Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 තරග දිනන්නත් ඕනෑ - කළුවිතාරණ

තරග දිනන්නත් ඕනෑ - කළුවිතාරණ

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේදී ජාතික කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීම පමණක් නොව තරගයේ අසීරු අවස්ථා මනාව පාලනය කරගනිමින් තමන්ගේ කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යාමටත් කී‍්‍රඩකයන් ඉගෙන ගත යුතු යයි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ප‍්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා කියයි.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (6 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම ටෙස්ට් තරගාවලියට පොරතුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කළුවිතාරණ මහතා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයකුගේ ආකල්ප කුමන ආකාරයේ විය යුතුද යන්න කළ විමසීමකදී මේ බව පැවසීය.

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිදැස් පිරවිය හැකි කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ සිටින බවත් එම ස්ථාන ලබාගැනීම සඳහා කී‍්‍රඩකයන් දස්කම් වලින් මෙන්ම මානසිකව සහ ආකල්පමය වශයෙන්ද සූදානම් විය යුතු බවත් කළුවිතාරණ මහතා පැවසීය.

”එක්දින තරග හොඳයි. ඒත් ටෙස්ට් තරගයකින් තමයි අපට කී‍්‍රඩකයන්ගේ නියම හැකියාව, චිත්ත ධෛර්යය වගේම ආකල්ප මොනවාද කියලත් බලාගන්න පුළුවන්”

”අපට ඒකට කාලය තියෙනවා. මේ අලූත් කී‍්‍රඩකයන් එක්ක අවුරුද්දක් දෙකක් වත් වැඩකරන්න පුළුවන් වුණොත් අපට හොඳ කී‍්‍රඩකයන් කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන්” යයිද කළුවිතාරණ මහතා පැවසීය.

කළුවිතාරණ මහතා සිය ඉදිරිපෙළ පිතිකරුවන්ට දෙන උපදේශය වන්නේ ”අංක 6 පිතිකරුවාගෙන් පල්ළෙහා ඉන්න අය පිටියට යවන්න එපා” කියාය. කණ්ඩායමක සිටින පිතිකරුවන් තමන්ගේ වගකීම බාරගෙන කටයුතු කළ යුතු බවත් අංක 6 ස්ථානය දක්වා පිතිකරුවන් ලකුණු රැස්කිරීමේ වගකීම බාරගත යුතු බවත් කළුවිතාරණ මහතා කියයි.

”මේ හැම කී‍්‍රඩකයෙක් ගැනම හොඳ පැහැදීමක් අපට තියෙනවා. අපි ඔවුන් හැම කෙනා දිහාම ඉතාමත් සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා.... පිට්ටනියේදී විතරක් නෙමේ, හෝටලයේදී විතරක් නෙමේ ඉන් පිටතදී වුණත් අපි ඔවුන් ගැන ඇහැ තියාගෙන ඉන්නවා....”

”ඒත් ඔවුන් පසුපස්සේ ගිහිල්ලා ඔවුන්ගේ හෙවණැල්ලක් වෙන්න බෑ..එතැනදි ඔවුන්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ගමන හදාගන්න”

”පුහුණුකරුවන් වශයෙන් අපට පුළුවන් නිවැරදි මාර්ගය මේකයි කියලා පෙන්වා දෙන්න. ඒ මාර්ගයේ යන එක කී‍්‍රඩකයන්ගේ වගකීමක්” යයිද කළුවිතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

මෑතකදී නිමාව දුටු දේශීය අන්තර් සමාජ තරගාවලියේදී හොඳින් ලකුණු මෙන්ම කඩුලූද ලබාගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයෝ ටෙස්ට් තරගාවලිය සඳහා මනා සූදානමකින් සිටින බව නායක අශාන් පි‍්‍රයන්ජන් කියයි.

ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණ තණතීරුවේ වේගය මෙන්ම ඉපිළීමද හොඳින් තිබේ. තුන්වැනි එක්දින තරගයේදී ඒ බව ඉතාමත් පැහැදිළිවම දැකගත හැකි විය. මෙම තත්ත්වයත් ජාතික කණ්ඩායමේ අවශ්‍යතාත් සලකා බැලීමේදී අනුමාන කළ හැකි කාරණය වන්නේ අද ආරම්භ වන තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන්නන් තිදෙනකු කී‍්‍රඩා කළ හැකි බවයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතුරින් ධනංජය සිල්වා සහ නායක අශාන් පි‍්‍රයන්ජන් දෙදෙනාම පිට දග පන්දු යැවීමේ හැකියාවෙන් යුතු කී‍්‍රඩකයෝ වෙති. එබැවින් වමතින් පා ද`ග පන්දු යවන කී‍්‍රඩක මාලින්ද පුෂ්පකුමාරට අවස්ථාවක් හිමිවීමට වැඩි ඉඩක් ඇතත් තරිඳු කෞෂාල් පිළිබඳවත් අමතක කළ නොහැක්කේ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් වමත් පිතිකරුවන් කිහිප දෙනකුගෙන්ම සමන්විත වන බැවිනි.

එක්දින තරගාවලියේදී පාකිස්තානු ‘ඒ’ පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ වේග පන්දු යවන්නා වූ බිලාවල් භාටි පාකිස්තානු ටෙස්ට් පිලට එක්වීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර තවත් කී‍්‍රඩකයෝ සිවු දෙනෙක් අපසු සියරට ගොස් සිටිති. ඒ වෙනුවට පාකිස්තානු ‘ඒ’ සංචිතයට වෙනත් කී‍්‍රඩකයෝ පස් දෙනෙක් එක්ව සිටිති.

අද්නන් අක්මාල්, ෂාන් මසූඞ්, උස්මන් සලාවුද්දීන්, අලී අසාඞ් සහ ෂෙශාඞ් අසාම් පාකිස්තානු ‘ඒ’ ටෙස්ට් සංචිතයට එක්ව සිටිති.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
අශාන් පි‍්‍රයන්ජන් (නායක), රොෂේන් සිල්වා, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, කසුන් මධුසංඛ, අසේල ගුණරත්න, මාධව වර්ණපුර, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු සහ නිසල තාරක

පාකිස්තානු ‘ඒ’ සංචිතය
ෆවාඞ් අලාම් (නායක), කුරාම් මන්සූර්, උමින් සිද්දික්, අලි වකාස්, ඉමාඞ් වසිම්, ශෆාර් ගොහාර්, ශෙෂාබ් අහමඞ්, මීර් හම්සා, එෂාන් අදිල්, අද්නන් අක්මාල්, ෂාන් මසූඞ්, උස්මන් සලාවුදීන්, අලි අසාද්, ෂෙශාඞ් අසාම්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්

 


අදහස් (0)

තරග දිනන්නත් ඕනෑ - කළුවිතාරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.