Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාකිස්තානු ‘ඒ’ පිල කඩුලූ 5 ට 244 යි

පාකිස්තානු ‘ඒ’ පිල කඩුලූ 5 ට 244 යි

ශනුක අරවින්ද - 2015 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භ වූ පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද සවස තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 244 ක් ලබා සිටියේය.

උමේර් අමීන් ශතකය පෙනි පෙනී දැවී ගියද ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් පළමු දිනයේ ගෞරව පාකිස්තානු ‘ඒ’ පිලට හිමිකරදුන් අතර ඔහුට අනගි සහයෝගයක් දුන් කුරාම් මන්සූර් පැය හතරකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 82 ක් ලබාගත්තේය. දිනයේ යැවුණු  ඕවර 80 දී ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයන් අතින් උඩපන්දු 5 ක් ගිළිහී යාමත් පාකිස්තානුවන්ගේ වාසියට හිටියේය.

පළමු කඩුල්ල ලකුණු 22 දී දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුරාම් මන්සූර් සහ උමේර් අමීන් පාකිස්තානු ‘ඒ’ පිල ස්ථාවර තත්ත්වයකට කැඳවාගෙන ආහ. මන්සූර් දැවී ගිය පසුව ලකුණු රැස්කිරීමේ බර කරටගත් උමේර් අමීන් විනාඩි 316 ක් තිස්සේ පන්දු 202 කට මුහුණ දුන්නේ ඒවායින් 7 ක් හතරේ සීමාවට පිටත්කර හරිමිනි.

පිතිකරුවන්ගේ දර්ශන තිර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඇතිවූ අපහසුතා හේතුවෙන් තරගය ගලාගියේ ඉතාමත් සෙමිනි. එසේ වුවත් තම මානසික ඒකාග‍්‍රතාව පවත්වාගෙන ගිය පාකිස්තානු පිතිකරුවෝ හීන්සීරුවේම ලකුණු පුවරුව කි‍්‍රයාත්මකව තැබූහ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ වඩාත්ම වේගවත් පන්දු යවන්නන් දෙදෙනා වන දුෂ්මන්ත චමීර (ඕවර 15) සහ විශ්ව ප‍්‍රනාන්දු (ඕවර 13)  ඕවර 28 ක් යැවීමට අවස්ථා 7 කදී පන්දුව බාරගත්හ. මෙම පන්දු යවන්නන් දෙදෙනාට දී ඇති උපදේශය වන්නේ පන්දු යැවීමේ වාර (ඕවර කිහිපයක එකතුවක්) කිහිපයක් යොදා ගනිමින් එම පන්දු වාරය තුළ හැකිතරම් වේගයෙන් පන්දු යවන ලෙසයි.

පසුගිය දිනවල තරම් දැඩි හිරු රශ්මියක් පිටියට පතිත නොවූ අතර තරමක මන්දාරම් ගතියක් උදෑසන සිටම කී‍්‍රඩාංගණය වටා පැතිර තිබිණ. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

ටෙස්ට් කී‍්‍රඩකයකුද වන කුරාම් මන්සූර් දවාගැනීමේ අවස්ථා දෙකක් දුන් අතර තේ පානයට ඕවරයක් තිබියදී අලි අසාඞ් දුන් උඩපන්දුවක් ඞීප් ෆයින් ලෙග්හි සිටි උදාර ජයසුන්දරගේ අත් අතරින් බිම වැටිණ. උමේර් අමීන් ලකුණු 64 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ගලී හි සිටි ධනංජය ද සිල්වාගේ අත් අතරින් රූටා යද්දී දුෂ්මන්ත චමීර තුන්වැනි වතාවටත් අවාසනාවන්ත පන්දු යවන්නා විය.


ලකුණු පුවරුව

පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම
කුරාම් මන්සූර් - ක.මු.කළා ප.කෞෂාල්    82
උමාර් සිද්දික් - ඇ.කුසල් පෙරේරා ප.ප‍්‍රනාන්දු    6
උමේර් අමීන් - ඇ.පි‍්‍රයන්ජන් ප.කෞෂාල්    99
අලි අසාඞ් - ක.මු.කළා ප.ද සිල්වා    21
ෆවාඞ් අලාම් - නොදැවී    17
අලි වකාස් - ඇ.ගුණරත්න ප.ද සිල්වා    0
අද්නන් අක්මාල් - නොදැවී    0
අතිරේක    19

එකතුව  ඕවර 80 කදී කඩුලූ 5 ක් දැවී     244

කඩුලූ වැටීම :
1-22(සිද්දික්), 2-157(මන්සූර්), 3-208(අසාඞ්), 4-243(අමින්), 5-244(වකාස්)

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ
ෂෙසායිබ් අහමඞ්, සියා උල් හක්, මීර් හම්සා සහ ෂශාඞ් අසාම්

පන්දු යැවීම :
ළහිරු ගමගේ : 16-2-35-0, විශ්ව ප‍්‍රනාන්දු : 13-2-30-1, දුෂ්මන්ත චමීර : 15-0-69-0, තරිඳු කෞෂාල් : 20-4-46-2, අශාන් පි‍්‍රයන්ජන් : 3-0-21-0, ධනංජය ද සිල්වා : 13-4-28-2

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම
අශාන් ප‍්‍රියන්ජන් (නායක), උදාර ජයසුන්දර, ධනංජය ද සිල්වා, මාධව වර්ණපුර, කිත්රුවන් විතානගේ, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප‍්‍රනාන්දු

 

 

 


අදහස් (0)

පාකිස්තානු ‘ඒ’ පිල කඩුලූ 5 ට 244 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.