Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (15 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු ‘ඒ’ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.
පාකිස්තාන් ‘ඒ’ පිලේ පළමු කඩුලූ 3 ලකුණු 87 කට බිම දැමීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සමත් වූ නමුත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උස්මාන් සලාවුද්දීන් (නොදැවී 86) සහ ෆවාඞ් අලාම් (64) ගෞරවය රැකගතහැකි ඉසව්වකට සංචාරක කණ්ඩායම කැඳවාගෙන ගියහ.
පන්දු 90 කට මුහුණ දුන් ෆවාඞ් අලාම් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් ඉනිම සැරසීමෙන් අනතුරුව කුසල් පෙරේරාට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.
පන්දු 132 කදී සිය අර්ධ ශතකය ලබාගත් සලාවුද්දීන් දිනය නිමා වන විට හතරේ පහර 10 ක් සහිතව ලකුණු 86 ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් දීර්ඝ පන්දු යැවීමක නිරත වූ තරිඳු කෞෂාල් ලකුණු 72 කට කඩුල්ලක් දවාගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 48 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා (14 වැනිදා) ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 327 කට දවාගැනීමට පාකිස්තානුවෝ සමත් වූවද ඉන් අනතුරුව පැවැති වර්ෂාව සහ මන්දාලෝකය නිසා දෙවැනි දින පස්වරුව සම්පූර්ණයෙන්ම අපතේ ගියේය.
හෙට (16) තරගයේ අවසන් දිනයයි
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම 327
පාකිස්තාන් ‘ඒ’ - පළමු ඉනිම
කුරාම් මන්සූර් - ඇ.ගුණරත්න ප.චමීර 13
ෂාන් මසූඞ් - ප.කෞෂාල් 39
උමාර් අමීන් - ප.ධනංජය 20
උස්මාන් ෂලාවුද්දීන් - නොදැවී 86
ෆවාඞ් අලාම් - ඇ.කුසල් පෙරේරා ප.චමීර 64
ඉමාඞ් වසිම් - ඇ.කුසල් පෙරේරා ප.විශ්ව ප‍්‍රනාන්දු 21
අද්නන් අක්මල් - නොදැවී 16
අතිරේක 28
එකතුව ඕවර 95 කදී කඩුලූ 5 ක් දැවී 287
කඩුලූ වැටීම
1-31(කුරාම් මන්සූර්), 2-56(උමාර් අමීන්), 3-87(ෂාන් මසූඞ්), 4-207(ෆවාඞ් අලාම්), 5-259(ඉමාඞ් වසිම්)
පන්දු යැවීම
ළහිරු ගමගේ : 17-5-61-0, විශ්ව ප‍්‍රනාන්දු : 15-4-33-1, දුෂ්මන්ත චමීර : 19-5-48-2, ධනංජය ද සිල්වා : 12-0-42-1, තරිඳු කෞෂාල් : 27-5-72-1, අශාන් ප‍්‍රියන්ජන් : 4-0-19-0, අසේල ගුණරත්න : 1-0-05-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.