Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වාර්තා කිහිපයකින්ම ලෝක කුසලාන වාර්තා පොත සැරසූ කුමාර් සංගක්කාරගේ ශතකයත් තිලකරත්න ඩිල්ෂාන්ගේ පරිණත ඉනිමත් නිසා ස්කොට්ලන්තයට එරෙහිව හොබාර්ට්හි බෙලරිව් ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 148 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් මූලික වටයේ තරග නිමා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පැනගත්තේය.
ශී‍්‍ර ලංකා පිලේ මීළග තරගය වන්නේ ලබන 18 වැනිදා සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි අර්ධ අවසන් පූර්ව තරගයයි. එම තරගයේ ප‍්‍රතිවාදීන් කවුරුන්ද යන්න තවමත් තීරණය වී නැත.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 ක් නිමාවේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 363 ක් ලබා ගත්තේය.
තමන් ඇදෙන්නේ මිරිගුවක් පසුපස බව දැන දැනත් උත්සාහය අත් නොහළ ස්කොට්ලන්ත පිතිකරුවෝ ඕවර 43.1 ක් පුරා සිය කඩුලූ රැකගනිමින් ලකුණු 215 ක් ලබාගත්හ. ඉනිමේ 35 වැනි ඕවරය නිමා වන විට ස්කොට්ලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියද 36 වැනි ඕවරයේදී ෆ්‍රෙඞී කෝල්මන් දැවී යාමත් සමගම අවසන් කඩුුලූ හයම ලකුණු 27 ක් තුළදී බිඳ වැටිණ.
නායක ප්‍රෙස්ටන් මොම්සන් (60) සහ ෆ්‍රෙඞී කෝල්මන් (70) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ගොඩනැංවූ ලකුණු 118 ක සම්බන්ධතාව ස්කොට් පිතිකරුවන්ගේ ගෞරවය රැකගැනීමට හොඳටම ප‍්‍රමාණවත් විය.
ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දුවට පහර දෙමින් සිටියදී නැවතත් ලෝක කුසලාන වාර්තා පොත දිගහැරගත් සංගක්කාර ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලූ රකින්නකු ලබාගත් වැඩිම දවාගැනීම් සංඛ්‍යාවට හිමි වාර්තාව ඉදිරියෙන් සිය නම සටහන් කළේය. මයිකල් ලීස්ක්ගේ උඩපන්දුව රැුකගැනීමත් සමගම ලෝක කුසලාන තරග වලදී සංගක්කාරගේ දවාගැනීම් සංඛ්‍යාව 53 (උඩපන්දු 40 යි, ස්ටම්ප් කිරීම් 13 යි) දක්වා ඉහළ ගිය අතර එය ලෝක කුසලාන තරග 31 කදී ඕස්ටේ‍්‍රලියාවේ ඇඩම් ගිල්කි‍්‍රස්ට් සතුව පැවැති දවාලීම 52 වාර්තාව අභිබවා යාමකි.
සංගක්කාර සතුව දැනට පවතින ලෝක කුසලාන දවාගැනීම් සංඛ්‍යාව 54 කි.
ශී‍්‍ර ලංකා ඉනිම ගොඩනැගුණේ ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 195 ක සම්බන්ධතාව මතය. ඩිල්ෂාන් මෙම ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ශතකයත් ලබාගනිමින් අලංකාර පිතිහරඹයක යෙදුණේ ඉදිරි පෙළ පිතිකරුවකු වශයෙන් තමන්ට ඇති වගකීම මැනවින් වටහා ගනිමිනි.
පන්දු යවන්නන්ගේ භීතිකාව බවට පත්ව සිටින සංගක්කාරට ලකුණු හඹා යන්නට ඉඩදී ඩිල්ෂාන් කඩුල්ලේ අනෙක් පස සිටිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව එකිනෙකා අතර මාරු කරමින් සිටියේය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිටින කිසිදු පන්දු යවන්නකුට පාලනය කළ නොහැකි පිතිකරුවකු බවට පත්ව සිටින සංගක්කාර දැවී ගියේ ලකුණු ලබාගැනීමේ නොතිත් ආශාවෙන් මඩනා ලද මනසින් යුතුව, පිට ඉන්නට බොහෝ ඈතින් ඇදී ගිය පන්දුවකට ගැසූ පහරකින් කඩුලූ රකින්නාට ලැබුණු උඩපන්දුවකිනි. එසේ නොමැතිව සංගක්කාර දවාගැනීමට තරම් හොඳ පන්දුවක් යැවීමට ස්කොට්ලන්ත පන්දු යවන්නෝ අපොහොසත් වූහ.
සංගක්කාර සිය ශතකය ලබාගත්තේ පන්දු 83 කිනි. ඔහු පිටියේ රැඳී සිටි විනාඩි 141 ක කාලයේදී පන්දු 95 කට මුහුණ දෙමින් ඒවායින් 17 ක් හතරේ සීමාව පසුකර යැවූ අතර ඉන් 4 ක් සීමාවට ඉහළින් පියාඹා ගියේය.
ඩිල්ෂාන් සහ සංගක්කාර එක්ව මැද පෙළ පිතිකරුවන්ට ප‍්‍රහාරය දියත් කිරීම සඳහා කදිම වේදිකාවක් තනා දුන්හ. එසේ වුවත් කඩුලූ 1 කට 216 ක් වූ ශී‍්‍ර ලංකා පිලේ ලකුණු පුවරුව මෙම පිතිකරුවන් දෙදෙනා දැවී යාමෙන් පසුව කඩුලූ 5 කට 289 ක් දක්වා වෙනස් විය.
හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 20 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ ඇන්ජලෝ මැතිව්ස් ලබාගත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි. පිට දග පන්දු යවන කී‍්‍රඩක මැතිව් මචන්ට පිට පිටම හයේ පහර 4 කින් සංග‍්‍රහ කළ ඇන්ජලෝ මැතිව්ස් පස්වැනි හයේ පහර ගැසීමට යාමේදී ඞීප් මිඞ් විකට්හි සිටි ෆ්‍රෙඞී කෝල්මන්ට උඩපන්දුවක් ලැබීමෙන් දැවී ගියේය.
මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වන්නේ එංගලන්තයට එරෙහිව පන්දු 18 කදී අර්ධ ශතකයක් ලබාගත් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ය.
සිය 22 වැනි එක්දින ශතකය වෙනුවෙන් විනාඩි 147 ක් පිටියේ රැුඳී සිටි ඩිල්ෂාන් දැවී ගියේ පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර 5 ආරම්භ කිරීමේදීය. පිතිකරුවන්ගේ ප‍්‍රහාරක ඕවර 5 දී ලකුණු 57ක් ලබාගත් නමුත් ඒ අතරවාරයේදී ඩිල්ෂාන්, මහේල සහ සංගක්කාර යන තිදෙනාගේම කඩුලූ අහිමි වීම ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂිත ඉලක්කය තරමක් පහළ වැටුණද එය එතරම් හානිකර තත්ත්වයක් නොවීය.
කෙසේ වෙතත් 40 වැනි ඕවරයේදී පිටියට පිවිසි තිසර පෙරේරාට හොඳ ඉනිමක් කී‍්‍රඩා කිරීමේ ඉඩ හසර තිබියදීත් ඔහුගේ ඉනිම ලකුණු 7 කට සීමාවීම බලාපොරොත්තු කඩකරවන්නකි. කුසල් පෙරේරා වුවද තරමක් විමසිලිමත් වූයේ නම් ඉතාමත් පහසුවෙන් අර්ධ ශතකයක් කරා යාමට අවස්ථාව තිබුණද ඔහු ඒ අවස්ථාව වීසිකර දැම්මේ ඉවක් බවක් නැතිව පහර දීමට යාමෙනි.
10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නුවන් කුලසේකර සහ දුෂ්මන්ත චමීර නොවන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 නිමා වීමට පෙර දැවී යාමටද ඉඩ තිබිණ.
(ඡායාරූප - ඒ.එෆ්.පී. ඇසුරිනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.