Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තය සහ නවසීලන්තය ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 134 ක වාසියක් ලබා ගැනීමට නවසීලන්ත පිල සමත් විය. තරගයේ තෙවැනි දිනය (23 දා) අවසන් වන විට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්ත පිල කඩුලූ 02 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.
වසර 50 කට පසුව ටෙස්ට් ක‍්‍රිකට් තරගයකදී නවසීලන්තයේ පළමු පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතකයක් හෝ ඊට වැඩියෙන් ලබා ගැනීමට මෙම තරගයේදී සමත්වීම හේතුවෙන් පළමු ඉනිමේදී ලකුණු 523 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නවසීලන්තයට හැකිවිය.
මීට පෙර 1965 දී පකිස්තානයට එරෙහිව නවසීලන්ත කණ්ඩායමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතකයක් හෝ ඊට වැඩියෙන් වාර්තා කිරීමට සමත්ව තිබේ.
නවසීලන්ත පිලේ මාටින් ගප්ටිල් (70), ටොම් ලෙතම් (59), කෙන් විලියම්සන් (132) සහ රෝස් ටේලර් (62) අර්ධ ශතකය ඉක්මවා ලකුණු රැස් කළ පළමු පිතිකරුවන් සිව්දෙනා වේ. එම ලැයිස්තුවේ පස්වැන්නා වීමට නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ට අවස්ථාව තිබුණද ඔහු ලකුණු 42 කට පිටියෙන් ඉවත් විය.
එක්දින තරගයක මෙන් ලකුණු රැස් කළ මැකලම් පන්දු 38 කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කිරීමට සමත් විය.
නවසීලන්තයේ කඩුලූ රකින ක‍්‍රීඩක බී.ජේ. වොට්ලින් පන්දු 82 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් විය. එය ඔහුගේ 09 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස සටහන් වේ.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් පන්දු 262 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 132 ක් ලබා ගැනීමට සමත් විය.
දෙවැනි දිනය අවසන් වන විට ලකුණු 92 ක් ලබා සිටි විලියම්සන් ඊයේ දිනයේ යවන ලද දෙවැනි පන්දුවාරයේදී 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.
විලියම්සන් සහ රෝස් ටේලර් නවසීලන්ත පිලේ ඉහළම කඩුලූ සබඳතාව වාර්තා කරමින් පන්දු 302 කදී ලකුණු 189 ක් තෙවැනි කඩුල්ලට එක් කළහ. එය ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ දෙවැනි හොඳම කඩුලූ සබඳතාව ලෙසින් සටහන් වේ.
ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ තෙවැනි කඩුල්ලේ ඉහළම සබඳතාව ලෙස සටහන් වන්නේ 1947 දී දකුණු අප‍්‍රිකාවට එරෙහිව එංගලන්ත පිතිකරුවන් දෙදෙනකු වූ බිල් එඞ්රිච් සහ ඩෙනිස් කොම්ප්ටන් එකතුව වාර්තා කළ ලකුණු 370 ක සබඳතාවයි.
එය ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව ලෙස තවමත් නොබිඳී පවතී. ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවකට කඩුලූ රකින ජෝස් බට්ලර් අතට උඩපන්දුවක් දී දැවී රොස් ටේලර් යාමත් සමග තෙවැනි කඩුල්ලේ සබඳතාව නිමා විය. ටේලර් දැවී යන විට පන්දු 135 කදී හතරේ පහර හතක් සමග ලකුණු 62 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 303 ක් වාර්තා කිරීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වූ අතර ඊයේ දිනයේදී තවත් ලකුණු 202 ක් එක්කරන අතරවාරයේදී ඔවුන්ගේ කඩුලූ 8 ක් බිඳ වැටිණි. එහිදී නවසීලන්තයේ අවසන් කඩුලූ හතර ලකුණු 53 කදී බිද දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. මොයින් අලී, ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ මාර්ක් වුඞ් කඩුලූ තුන බැගින් බිඳ දැමූහ.
නවසීලන්ත පිල ලබාගත් ලකුණු 523 න් ලකුණු 67 ක්ම අතිරේක ලකුණු ලෙස සටහන් විය. එහිදී කඩුලූ රකින්නාට අතහැරීමෙන් ලකුණු 26 ක්ද පිතිකරුවන්ගේ පාදයේ වැදී ගිය ලකුණු 34 ක්ද වයිඞ් සහ නිපන්දුවලින් ලකුණු හතක්ද අතිරේක ලකුණු සංඛ්‍යාවට එකතු විය.
පළමු ඉනිමේ ලකුණු 134 ක් පිටු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹු එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස ඇඩම් ලෙත් ලකුණු 12 කට දවා ගැනීමට ටේ‍්‍රන්ට් බෝල්ට් සමත් විය. අංක තුන පිතිකරු ලෙස පැමිණි ගැරී බැලන්ස් පන්දු 12 කට මුහුණ දී ලකුණු නොලබා දැවී ගිය අතර ඔහු පළමු ඉනිමේදීද එක් ලකුණකට දවා ගැනීමට බෝල්ට් සමත් විය. එම අවස්ථා දෙකේදීම බැලන්ස්ගේ උඩපන්දු ස්ලිප් ස්ථානයේ සිට රැුක ගැනීමට ටිම් සවුති සමත් විය.
එංගලන්තය පළමු ඉනිම - ඕවර 100.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 389 යි.
නවසීලන්තය පළමු ඉනිම - ඕවර 131.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 523 යි.
(මාටින් ගප්ටිල් 70, ටොම් ලෙතම් 59, කේන් විලියම්සන් 132, රොස් ටේලර් 62, බී. ජේ. වොට්ලින් 61, බ්‍රෙන්ඩන් මැකලම් 42, ස්ටුවර්ට් බ්‍රෝඞ් 77/3 , මාර්ක් වුඞ් 93/3, මොයින් අලී 94/3 )
එංගලන්තය දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 74
(ඇලිස්ටයාර් කුක් නොදැවී 32, ඉයන් බෙල් නොදැවී 29, ටේ‍්‍රන්ට් බෝල්ට් 22/1, ටිම් සවුති 30/1)
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.