Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පීඩනය වැඩි වෙත්ම අපි ශක්තිමත් වුණා - මැතිව්ස්

පීඩනය වැඩි වෙත්ම අපි ශක්තිමත් වුණා - මැතිව්ස්

ශනුක අරවින්ද - 2014 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

එංගලන්ත මාධ්‍යයෙන් සහ වෙනත් ආකාරයෙන් එල්ල වූ පීඩනය වැඩි වෙන්න වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 100 ක ජයක් ලබමින් පළමු වරට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද (26) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණයේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

”මම හිතන්නේ අපේ සූදානම තමයි ජයග‍්‍රහණයට වැදගත් වුණේ.  අපි ලංකාවේදීම එංගලන්ත පරිසරයට සූදානම් වෙන්න උදේ පාන්දරම පුහුණුවීම ආරම්භ කළා. එංගලන්ත සංචාරයට පෙර අපි මාස කීපයක් ආසියාවේ ක‍්‍රීඩා කරලා තිබුණේ. ඒ නිසා ඒ පරිසරයට ගැඩහැගෙන්න සිද්ධ වුණා, දවසෙන් දවස හැම දෙයක්ම වෙනස් කරමින් ක‍්‍රීඩා කළා”

සචිත‍්‍ර සේනානායක පන්දුව දමා ගසන බවට චෝදනා එල්ලවීම, ඉන් අනතුරුව ජෝස් බට්ලර් දුවද්දී දවා ගැනීම යන සිද්ධි මුල්කරගනෙ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත මාධ්‍යයෙන් සහ වෙනත් පුද්ගලයන්ගෙන් එල්ල වූ චෝදනා පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

”අපිට ඒවා අභියෝගයක් වුණා. එක එක රටවල්වලට ගියාම විවිධ දේවල් වෙනවා. ඒවා ජය ගන්න කණ්ඩායමක් හැටියට ඉන්න  ඕනෑ”

”ඒ එල්ල වූ බාධාවලින් අපි ශක්තිමත් වුණා. බාධා එන්න එන්න අපි තව තවත් ශක්තිමත් වුණා මිස පස්සට ගියේ නෑ”

”අපේ කණ්ඩායම ගැටුම්වලට සම්බන්ධ වන කණ්ඩායමක් නොවෙයි. ඔවුන් අපිට එක එක දේවල් කිව්වා, අපිත් ඒවට උත්තර දුන්නා”

”අපේ කණ්ඩායම එකම පවුලක් වගේ හිටියා, ඒ නිසා කිසිදේකට පස්සට ගියේ නෑ. ජෝස් බට්ලර්ගේ සිද්ධියේදී වුණත් අපි ක‍්‍රිකට් නීතියට අනුවයි කටයුතු කළේ”

”කණ්ඩායමක් හැටියට අපිට ප‍්‍රශ්න අලූත් දේවල් නොවෙයි. ක‍්‍රීඩාංගණයට ගියාම අපිට ඒවා අමතක වෙනවා. ක‍්‍රීඩා කරන වෙලාවට අපේ එකම අරමුණ ජයග‍්‍රහණයයි. අපේ් කණ්ඩායම එක පවුලක් හැටියට ක‍්‍රීඩා කර ජයග‍්‍රහණ කරා යෑම එකම බලාපොරොත්තුවයි”

අවසන් ටෙස්ට් තරගයේ අවසන්  ඕවරය වන විට කඩුල්ල දවා ගැනීමට නොහැකිවේ යැයි සිතා සිටියේද යන ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.  

”අපිට ඔවුන්ගේ පසු පෙළ පිතිකරුවන් දවා ගන්න තරගාවලියේ මුල සිටම අමාරු වුණා. පළමු ටෙස්ට් තරගයේ ද ඔවුන්ගේ අවසන් පිතිකරුවන් තිදෙනා දවා ගන්න  ඕවර 30 ක් පමණ ගතවුණා. මේ ටෙස්ට් තරගයේදී අවසන් කඩුල්ල දවාගන්න  ඕවර 15 ක් විතර ගියා නමුත් මම සෑම උත්සාහයක්ම ගත්තා. මට හිතෙන්නේ ඒ  ඕවර 15 හෝ 16 තුළදී පන්දු යැවීමේ වෙනස්කම් දහයකට වැඩිය කළා”

”අවසන් මොහොතේ හෝ ඒ කඩුල්ල දවාගැනීමට හැකිවීම පිළිබ`දව සතුටු වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ ගුටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් විසින් චාම් අයුරින් පිළිගන්නා ලද අතර පසුව ටෙස්ට් සහ එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 නායක ලසිත් මාලිංග ක‍්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූහ.

මාධ්‍ය හමුවෙන් පසුව කේක් ගෙඩියක් කපා තරගාවලියේ ජයග‍්‍රහණය සැමරීය. මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු සහ කළමණාකරු මයිකල් ද සොයිසා යන මහත්වරු ද සහභාගි වූහ.

ඡයාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 


අදහස් (8)

පීඩනය වැඩි වෙත්ම අපි ශක්තිමත් වුණා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.