Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 21 ක් තිස්සේ ශී‍්‍ර ලංකාවේදී එක්දින තරගාවලියක ජය සොයමින් සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම එහි ආසන්නයටම පැමිණ සිටියදී ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය හෙට (9 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ එකම දිවා/රාතී‍්‍ර තරගය වන මෙම තරගය හෙට පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
වර්ණභේදවාදී ප‍්‍රතිපත්ති හේතුවෙන් තහනම් රැුහැනින් බැඳ දමා සිටි දකුණු අපි‍්‍රකානුවන් ඉන් මිදුණේ 1991 දීය. අනතුරුව 1992 ලෝක කුසලන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකාව හමුවේ පරාජය වූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම 1993 ශී‍්‍ර ලංකා සංචාරයේදී දෙවැනි එක්දින තරගය ජයගත්තේ පළමු තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුවය.
කෙසේ වෙවත් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී තුන්වැනි තරගය ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය නොවී බේරාගත්තේය. එතැන් සිට ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 15 කින් දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ශී‍්‍ර ලංකා පිල පරාජය වී ඇත්තේ තරග 2 ක් පමණි.
බොහෝ අවස්ථාවන්හිදී දග පන්දුවෙන් දකුණු අපි‍්‍රකානුවන් මෙල්ල කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ගෙවී ගිය වසර 14 ක කාලයේදී ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 15 කින් තරග 12 ක් ජයගත්තේය.
එදා එසේ වුවත් මෙවර තත්ත්වය වෙනස් වී ඇත්තේ තරග 3 කින් සමන්විත තරගාවලියක පළමු තරගය ජයගැනීමට දකුණු අපි‍්‍රකානුවන් සමත්ව සිටින හෙයිනි.
එය පසුගිය වසර 21 තුළදීම ඔවුන්ට කරගත නොහැකි වූ දෙයකි. තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන හෙයින් තරගාවලිය ජයගැනීම සඳහා දකුණු අපි‍්‍රකානුවන්ට අවශ්‍ය වන්නේ තවත් එක ජයක් පමණි.
පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) රාති‍්‍රයේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ පවතින තත්ත්වය මත, තරගාවලියේ රැුඳී සිටීමට නම් ශී‍්‍ර ලංකා පිල හෙට තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු බවත් එබැවින් තමන්ගේ කණ්ඩායම පීඩනයට ලක්වී සිටින බවත්ය.
එහෙත් ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ කණ්ඩායම පීඩනය හමුවේ හොඳින් තරග කිරීමේ කීර්තියක් දිනා සිටී. ඇරත් දිගු කලකින් පරාජය වූ තරගයක් බැවින්, විශාල වෙනස්කම් වලට නොයා අඩුපාඩු හදාගැනීම තුළින් තරගය ජයගත යුතු බවත් මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
මෙම තත්ත්වය අනුව හෙට තරගයේදී වෙනස්කම් අපේක්‍ෂා කළ හැකි නමුත් ඒ විශාල වෙනස්කම් නොවේ. ඇතැම් විට නුවන් කුලසේකරගේ ස්ථානය සඳහා ඔහුට වඩා තරමක් වේගයෙන් පන්දු යවන තිසර පෙරේරා හෝ සුරංග ලක්මාල් කණ්ඩායමට පැමිණීමේ ඉඩක් තිබිය හැකිය. නුවන් කුලසේකරගේ පන්දු යැවීමේ සාමාන්‍ය වේගය පැ.කි.මී. 120 ත් 125 ත් අතර පවතින අතර තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් දෙදෙනාගේම පන්දු යැවීමේ සාමාන්‍ය වේගය පැ. කි. මී. 130 ඉක්මවා තිබේ.
පල්ලෙකැළේ තරගයේදී උපුල් තරංගට අවස්ථාවක් දීම සම්බන්ධයෙන්ද තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡ කරමින් සිටිති. නිමාවූ විස්සයි:20 තරගාවලියේදීත් උපුල් තරංග ඉතාමත් හොඳින් දස්කම් අතර සිටි හෙයින් තරංග පිළිබඳව විශේෂයෙන් සිතා බැලීමට තේරීම් කමිටු නිලධාරීන්ට සිදුවී තිබුණද තේරීම් කමිටු නිලධාරීන්ගේ හිසරදය වැඩි වන්නේ කණ්ඩායමෙන් ඉවත් කරන කී‍්‍රඩකයන් දෙදෙනා තෝරා ගැනීමට යාමේදීය.
කිසිදු අපහසුතාවකින් තොරවම පන්දුව නරඹන්නන් අතරට යැවීමේ හැකියාව ඇති තිසර පෙරේරාගේ සේවය තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින් ශී‍්‍ර ලංකා පිලට අත්‍යවශ්‍යව තිබෙන නමුත් අවසන් ඕවර කිහිපයේ පන්දු යැවීමේදී තිසර පෙරේරා දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන හෙයින් ඔහුගේ ස්ථානය වැට උඩ තිබේ.
කී‍්‍රඩා ලෝලීන් වඩාත් විමසිල්ලෙන් බලා සිටින්නේ මෙම තරගයේදී සිදුවන වෙනස්කම් දෙක කෙරෙහිය.
ශ‍්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, උපුල් තරංග, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල්
දකුණු අප‍්‍රිකානු සංචිතය:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි කොක්, ජේ. පී. ඩුමිනි, ෆෆ් ඩූ ප්ලෙසී, බියුරන් හෙන්රිකස්, ඉම්රාන් තාහිර්, ජැක් කලිස්, රයන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මොනේ මොර්කල්, වේන් පාර්නෙල්, ඒරන් පැන්ගිසෝ, වර්නන් පිලැන්ඩර් සහ ඬේල් ස්ටෙයින්
ඡයාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.