Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ සෙනසුරාදා පස්වරුවේදී තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 206 ක් ලබා සිටියේය.
තරග තුනකින් සමන්විත තරගාවලියේ ඉතිරිව ඇති එකම තරගය තරගාවලියේ ඉරණම තීන්දු කරන තරගය බවට පත්ව තිබේ.
තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු ‘ඒ’ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටි නමුත් සෙනසුරාදා පෙරවරුවේදී යවන ලද ඕවර 20 ක් ඇතුළතදී පාකිස්තානු ‘ඒ’ පිලේ ඉතිරි කඩුලූ 5 ම ලකුණු 45 කට දවාගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
සෙනසුරාදා පෙරවරුවේදී ඕවර 12 ක් යැවූ ළහිරු ගමගේ (7-2-10-3) සහ තරිඳු කෞෂාල් (5.3-0-16-2) පාකිස්තානු ‘ඒ’ ඉනිමේ අවසානය ඉක්මන් කළහ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් මුල් ඉනිමේදී ලකුණු 96 ක් ලබාගත් ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ උදාර ජයසුන්දර සහ මාධව වර්ණපුර මුලූ ලකුණු සංඛ්‍යාව 157 ක් වනතුරු පාකිස්තානු පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදීම ලකුණු පුවරුව කි‍්‍රයාත්මක කළහ.
පන්දු 159 කට මුහුණ දුන් මලින්ද වර්ණපුර හතරේ පහර 11 ක් සහිතව ලකුණු 80 ක් ලබා සිටියදී සෆාර් ගෝර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල ආවරණය කිරීමට හසුව දැවී යාම නිසා දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳී ගියේය.
අශාන් පි‍්‍රයන්ජන් පිටියට පිවිසෙන විටත් ශතකය පෙනන මායිමේ සිටි උදාර ජයසුන්දර, නායකයාගේ සහයෝගය මනාව ලබාගනිමින් සිය ඉලක්කය කරා පියමං කළ නමුත් ඊට පෙර දින තුනේදී ධනංජය ද සිල්වා (96), කිත්රුවන් විතානගේ (96) සහ උස්මාන් සලවුද්දින් (86) යන තිදෙනාටම ශතක අහිමි කළ පල්ලෙකැළේ තණතීරුව උදාර වෙනුවෙන් අමුතු කරුණාවක් නොදැක්වීය. උදාර දැවී යන විට පන්දු 151 කට මුහුණ දෙමින් ඒවායින් 10 ක් හතරේ සීමාව කරා යවා තිබිණ.
උදාර ලකුණු 92 කට දැවී යන විටත් ඉතිරිව පැවැතියේ ඕවර අතළොස්සක් පමණක් වූ හෙයින් දෙපිලේ නායකයෝ තරගය අතහැර දැමීමට එකගවූහ.
තුන්වැනි සහ අවසන් නිල නොවන ටෙස්ට් තරගය මේ මස 20 වැනිදා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 327
පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම 333
ශී‍්‍ර ලංකා ඒ’ - දෙවැනි ඉනිම
උදාර ජයසුන්දර - ප.ඉමාඞ් වසිම් 92
ධනංජය ද සිල්වා - ප.ඉමාඞ් වසිම් 0
මාධව වර්ණපුර - ක.මු.කළා ප.සෆාර් ගෝර් 80
අශාන් පි‍්‍රයන්ජන් - නොදැවී 24
අතිරේක 10
එකතුව ඕවර 61.5 කදී කඩුලූ 3 ක් දැවී 206
කඩුලූ වැටීම :
1-03(ධනංජය), 2-157(මාධව), 3-206(උදාර)
පන්දු යැවීම :
තබීෂ් ඛාන් : 10-2-37-0, මීර් හම්සා : 12-3-29-0, ඉමාඞ් වසිම් : 8.5-0-21-2, සියා උල් හක් : 8-0-42-0, සෆාර් ගෝර් : 21-2-63-1, ෆවාඞ් අලාම් : 2-0-05-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.