Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඉරිදා (29 වැනිදා) මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ්චය කිරීම සඳහා ශී‍්‍ර ලාංකික විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන සහ එංගලන්න ජාතික රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරුන් තෝරාගනු ලැබ ඇත. මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තීරක මඬුල්ලේ ප‍්‍රධානියා වන, රන්ජන් මඩුගල්ලේ මහතාය.
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකුද වන මඩුගල්ලේ මහතා 1993 දී සිට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක මඬුල්ලේ කටයුතු කරන අතර මේ වන විට ටෙස්ට් තරග 155 ක සහ එක්දින අන්තර්ජාතික තරග 297 ක තීරකවරයා ලෙසින් කටයුතු කර තිබේ.
මඩුගල්ලේ මහතා ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරකවරයා ලෙසින් කටයුතු කරන්නේ වසර 12 කට පසුවය. ඔහු අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයේ තරග තීරකවරයා වූයේ 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදීය. එම තරගය ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්විණ.
වසර 2007 දී සහ 2011 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අවසන් මහ තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීම හේතුවෙන් රන්ජන් මඩුගල්ලේ මහතාට එම අවසන් මහ තරග දෙකේදීම තීරකවරයා විය නොහැකි විය.
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර බ‍්‍රහස්පතින්දා (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදීද ධර්මසේන මහතා සහ රිචඞ් කෙට්ල්බරර් මහතා විනිසුරුවරු ලෙස කටයුතු කළ අතර එම තරගයේදීද තරග තීරකවරයා වූයේ මඩුගල්ලේ මහතාය.
අවසන් මහ තරගයේ තුන්වැනි විනිසුරුවරයා වශයෙන් දකුණු අපි‍්‍රකානු ජාතිකයකු වන මාරියස් එරැස්මස් මහතා කටයුතු කරන අතර තවත් එංගලන්ත ජාතිකයකු වන ඉයන් ගෝල්ඞ් මහතා අතිරේක විනිසුරුවරයා ලෙසින් නම්කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.