Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 යුනිස්, අජ්මාල් සිටියා නම් හොඳයි - මිස්බා

යුනිස්, අජ්මාල් සිටියා නම් හොඳයි - මිස්බා

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

යුනිස් ඛාන් සහ සයිඞ් අජ්මාල් සිටියා නම් දෙවැනි එක්දින තරගයේ තීරණය වෙනස් කිරීමට බොහෝ දුරට හැකියාවක් තිබුණ බව පකිස්තාන් නායක මිස්බා උල් හක් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

”අපේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් දෙදෙනෙක් තමයි යුනිස් සහ අජ්මාල්. ඔවුන් සිටියානම් සමහර විට ප‍්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා.

”මැතිව්ස් සහ තිසර අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ලකුණු ලබා ගැනීමට නිරත වුණා. ඒ වෙලාවෙ අජ්මාල් සිටියනම් එය අඩාළ කිරීමට අවස්ථාවක් තියෙන්න තිබුණා. අජ්මාල් කියන්නෙ ප‍්‍රහාරාත්මක  ඕවර කිහිපයේදී සහ අවසන් පන්දුවාර වලදී හොඳින් පිතිකරුවන්ව පාලනය කරන පන්දු යවන්නෙක්. ඔහු ඊළග තරගයේදී කණ්ඩායමට එක්වීම පිළිබඳව මම සතුටු වෙනවා” යනුවෙන් මිස්බා පැවසීය.

”අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා. අෆ්රීඩි සහ හෆීස් හොඳින් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ව පාලනය කළා. නමුත් අවසන් පන්දුවාර දහයෙදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩියි”

”අපිත් පළමු පන්දුවාර දහය පහළොවේදි හොඳ ලකුණු වේගයත් රඳවා ගත්තා. අවාසනාවකට මැද හරියෙදි කඩුලූ දැවී ගියා. කඩුලූ තිබුණා නම් අවසන් පන්දුවාර දහයේදී ලකුණු සියයක් වුණත් ගන්න සැලසුම් කරන් හිටියෙ. දැන්  අන්තිම තරගය ඉතාමත් තීරණාත්මකයි.’’ යනුවෙන්ද පාකිස්තානු නායකයා වැඩිදුරටත් පැවසීය.

033


අදහස් (1)

යුනිස්, අජ්මාල් සිටියා නම් හොඳයි - මිස්බා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.