Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලොව ප‍්‍රබලතම රටවල විස්සයි 20 ජාතික ක‍්‍රිකට් ශූරතා දිනා ගන්නා කණ්ඩායම් සහභාගි වන චැම්පියන්ස් ලීග් විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලිය මේ මස 13 වැනිදා සිට ඔක්තෝම්බර් 4 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වන සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම අනිද්දා (9 වැනිදා) ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ කණ්ඩායමේ නායකත්වය ජෙහාන් මුබාරක්ට හිමිව තිබේ. කණ්ඩායමේ නිත්‍ය නායකයා වූ ලසිත් මාලිංග චැම්පියන්ස් ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීම හේතුවෙන් ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ කණ්ඩායමේ නායකත්වය මුබාරක්ට නායකත්වය හිමිව තිබේ.
තරගාවලිය ඉලක්කර කර ගනිමින් සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම පසුගියදා පුහුණු තරග කිහිපයකට සහභාගි විය. ඉකුත් වසරේදී ශ‍්‍රී ලංකාවෙන් මෙම තරගාවලිය නියෝජනය කරනු ලැබුවේ කඳුරට කණ්ඩායමයි. එහිදී ඔවුන් සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවතට විසි විය.
අදාළ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයකින් පසුව ප‍්‍රධාන කණ්ඩායම් තරග වදින වටය සඳහා සුදුසුකම් ලැබීම තීරණය වේ. සුදුසුකම් ලැබීමේ වටය සඳහා කණ්ඩායම් හතරක් තරග වදින අතර ඉන් පෙරමුණේ සිටින කණ්ඩායම් දෙක පමණක් ප‍්‍රධාන කාණ්ඩයට ඇතුළත් වේ.
සුදුසුකම් ලැබීමේ වටයේදී ශී‍්‍ර ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබන 14 වැනිදා පළමු තරගයට සහභාගි වෙති. එම තරගයේදී ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ කණ්ඩායමේ නිත්‍ය නායකයාව සිටි ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීම විශේෂත්වයකි.
සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමේ දෙවැනි තරගය ලබන 16 වැනිදා පකිස්තානයේ ලාහෝර් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් හත් දෙනකු ඇතුළත් වන අතර එහිදී ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය වන තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා සදර්න් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වීම කණ්ඩායමට ඉතා වාසිදායක තත්ත්වයක් වී තිබේ. ඩිල්රුවන් පෙරේරා සහ සීකුගේ ප‍්‍රසන්න ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ කණ්ඩායම සතු ප‍්‍රධානතම දග පන්දු යවන්නන් වන අතර ඇන්ජලෝ පෙරේරා සහ ෆර්වීස් මහරුෆ් තුන් ඉරියව් කී‍්‍රඩකයෝ වෙති.
සුදුසුකම් වටයට සහභාගි නොවී එක එල්ලේයේම දක්‍ෂතා මත පළමු කණ්ඩායම් අට අතරට එක්වීමට කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, කිංග්ස් ඞෂ පන්ජාබ්, කේප් කෝබ‍්‍රාස්, ඩොල්පින්ස්, බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස්, පර්ත් ස්ක්‍රෝචර්ස් සහ හෝබාර්ට් හුරිකන්ස් යන කණ්ඩායම් ඇතුළත්ව සිටිති. වඩාත් අවධානයට ලක්ව ඇති අයි.පී.එල්. තරගාවලියේ පෙරමුණේ සිටින කණ්ඩායම් හතරක් චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගි වෙති
සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම
ජෙහාන් මුබාරක් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, ඉෂාන් ජයරත්න, ෆර්වීස් මහරුෆ්, කසුන් මධුෂංක, යශෝධ ලංකා, චරිත් ජයම්පති, සචිත් පතිරණ සහ සඳකැන් ලක්‍ෂාන්
නිලධාරීහු
ෂේන් ප‍්‍රනාන්දු (කළමණාකරු), නවීඞ් නවාස් (ප‍්‍රධාන පුහුණුකරු), අනූෂ සමරනායක (පන්දු යැවීමේ පුහුණුකරු), එරික් උපෂාන්ත (තේරීම් කමිටු නිලධාරී), පී. ඒ. කේ. ජනක (භෞතචිකිත්සක), සනත් ජයසුන්දර (පරිගණක විශ්ලේෂක), ලක්‍ෂ්මන් ගුණසේකර (සම්භාහක), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.