Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යසීර් ෂා (76/7) විශිෂ්ට පන්දු යැවීමත් අසාඞ් ශෆීක් (131) සහ සර්ෆ්රාස් අහමඞ් (96) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹයත් නිසා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 10 ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි වී තිබේ.
අවසන් දිනය වූ අද (21 වැනිදා) තරගය ජයගැනීම සඳහා පාකිස්තානු පිලට ලකුණු 90 ක පහසු ඉලක්කයක් ලබුණු අතර දෙවැනි ඉනිමේදී අධිවේගි පිතිහරඹයක නිරත වූ පාකිස්තානුවෝ ඕවර 11.2 කදී ලකුණු 92 ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය අත්කරගත්හ.
පාකිස්තානු කණ්ඩායමක් අවසන් වරට ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගයකින් ජයගත්තේ 2006 වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැති එම තරගයේදී පාකිස්තානුවෝ කඩුලූ 8 කින් ජයගත්හ.
එම තරගයට කී‍්‍රඩා කළ පාකිස්තානුවන් අතුරින් වත්මන් පාකිස්තානු කණ්ඩායමේ ඉතිරිව සිටින එකම කී‍්‍රඩකයා යුනිස් ඛාන් පමණි.
ශී‍්‍ර ලංකා පිලේ විනාශය ආරම්භ වූයේ අද කී‍්‍රඩාව ආරම්භ කරමින් යැවුණු පළමු පන්දුවෙනි.
පා දග පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා විසින් යවන ලද දිනයේ පළමු පන්දුව නිදැල්ලේ යාමට ඩිල්රුවන් පෙරේරා ඉඩදුන් හෙයින් කිසිදු බාධාවකින් තොරවම එය කඩුල්ල සොයා ඇදී ගියේය. ඩිල්රුවන් පෙරේරා ආපයින්ම ආපසු කී‍්‍රඩාගාරයට යන විට ලකුණු 63 කට ශී‍්‍ර ලංකා පිලේ තුන්වැනි කඩුල්ලත් බිම ඇදවැටී තිබිණ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලට දරාගත නොහැකි හානිය වූයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමයි. පා ඉන්නට මඳක් එපිටින් පතිත වූ යසීර් ෂාගේ පන්දුව ඇන්ජලෝගේ පිත්ත පසුකරමින් ගොස් පා ආවරණයේ වැදී ඉපිළෙන අවස්ථාවේදී ‘සිලි මිඞ් ඕන්’හි සිටි අසාර් අලි එය රැුකගත් හෙයින් විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතාගේ තීරණය වූයේ මැතිව්ස් දැවී ගිය බවයි. තමන් සම්බන්ධයෙන් දුන් තීරණය තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසන්න’යි ශී‍්‍ර ලංකා නායකයාගේ ක්ෂණික ප්‍රතිචාරය විය. එහෙත් තුන්වැනි විනිසුරුවරයාට ලැබුණු රූපවාහිනී ප්රතිදර්ශන වලින් පන්දුව පිත්තේ නොවදින බවට නිශ්චිත තීන්දුවක් ගතනොහැකි වූයෙන් පිටියේ සිටි විනිසුරුවරයාගේ තීරණයම කි‍්‍රයාවට නැංවිණ.
ඒ වන විට කඩුලූ 4 ක ට 144 ක් ව තිබූ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවේ මැතිව්ස්ගේ නමට ඉදිරියෙන් ලකුණු එක්වීම නතර වීමත් සමගම ශී‍්‍ර ලංකා ඉනිම දෙදරා බිම පතිත විය.
දෙවැනි ඉනිමේ අවසන් කඩුලූ 7 ම ලකුණු 74 කට ඇදවැටුණේ යසීර් ෂාගේ විශිෂ්ට පන්දු යැවීමත් පාකිස්තානු නායක මිස්බා උල්හක්ගේ උපක්‍රමශීලී නායකත්වයත් හේතුවෙනි.
දිමුත් කරුණාරත්න සමග එක්වූ ළහිරු තිරිමාන්න මුල් ඉනිමේ අවාසිය මගහරවා දුන් නමුත් ඒ මැදට කඩාවැදුණු වහබ් රියාස් තිරිමාන්න පිටියෙන් ඉවත් කර පසෙකට විය. එතැන්සිට ශී‍්‍ර ලංකා පිතිකරුවන් කරකවා අතහැරි යසීර් ෂා ඕවර 30 කදී ලකුණු 76 කට කඩුලූ 7 ක් දවාගත්තේ දකුණත් පා දග පන්දු යවන්නකු විසින් ශී‍්‍ර ලංකාවේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමිනි.
ගාල්ල කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩාගාර අන්තයේ සිට දිගින් දිගටම පන්දු යැවූ යසීර් ෂා අද දිනයේ පාකිස්තානුවන් යැවූ ඕවර 56 න් ඕවර 23.1 ක්ම යැවීය. යසීර් ෂාගේ පන්දු යැවීම වසර 20 කට පසුව පාකිස්තානු පා දග පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම දස්කමද විය.
තරගයේ දක්ෂතම කී‍්‍රඩකයා වූ යසීර් ෂාට ඇමරිකානු ඩොලර් 500 ක ත්‍යාගයක් හිමිවූ අතර ස්ටම්ප් කිරීම් තුනක් සමගින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් හය දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට සම්මාදම් වූ සර්ෆ්රාස් අහමඞ් තරගයේ වීරයා විය.
මෙම සම්මානය සර්ෆ්රාස්ට පිරිනැමීමට මූලික හේතුව වූයේ අසාඞ් ෂෆීක් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 139 ක සම්බන්ධතාව නිසා තරගයේ වාසිය පාකිස්තානු පිල වෙත නැඹුරු වීමත් සර්ෆ්රාස් පන්දුවට පහරදුන් ලීලාව හමුවේ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් මන්දෝත්සාහී වීමත් නිසාය.
16 වැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරමින් සිටින දිමුත් කරුණාරත්න පන්දු 96 කදී තමන්ගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකිරීමට ලකුණු 14 ක් ඉතිරිව තිබියදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.
දිනේෂ් චන්දිමාල් තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නමුත් ඔහුට සහාය වීමට තරම් ධෛර්යයක් තිබූ පිතිකරුවෝ කණ්ඩායමේ ඉතිරිව නොසිටියහ.
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.