Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 268 ක ඉලක්කයක් කරා යමින් සිටි දකුණු අපි‍්‍රකානු පිල ආරම්භයේදීම පසුපසට තල්ලූ කර දැමූ ලසිත් මාලිංග සහ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගන්නා ලද උත්සාහය නිසා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 87 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
කඩුලූ දෙකක් ලකුණු 26 කට බිඳ වැටුණ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 75 ක් එක්කළ හසිම් අම්ලා සහ නායක ඒ. බී. ඩිවිලියර්ස් දකුණු අපි‍්‍රකානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආහ. එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක තරගයට කඩා වැදුණු තිලකරත්න ඩිල්ෂාන් සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා ඕවර 8 කදී පිතිකරුවන් සිවු දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවූ හෙයින් 30 වැනි ඕවරය වන විට ලකුණු 134 කට කඩුලූ 7 ක් බිම දමමින් තරගයේ පාලනය සහමුලින්ම අතට ගත්හ.
අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක් එක්කළ අම්ලා සහ ඩේල් ස්ටෙයින් වාසිය යළිත් තමන් වෙත ඇදගැනීමේ බලවත් උත්සාහයක යෙදුණ නමුත් 38 වැනි ඕවරයේදී ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායක එක්ව අම්ලාගේ ඉනිම නතර කිරීම නිසා දකුණු අපි‍්‍රකානුවෝද එතැනින් නතර වූහ.
දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ හසිම් අම්ලා පැය දෙකහමාරකට වැඩි වේලාවක් පුරා පන්දු 102 කට මුහුණ දෙමින් ලකුණු 101 ක් ලබාගත්තේ හතරේ පහර 11 කින් සිය ඉනිම අලංකාර කරමිනි. මෙය අම්ලා මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් දෙවැනි ශතකයයි.
ඩේල් ස්ටෙයින් තුවාල ලබා පිටියෙන් ඉවතට ගියද අවසන් මොහොතේදී ශී‍්‍ර ලංකා ඉනිම විනාශ කර දැමූ රයාන් මැක්ලරන්ගේ පන්දු යැවීම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 267 කට සීමා විය.
ශී‍්‍ර ලංකා ඉනිම නිමා වීමට පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලූ 5 කට ලකුණු 256 ක් ලබාසිටි ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තුව වූයේ 280 සීමාව පැනගැනීමය. ඒ සඳහා අවශ්‍ය තරම් කඩුලූ මෙන්ම පන්දුද ඉතිරිවී තිබුණත් 47 වැනි ඕවරයේදී එකම ලකුණක් පමණක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර සහ අශාන් පි‍්‍රයන්ජන් යන තිදෙනාම දවාගත් මැක්ලරන් දකුණු අපි‍්‍රකානු පිල නැවතත් තරගයට කැඳවාගෙ ආවේය.
ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් කඩුලූ 5 ම ලකුණු 11 කට බිඳවැටුණු අතර ඕවර 8 කදී ලකුණු 44 ක් පූජා කර තිබුණු මැක්ලරන් ඉනිම අවසන් කළේ ඕවර 10 කදී ලකුණු 48 කට කඩුලූ 4 ක් ලෙසිනි. මැක්ලරන් විසින් 47 සහ 49 වැනි ඕවර වලදී ලකුණු 4 කට කඩුලූ 4 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමීය.
පන්දු 90 කින් ලකුණු 86 ක් ලබා ගත් ඩිල්ෂාන් දැවී ගිය නමුත් මහේල ජයවර්ධන සහ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව මුලූ ලකුණු සංඛ්‍යාව 207 දක්වා ඉහළ දැමූහ. පිතිකරුවන්ගේ ප‍්‍රහාරක ඕවර 5 දී තම කඩුලූ රැුකගනිමින් ලකුණු 33 ක් ලබාගැනීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වූ බැවින් 40 වැනි ඕවරය වන විටත් කඩුලූ 6 ක් අතැතිව තිබිණ.
මහේල ජයවර්ධන ලකුණු 5 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේ යයි ඉම්රාන් තහීර් කළ ඉල්ලීමක් විනිසුරු රුචිර පල්ලියගුරු මහතා විසින් අනුමත කරන ලදි. එහෙත් ලකුණ සම්පූර්ණ නොකරම විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා තවදුරටත් පිටියේ රැුඳී සිටීමට තමන්ට අවසර තිබෙන බව සනාථ කරගත්තේය.
මෙම අවස්ථාවේදී මහේලගේ පිත්තේ පන්දුව වැදුණ හෙයින් ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදින් මිදුණ නමුත් හතරේ සීමාවට ගිය පන්දුව වෙනුවෙන් මහේලට ලකුණු 4 ක් නොලැබිණ. විනිසුරුවරයා විසින් දැවීයාම ප‍්‍රකාශයට පත්කිරීම නිසා දකුණු අපි‍්‍රකානුවෝ පන්දුව පසුපස යාම අතහැර දැමූහ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතර සම්බන්ධතා ගොඩනැෙ`ගද්දී දකුණු අපි‍්‍රකානුවන් තරමක් කලබලයට පත්ව සිටි බවක් දක්නා ලදි. තරගයේ 10 වැනි ඕවරය නිමා වීමටත් මත්තෙන් දකුණු අපි‍්‍රකානු නායකයා පන්දු යවන්නන් පස්දෙනකුගේ සේවය ලබාගත් නමුත් ඕවර 40 කදී ඔහුට දවාගත හැකිවූයේ කඩුලූ 4 ක් පමණි. කුසල් ජනිත් සහ සංගක්කාර දෙදෙනාම දැවී ගියේ දෙගිඩියාවෙන් යුතුව තමන්ගේ පහර ගැසීමට යාම හේතුවෙනි.
ඩිල්ෂාන් මෙම කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ එක්දින තරග 11 කදී ලකුණු 768 ක් රැුස්කරගෙන ඇති අතර මෙම කී‍්‍රඩාංගණයේදී ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය ලකුණු 96.00 කි. එම ඉනිම 11 දී ශතක 5 ක් සහ අර්ධ ශතකයක් (86* ලබාගැනීමටද ඩිල්ෂාන් සමත් වී තිබේ.
වර්නන් ෆිලැන්ඩර් සහ ඬේල් ස්ටෙයින් දෙදෙනා විසින් යවන ලද මුල් ඕවර දෙකේදී ලකුණු 18 ක් උදුරාගත් ඩිල්ෂාන් සහ කුසල් ජනිත් දෙදෙනාගෙන් කුසල් ජනිත්ගේ ඉනිම ලකුණු 7 කට සීමා කිරීමට ෆිලැන්ඩර් සමත් විය. සංගක්කාරද පන්දු 9 කට මුහුණ දීමෙන් පසුව ලකුණු 7 කට දැවී ගියත් දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගත් ඩිල්ෂාන් පන්දු 40 කදී සිය 37 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ විදුලි වේගයෙන් හතරේ සීමාව පසුකර ගිය පහර 8 කින් නරඹන්නන් කුල්මත් කරමිනි.
ඬේල් ස්ටෙයින් හමුවේ ඩිල්ෂාන් ගැසූ වේගවත් ස්ටේ‍්‍රට් ඩ‍්‍රයිව් පහරකින් මුහුණ බේරා ගැනීමට ගත් උත්සාහයේදී අත තුවාල කරගැනීම නිසා ස්ටෙයින් පන්දු යැවීම නවතා ආපසු කී‍්‍රඩාගාරයට ගියේය. ස්ටෙයින්ගේ ඕවරයේ ඉතිරි පන්දු 4 යැවීමට පැමිණි ජේ. පී. ඩුමිනිගෙන් ලකුණු 10 ක් උදුරා ගැනීමට ඩිල්ෂාන් පසුබට නොවීය.
ඬේල් ස්ටෙයින්ගේ අතේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගැනීම සඳහා ඔහු රෝහලට යවන ලද අතර එහි අස්ථි පිපිරීමක් නැතැයි වෛද්‍ය වාර්තා වලින් කියැවිණ.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර දෙපිලම පළමු එක්දින තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ම මෙම තරගය සඳහාත් කැඳවා තිබිණ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.