, රන්ජිත් ප‍්‍රනාන්දු සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුවන්ගේ ප‍්‍රධානි ජෙරම් ජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඉල්ලූම්පත් 17 ලැබී ඇති අතර ඉන් එකක් පමණක් ශ‍්‍රී ලාංකිකයකුගෙන් ලැබී තිබේ. එය වත්මන් පුහුණුකරු මාවන් අතපත්තුගෙනි. මෙම ඉල්ලූම්පත් එවා තිබෙන  17 දෙනා අතරට ශී‍්‍ර ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු වන ඩැව්නෙල් වට්මෝර් මහතාද ඇතුළත් වෙයි.

පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහාද ඉල්ලූම්පත් 17 ක් ලැබී ඇති අතර එහිදී දේශීය පුහුණුකරුවන් දෙදෙනකුද ඉල්ලූම්පත් යොමුකර තිබේ. ජාතික කණ්ඩායමේ අභ්‍යාසක තනතුර සඳහාද ඉල්ලූම්පත් 13 ක් ලැබී ඇති අතර ඉන් දෙකක් ශ‍්‍රී ලාංකිකයන් ගෙනි.

කෙසේ වෙතත් හිටපු පන්දු රකින පුහුණුකරු රුවන් කල්පගේ සහ අභා්‍යාසක ලෙස කටයුතු කළ මරියෝ විල්ලවරායන් දෙදෙනාම බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ තනතුරු සඳහා පිටත්ව යෑමෙන් එම තනතුර සඳහාද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉල්ලම්පත් කැඳවනු ලැබීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නව පුහුණුකරුවන් එංගලන්ත පිලේ ශී‍්‍ර ලංකා සංචාරයත්, නවසීලන්ත සහ ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කරගනිමින් නම් කිරීමට නියමිත අතර ඔවුන්ගේ කොන්ත‍්‍රාත් කාලය පුහුණුකරුවන් නිශ්චිත වශයෙන් තෝරා ගැනීමෙන් පසුව තීරණය කරන බවද වාර්තා වේ.

033


අදහස් (13)

ජාතික පුහුණුකරු තෝරන්න 11 ක කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.