Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මැතිව්ස් සහ සගයෝ තවත් පියවරක් ඉහළට

මැතිව්ස් සහ සගයෝ තවත් පියවරක් ඉහළට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ලබාගත් කඩුලූ 6 ක විශිෂ්ට ජයත් සමගින් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉහළට නැගීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

තරගාවලිය ආරම්භ වීමට පෙර, මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත ලකුණු 111 ක් ලබා ඒ වන විට 3 වැනි ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිවර ඊයේ (3 වැනිදා) බර්මින්හැම්හිදී ලබාගත් ජයග‍්‍රහණයත් සමගින් ශ්‍රේණිගත ලක--ුණු 112 ක් ලබා දෙවැනි ස්ථානය ගෙන ඇත. ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 115 ක් හිමිකරගෙන සිටින  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.

මැයි 20 වැනිදා වන විටත් දෙවැනි ස්ථානයේ සිටි ඉන්දියාව (ශ්‍රේණිගත ලකුණු 112) තුන්වැනි ස්ථානය දක්වා වැටී ඇත්තේ තුන්වැනි දශම ස්ථානය දක්වා ගනණය කිරීමේදී ඇතිවන වෙනස අනුවය.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටි එංගලන්තය (ශ්‍රේණිගත ලකුණු 110), ශී‍්‍ර  ලංකාව හමුවේ තරගාවලිය පරාජය වීමත් සමගින් පස්වැනි ස්ථානය දක්වා ඇදවැටී තිබේ.

එක්දින ක්‍රිකට් හිණිපෙත - 2014 ජූනි 04 වැනිදා වන විට

ශ්‍රේණිය කණ්ඩායම තරග ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතලකුණු
1 ඕස්ට්‍රේලියාව 35 4020 115
2 ශ්‍රී ලංකාව 59 6613 112
3 ඉන්දියාව 53 5923 112
4 දකුණු අප්‍රිකාව 32 3486 109
5 එංගලන්තය 41 4450 109
6 පාකිස්තානය 47 4716 100
7 නවසීලන්තය 31 3031 98
8 බටහිර ඉන්දීය කොදෙව් 40 3744 94
9 බංග්ලාදේශය 23 1683 73
10 සිම්බාබ්වේ 20 1228 61
11 ඇෆ්ගනිස්ථානය 9 304 34
12 අයර්ලන්තය 9 297 33

අදහස් (7)

මැතිව්ස් සහ සගයෝ තවත් පියවරක් ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.