Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) වොලිබෝල් තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් (කාන්තා/පිරිමි) දෙක ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙම කණ්ඩායමට ඇතුළත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තායිලන්තයේදී දින හයක පුහුණු තරගමාලාවකට ද පසුගියදා සහභාගිවුහ.
ලබන පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ගුවහටි සහ සිලාන් යන නගර කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන 11 වැනි සාෆ් ක‍්‍රීඩා උළෙලේදී ශ්රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමෙන් රන් පදක්කම අපේක්ෂා කරන බවත්, පිරිමි කණ්ඩායමෙන් අවම වශයෙන් රිදී පදක්කම අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසීය.
පිරිමි කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා කටයුතු කරයි. කාන්තා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කියුබානු ජාතික රොබෙටෝ අන්ත‍්‍රාස් මහතාය.
අවසන් වරට ඩකා නුවරදී පැවැති 11 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ්රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමට ලෝකඩ පදක්කම ද, කාන්තා කණ්ඩායමට රිදී පදක්කම ද හිමිවිය.
ඇසෑම් සාෆ් ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්:
පිරිමි කණ්ඩායම
ජනිත් සුරත් (නායක), ගයාන් මධුශංඛ පේ‍්‍රමරත්න, දීප්ත රොමේෂ් රණවක, ඉසුරු මධුෂාන්, චාමර මිහිලාන්, (උස් පන්දු ප‍්‍රහාරකයන්) ශාමිල් මලින්ද සිල්වා, ජේ.ඒ. චාමර මධුසංඛ ජයසූරිය (කෙටි පන්දු ප‍්‍රහාරකයන්) පී.ඒ.ඞී. අයේෂ් දිල්හාන්, බී.එච්. වසන්ත ලක්මාල්, (කෙටි පන්දු ප‍්‍රහාරකයන්) එස්.ඒ. නිලංක සංජය, කසුන් චතුරංග ප‍්‍රනාන්දු, (පන්දු ඔසවන්නන්) කේ.ඒ. නුවන් චාමික. (ලිබරෝ)
අතිරේක: රොමේෂ් ප‍්‍රසන්න සුබසිංහ, මලිත් දිනුදු චාමර හා ජී.ජී.එල්.එම්. වසන්තප‍්‍රිය.
කාන්තා කණ්ඩායම
ජේ. එම්. ඞී. ප‍්‍රසාදිනි, හෂිණි සේනාරත්න, තිළිණි වාසනා පෙරේරා, වාසනා මධුමාලි, තක්ෂිලා මධුරංගි, (උස් ප‍්‍රහාරිකාවන්) කාංචනා දිල්හානි, විරාජි චාමරිකා, ඉරේෂා උමයංගනී, චතුරිකා රණසිංහ, (කෙටි පන්දු ප‍්‍රහාරිකාවන්) ඉරේෂා පෙරේරා, ජේ.ඩබ්.පී. තුෂාරි හා (පන්දු ඔසවන්නියන්) එච්.එච්.ඒ.ඞී. සංජීවනී
(ලිබරෝ) අතිරේක: සෙව්මාලි සෙනවිරත්න, රුවනි තක්ෂිලා හා අෂානි ජයතුංග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.