Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 යුනිස් ඛාන් දවාගැනීම හැරවුම් ලක්‍ෂයයි - හේරත්

යුනිස් ඛාන් දවාගැනීම හැරවුම් ලක්‍ෂයයි - හේරත්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශතකයක් ලබාගත් යුනිස් ඛාන් ලකුණු 5 කට දවාගැනීම මෙම තරගයේ හැරවුම් ලක්‍ෂය විය හැකි යයි රංගන හේරත් කියයි. පාකිස්තානු පිලට එරෙහිව එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ලකුණු 98 කට කඩුලූ 5 ක් දවාගත් රංගන හේරත් මිස්බා උල් හක් දවාගනිමින් සිය 250 වැනි ටෙස්ට් කඩුල්ලද දවාගත්තේය.

”ගාල්ල ටෙස්ට් තරගය දිහා බලන්න. ඔහු ලකුණු 170 ක් ලබාගත්තා. ඒ නිසා තමයි පාකිස්තානු පිලට ලකුණු 450 කට වැඩයෙන් ලබාගන්න පුළුවන් වුණේ”

”පාකිස්තානු පිලේ ප‍්‍රධානතම පිතිකරුවන් දෙන්නා තමයි යුනිස් හා මිස්බා. ඔවුන් දෙන්නා අඩු ලකුණු ගණනකට දවාගන්න හැකිවීම අපට ඉතාමත් විශාල වාසියක් වුණා” යයි රංගන හේරත් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී පැවසීය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 250 ක් ඉක්මවා දවාගත් තුන්වැනි පන්දු යවන්නා වන්නේද රංගන හේරත්ය. මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස් (355) ටෙස්ට් කඩුලූ 250 ඉක්මවූ සෙසු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ වෙති.

ඉන්දීය පිලේ හිටපු නායක කපිල් දේව් විසින් ටෙස්ට් තරග 29 කදී දවාගන්නා ලද කඩුලූ 99, පාකිස්තානු පිලට එරෙහිව පන්දු යවන්නකු විසින් දවාගන්නා ලද වැඩිම ටෙස්ට් කඩුල සංඛ්‍යාව වෙයි. එම ලයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටින මුත්තයියා මුරලිදරන් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලූ 80 ක් දවාගෙන සිටින අතර රංගන හේරත් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 17 කදී දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 79 කි.

”මුරලිවයි මාවයි සංසන්දනය කරන්න බෑ. ඒත් එක රටකට එරෙහිව හරි මුරලිට වඩා එක කඩුල්ලක් මට දවාගන්න පුළුවන් වුණොත් ඒ ගැන මම සතුටු වෙනවා” යයිද රංගන හේරත් පැවසීය.

අද පෙරවරුවේදී ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තුගේ උපදෙස් වූයේ හැකි තරම් උත්සාහ කරමින් ලකුණු 300 කඩයිම පසුකර යන ලෙසසි. ඒ වෙනුවෙන් විශිෂ්ට උත්සාහයක් ගත් රංගන හේරත් පසුපෙළ පිතිකරුවන් දෙදෙනාත් එක්කරගෙන ලකුණු 320 ක්  කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියේය.

”උදේ කළ දේ නිසා අප මේ වන විට හොඳ තත්ත්වයක ඉන්නවා. පාකිස්තානයේ කඩුලූ 6 ක් දවාගෙනත් අපි දැන් ඉන්නේ ලකුණු 76 ක් ඉදිරියෙන්” යයි පැවසූ හේරත් නායක ඇන්ජලෝ මැතිව්ස් නිතරම තමන්ට අවශ්‍ය පරිදි පන්දු රකින්නන් පිටියේ රැුඳවීමට කටයුතු කරන බව පැවසීය.

මේ වන විටත් දණහිස් දෙකම සැත්කමකට ලක්කර ඇති බැවින් තමන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව පවසන රංගන හේරත් ඇතැම් අවස්ථාවලදී දණහිස් දෙකම රිදුම් දෙන බවත් එසේ නොවන අවස්ථාවලදී ඒවා ඉදිමී එන බවත් පවසයි.
”කොහොම වුණත් මම ඒවාට ප‍්‍රතිකාර ගන්නවා” යයිද හේරත් පැවසීය.

මේ අතර පාකිස්තානු පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩ ගනිමින් ලකුණු 66 ක් ලබා නොදැවී කී‍්‍රඩා කරන සර්ෆාස් අහමඞ් කියා සිටියේ හෙට දවසේදී තමන්ගේ මූලික ඉලක්කය පාකිස්තානු පිලේ අවාසිය අවම කරමින් පීඩනය නැවතත් ශී‍්‍ර ලංකා පිල වෙතට යොමු කිරීම බවයි.

”මම සාමාන්‍ය විදිහටයි කී‍්‍රඩා කළේ. වකාර් අයියා මට කිවුවේ ඒ විදිහට කී‍්‍රඩා කරන්නයි. අපි මෙහේට ඇවිත් ඉන්නේ සුබවාදීව කී‍්‍රඩා කරන්න මිසක් පසුබහින්න නෙමේ” යයිද සර්ෆාස් අහමඞ් පැවසීය.

සර්ෆාස් පිටියට පැමිණෙන අවස්ථාවේදී ලකුණු 140 කට කඩුලූ 5 ක් බිඳ වැටීමෙන් පාකිස්තානු පිල ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමෙන් අසරණයව සිටියේය.

එහෙත් අසාඞ් ශෆීක් සමග එක්වූ සර්ෆාස් ටික වේලාවක් යන තුරුත් පසුනොබැස ලකුණු කරා ගියේය. ඔවුන් ස්ථාවර වූ පසුව රංගන හේරත් හමුවේ තරමක් ආක‍්‍රමණශීලී වූ හෙයින් ශී‍්‍ර ලංකා නායකයාට පන්දු රකින්නන් තරමක් ඈතට කරන්නට සිදුවිය. ඒ හේතුවෙන් පාකිස්තානු පිලට වඩ වඩාත් ලකුණු ගලා එන්නට විය.

කෙසේ වෙතත් මෙම තරගයේදීත් රංගන හේරත්ගේ පන්දු යැවීම මහ ඉහළින් වර්ණනා කිරීමටද අහමඞ් ඉදිරිපත් විය.

පාකිස්තානයේ කී‍්‍රඩා සමාජ සඳහාත් එක්ව කී‍්‍රඩා කරන සර්ෆාස් සහ අසාඞ් ශෆීක් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 93 නොවන්නට පාකිස්තානු පිල මේ වන විට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව සිටිනු නියතය. එහෙත් එම සම්බන්ධතාව නිසා දෙපිලම කරට කර ගමනක යෙදී සිටිති.


අදහස් (0)

යුනිස් ඛාන් දවාගැනීම හැරවුම් ලක්‍ෂයයි - හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.