Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලූ 2 ක ජයක් අත්කරගත් පාකිස්තාන පිල, දෙරට අතර පැවති තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කී‍්‍රඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
ප‍්‍රවේගකාරී ඉනිමක් (83) කී‍්‍රඩා කරමින් පළමු තරගයේ වීරයා බවට පත්වූ පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරු මුක්තාර් අහමඞ්, මෙම තරගයේදීද පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක් රැස්කරමින් පිට පිටම දෙවැනි වරටත් තරගයේ වීරයා සම්මානය තමන් සතු කරගත්තේය.
ශේන් විලියම්ස් සහ කි‍්‍රස් පොෆූ කඩුලූ 2 බැගින් දවාගනිමින් සිම්බාබ්වේ පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 175 ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ශේන් විලියම්ස් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කළේය.
හැමිල්ටන් මසකඞ්සා (39) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගෙඩනැගූ වුසී සිබන්ඩා (49), දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශේන් විලියම්ස් සමග එක්ව පන්දු 49 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිම්බාබ්වේ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු පන්දු 46 කදී වාර්ත වූ සිබන්ඩාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ මසකඞ්සාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පාකිස්තාන පිල වෙනුවෙන් නවුමන් අන්වර් සහ ඉමාඞ් වසීම් මෙම තරගයේදී විස්සයි20 ජාත්‍යන්තර වරම් ලබාගත්හ.
සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 175
(වුසී සිබන්ඩා 49, හැමිල්ටන් මසකඞ්සා 39, ශේන් විලියම්ස් නොදැවී 58, එල්ටන් චිගම්බූරා 21)
පාකිස්තාන පිල - ඕවර 19.4 කදී කඩුලූ 8 ක් දැවී 176
(අහමඞ් ශේෂාඞ් 18, මුක්තාර් අහමඞ් 62, නවුමන් අන්වර් 18, උමාර් අක්මාල් 30, කි‍්‍රස් පොෆූ 25/2, ශේන් විලියම්ස් 32/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.