Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පෙරවරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුගිය දිනවල කොළඹට ඇද හැලූණු අධික වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාංගණය ජයලයෙන් යට විය. ක‍්‍රීඩාංගණය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දින පහක පමණ කාලයක් ගත වන බැවින් තරගය සූරියවැවදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සති අන්තයේදී පියවර ගත්තේය.
සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ 4 ක ජයක් ලබා 1-0 ක් ලෙස පෙරමුණේ සිටීම නිසා තරගාවලිය පිළිබදව බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලැබිය යුතුමය.
ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ පළමු තරගයෙන් පරාජයට පත්වුවත් එහිදී කණ්ඩායම හොදින් ක‍්‍රීඩා කළ බවත් ඒ හේතුවෙන් කණ්ඩායමේ ලොකු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
‘‘තරගයට තව දිනයක් පමණ තිබෙනවා. ඒ් කාලය තුළ තණතීරුව මොන විදියට වේලෙයිද කියලා අපිට කියන්න බෑ. මා පෞද්ගලිකව හිතනවා අපි ලොකු වෙනස්කම් කරන්න අවශ්‍ය නෑ. මෙම තරගය දිවා රාත‍්‍රී තරගයක් වීම නිසා විදුලි ආලෝකය මධ්‍ය පුහුණුවීම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’’
‘‘පළමු තරගයේ පරාජය පිළිබදව අපි කණගාටුවට පත්වුණා. එහි මක්සූඞ් සහ අලාම් ගේ පිතිහරඹය තීරණාත්මක වුණා. ඒක තියුණු තරගයක් වුණා. දෙවැනි තරගය අභියෝගයක් වී තිබෙනවා එය ජය ගැනීමට සූදානම්’’
‘‘පාකිස්තානු පිලේ සියලූම පන්දු යවන්නන් එක සමානව දක්‍ෂයි. ඒ නිසා අපි සියලූ දෙනා පිළිබදව අවධානය යෙමු කරනවා. එක ක‍්‍රීඩකයකුට කියා විශේෂ සැලැස්මක් නෑ. අපි හොද මානසික තත්ත්වයකින් තරගයට එනවා’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් පැවසුවේ ටෙස්ට් තරගාවලියේ පරාජයෙන් පසුව පළමු එක්දින තගය ජය ලබා මේ වන විට කණ්ඩායම ඉතාමත් හොද මානසික තත්ත්වයක පසු වන බවයි.
‘‘පළමු තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව අපිට මෙම තරගයට හොද විශ්වායකින් පිවිසෙන්න අවස්ථාව ලැබී තියෙනවා. නමුත් හරිම අවසානාවන්ත දෙයක් වුණේ, යුනිස් ඛාන් ඔහුගේ ඥාතියකුගේ අභාවයක් හේතුවෙන් නැවත පාකිස්තානයට ගියා. ඒ නිසා කණ්ඩායමේ එක වෙනසක් වෙයි’’ යැයි මිස්බා වැඩි දුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, සීකුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව් සහ තිසර පෙරේරා
පාකිස්තානු සංචිතය
මිස්බා උල් හක් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, අන්වර් අලී, ෆවාඞ් අලාම්, මොහොමඞ් හෆීෂ්, මොහොමඞ් අර්ෆාන්, මොහොමඞ් තල්හා, සයිඞ් අජ්මාල්, සහිඞ් අෆ්රිඩි, ශර්ජීල් ඛාන්, සොහිබ් මක්ෂූඞ්, උමාර් අක්මාල්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන් සහ ෂුල්ෆිකාර් බාබාර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.