Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මට වැදගත් ශතකය නොව ජයග‍්‍රහණයයි - මැතිව්ස්

මට වැදගත් ශතකය නොව ජයග‍්‍රහණයයි - මැතිව්ස්

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

”මම කොතරම් හොඳට ක‍්‍රීඩා කළත් ශතකය පෙනි පෙනී දැවී යනවා. ලකුණු අසූව සහ අනූවෙ සීමාවලදී මම දැවී ගිය අවස්ථා තියෙනවා. නමුත් මට ශතකය ආසන්නයට ආව කියල කිසිම පීඩනයක් දැනෙන්නේ නැහැ. මටත් හිතා ගන්න බැහැ ඇයි ශතකය ලබා ගන්න බැරි වුණේ කියලා.” යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

පකිස්තානය සමග හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී පකිස්තානයට එරෙහිව පන්දු 113 කදී හතරේ පහර අටක් සමග ලකුණු 93 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් පිට පිටම තුන්වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් නමුත් ශතකය පෙනි පෙනී සිිටියදී වහබ් රියාස්ගේ පන්දුවකට මොහොමඞ් හෆීස් අතට උඩපන්දුවක් දී දැවී ගියේය.

එක්දින තරග 132 කදී අර්ධ ශතක 22 ක් රැුස් කර ඇති ශී‍්‍ර ලංකා නායකයා ලකුණු 70 පසු කර ගිය අවස්ථා අටක් සටහන්වේ. කෙසේ වෙතත් ඔහු ඊයේ දිනයේ ලබා ගත්තේ සිය එක්දින ක‍්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

”ශතකයක් ලබා ගන්න පුලූවන් වුණා නම් හොඳයි. නමුත් කණඩායමේ ජයග‍්‍රහණය තමයි මට ගොඩක් වැදගත් වෙන්නෙ”

”විශේෂයෙන් අපේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් අපි වගේ නවක ක‍්‍රීඩකයන්ට ලබා දෙන සහයෝගය මත තමයි මම නම් සාර්ථක වෙලා තියෙන්නෙ. පිතිකරුවකු වශයෙන් මගේ මානසිකත්වය හොඳින් දියුණු කරගත්තා මිසක් තාක්‍ෂණික වශයෙන් කිසිම වෙනස්කමක් කරල නැහැ. මම පුදුරු විදිහට පන්දුවට පහර දෙනවා. නමුත් මානසිකත්වය හොඳින් තියා ගන්න පුළුවන් වුණ නිසා පසුගිය කාලය පුරාම මම සාර්ථක වුණා.” යනුවෙන් මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

”හෆීස් සහ අෆ්රීඩි හොඳින් පන්දු යැව්වා. මේ තණතීරුවෙත් දග පන්දු යවන්නන්ට සහයෝගයක් ලබා දුන්නා. නමුත් මහේල අයියා ලබා ගත්ත අර්ධ ශතකය තිසර ලබාගත් අර්ධ ශතකය නිසා අපිට තරගය ජය ගන්න පුලූවන් වුණා”

”දඹුල්ලෙ තණතීරුව බලල අපි ඊළග තරගයට අවශ්‍ය කණ්ඩායම සකස් කර ගන්නවා. කොහොම හරි ඒකත් දිනල තරගාවලිය ජය ගැනීම තමයි මගේ මීළග ඉලක්කය” යනුවෙන් දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව මැතිව්ස් පැවසිය.

033


අදහස් (9)

මට වැදගත් ශතකය නොව ජයග‍්‍රහණයයි - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.