Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත ‘නිල නොවන’ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඉරිදා (26) පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දෙකටම දෙරටේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට නායක අෂාන් ප‍්‍රියංජන්, කුසල් පෙරේරා, කිත්රුවන් විතානගේ, තරිඳු කෞෂාල් සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති.
පාකිස්තානු ‘ඒ’ පිලට නායක ෆාවාඞ් අලාම්, කුරාම් මන්සූර්, සාද් නසීම් සහ බිලාවල් බට් යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා කරති.
අෂාන් ප‍්‍රියංජන්, කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ යන ක‍්‍රීඩකයන්ට මහේල සහ සංගක්කාර එක්දින පිටියෙන් සමුගැනීමත් සමඟ පුරප්පාඩු වූ ස්ථානවලට පැමිණීමට මෙම තරගාවලිය ඉතාමත් හොඳ අවස්ථාවක් බවට මෙම තරගාවලිය පත්ව තිබේ.
පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් පැවසුවේ පාකිස්තානු ජාතික කණ්ඩායම බංග්ලාදේශය හමුවේ පසුගියදා ලැබූ අනපේක්‍ෂිත පරාජය පිළිබඳව තම කණ්ඩායම අවධානය යොමු කරමින් ඒ පිළිබඳව කණ්ඩායම් කළමණාකාරිත්වය සමඟ සාකච්ඡුා කඛළ බවයි.
‘‘අපේ කණ්ඩායම හොඳට ක‍්‍රීඩා කළේ නෑ. නමුත් බංග්ලාදේශය ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ එවැනි දේ විය හැකියි’’ යැයි අලාම් වැඩි දුරටත් පැවසීය.
බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයට ක‍්‍රීඩා කළ සාද් නසීම් මෙම තරගාවලියට සහභාගි වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරි`දු කෞෂාල්, ලක්‍ෂාන් සඳකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක
පාකිස්තානු ‘ඒ’ සංචිතය:
ෆාවාඞ් අලාම් (නායක), උමීර් අමීන් (උප නායක), කුරාම් මන්සූර්, උමීන් සිද්දික්, අලී වකාස්, ඉම්මාද් වසිම්, ශෆාර් ගොහාර්, ශෂුබ් අහ්මඞ්, මීර් හම්ෂා, බිලාවල් බට්ටි, මොහොමඞ් රිස්වාන්, මුක්තාර් අහ්මඞ්, සාද් නසීම්, එසාන් අදිල්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.