Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 දෙපිලම පළමු වාසිය සොයති

දෙපිලම පළමු වාසිය සොයති

ශනුක අරවින්ද - 2015 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (13 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර එම තරගය විසඳුමකින් තොරව අතහැර දමන ලද හෙයින් මේ වන විටත් තරගාවලිය විවෘත තත්ත්වයක තිබේ. වර්ෂාව දිගින් දිගටම බාධා කරාවි යන සැකය ඇති හෙයින්දෝ දෙපිලේම නායකයන් උත්සුක වන්නේ කෙසේ හෝ තරගයක් ජයගෙන තරගාවලියේ වාසිය මිටමොළවා ගැනීමයි.

”එදා තරගයේදීත් අපි හොඳින් කී‍්‍රඩා කළා,

”පිතිකරුවන් හැම දෙනාම වගේ ලකුණු අතර ඉන්නේ. ඒත් අවාසනාවකට වගේ ලකුණු 20 ක 30 ක ආරම්භයක් ලබාගන්නා පිතිකරුවන් ඒ ආරම්භය දිගටම ගෙනියන්නේ නෑ. ඒ තත්ත්වය ම`ග හරවාගත්තොත් මේ තරගයේදී අපට හොඳ ප‍්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්” යයි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක අශාන් පි‍්‍රයන්ජන් අද (12 වැනිදා) පෙරවරුවේදී පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් කිරීමෙන් අනතුරුව පැවසීය.

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පුහුණුවීම් සඳහා පස්වරු 1.45 ට පමණ කී‍්‍රඩාංගණයට එන විටත් වර්ෂාව ඇදහැළෙමින් තිබූ අතර තණතීරුව ආවරණය කර තිබිණ.
”අයියෝ...!” යන්න කී‍්‍රඩකයන්ගේ කාමරයෙන් කී‍්‍රඩාපිටියට පිවිසි පළමු පාකිස්තානුවාගේ ප‍්‍රතිචාරය විය.

සිය ප‍්‍රතිචාරය දෙස විමසුම් ඇසින් බලනු දුටු එම කී‍්‍රඩකයා නොපැකිළවම කියා සිටියේ වර්ෂාවෙන් මෙම තරගයටත් බාධා ඇතිවීම තමන්ගේ මහත් කණස්සල්ලට හේතුවක් වූ හෙයින් එසේ කියැවුණු බවයි.
 
”අපි මේ තරගාවලියට ආවේ ගොඩාක් දුර ඉඳලා....අපි ආවේ කී‍්‍රඩා කරන්නයි..... අර එදා තරගයේ අන්තිම දවසේ වගේ කී‍්‍රඩකයන්ගේ කාමරයට වෙලා ඉන්න නොවේ” යයිද එම කී‍්‍රඩකයා වැඩිදුරටත් පැවසීය.

මෙම කී‍්‍රඩකයා එක්දින තරගාවලියේදී පාකිස්තානු ‘ඒ’ පිල නියෝජනය නොකළ අයෙකි. එක්දින තරගාවලියට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් පස් දෙනකු නැවත පාකිස්තානය බලා ගිය අතර නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා වෙනත් කී‍්‍රඩකයෝ පස් දෙනෙක් පාකිස්තානු ‘ඒ’ පිලට එක්වූහ.

ඔවුන්ගේ අපේක්‍ෂාව වන්නේ කී‍්‍රඩා කරමින් පාකිස්තානු ජාතික කණ්ඩායමේ ස්ථාන සොයා ගැනීමයි.

පාකිස්තානු ‘ඒ’ නායක ෆවාඞ් අලාම් පවසන්නේ කොළඹ තරගයේදී තම පිතිකරුවන් ලකුණු 400 ක් ලබාගත් බවත් පන්දු යවන්නන් වුවද ලකුණු 115 කට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනකු දවාගත් හෙයින් මෙම තරගයේදී ජයග‍්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තුවක් තබාගත හැකි බවත්ය.

”මේ තරගාවලියේ කොතැනින් හෝ අපි වාසිය මිට මොළවා ගන්න  ඕනේ. ඒක මේ තරගයේදී වෙනවා නම් අපි කැමතියි” යයිද ෆවාඞ් අලාම් පැවසීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ නායක අශාන් පි‍්‍රයන්ජන්ගේ අදහස වන්නේ නැවත වතාවක් වේග පන්දු යවන්නන් තිදෙනකු හා ද`ග පන්දු යවන්නකු සමග තරගයට පිවිසීමයි.

එහෙත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත
.
පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ තණතීරුව ඔවුන් කොළඹදී දුටු තණතීරුවට වඩා තරමක් හරිත වර්ණයෙන් යුතු හෙයින් ශී‍්‍ර ලංකා ‘ඒ’ නායකයා බලාපොරොත්තු වන්නේ කාසියේ වාසිය දිනාගතහොත් පාකිස්තානු පිතිකරුවන් පළමුවෙන් පිටියට තල්ලූ කිරීමටයි.

”එහෙම කරන්න පුළුවන් වුණොත් ඒ ගොල්ලන්ව ලකුණු 300 කට අඩුවෙන් නතර කරගන්න වෙනවා” යයිද අශාන් පි‍්‍රයන්ජන් පැවසීය.

අද පෙරවරුවේදී දැඩි හිරුරැුස් කී‍්‍රඩාංගණයට පතිත වූ නමුත් දහවල් 1.30 වන විට වර්ෂාව ඇරඹිණ. වර්ෂාව දිගු වේලාවක් නොපැවති නමුත් ප‍්‍රදේශවාසීන් කීවේ පසුගිය දින කිහිපයේදීම සවස් වරුවේ වර්ෂාව ඇති වූ බවත් නිසැක වශයෙන්ම ඉදිරි දින කිහිපයේදීත් සවස් වරුවේ වර්ෂාව ඇතිවිය හැකි බවත්ය.

ප‍්‍රදේශවාසීන්ගේ කියමන් සැබෑවක් බවට පත්කරමින් අද පස්වරු 4.30 වන විට පල්ලෙකැළේ සහ දිගන ප‍්‍රදේශයන්ට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළෙන්නට වූ අතර එම වර්ෂාව පැය එකහමාරක් පමණ නොකඩවා පැවතිණ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
අශාන් ප‍්‍රියන්ජන් (නායක), උදාර ජයසුන්දර, ධනංජය ද සිල්වා, මාධව වර්ණපුර, කිත්රුවන් විතානගේ, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු රොෂේන් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක සහ කසුන් මධුසංක

පාකිස්තාන් ‘ඒ’ සංචිතය
ෆවාඞ් අලාම් (නායක), උමාර් අමීන්, අලි අසාඞ්, කුරාම් මන්සූර්, අද්නන් අක්මාල්, ෂසායිබ් අහමඞ්, සියා උල් හක්, මීර් හම්සා, උමාර් සිද්දික්, අලි වකාස්, ෂශාඞ් අසාම්, ෂාන් මසූඞ්, උස්මන් සලාවුද්දීන්, සෆාර් ගෝහාර්, තබීෂ් ඛාන් සහ ඉමාඞ් වසිම්

 


අදහස් (0)

දෙපිලම පළමු වාසිය සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.