Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී විදුලි ආලෝකය යොදාගැනීමේ අවසරයක් නොතිබූ නමුත් විදුලි ආලෝකය යොදා ගනිමින් තරගය අවසන් කරන්නට ලැබුණේ නම් තමන් වඩා සතුටු වන බවත් කණ්ඩායම් දෙකේම නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ඒ. බී. ඩිවිලියර්ස් තරගයෙන් අනතුරුව පවසා සිටියහ.
තරගාවලිය ආරම්භ කිරීමට පෙර සාමාන්‍යයෙන් පවත්වනු ලබන නායකයන්ගේ රැස්වීමේදී තරග තීරක වරයා වන ජෙෆ් ක්‍රෝ මහතා පවසා ඇත්තේ කිසියම් විදියකින් ආලෝක තත්ත්වය අයහපත් වුවහොත් විදුලි ආලෝකය යොදා ගැනීමේ අවස්ථාව දෙපිලටම නොලැබෙන බවයි. ඒ සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාම විශේෂ විමසීමක් කර නැතත් තරග තීරකවරයා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දැනුම් දී තිබේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 305 ක ඉලක්කයක් කරා යද්දී, 34 වැනි ඕවරය නිමාවේදී කඩුලූ 5 කට ලකුණු 184 ක් ලබා සිටියදී දසතින් අඳුර පැතිරෙන්නට විය.
”ඒ අවස්ථාවේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව අපට ඉදිරියෙන් ඉන්න ඕනෑ වුණා. ඒත් අපට ඒක කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ කඩුලූ දෙකක් බිඳ වැටුණත් එක්කම සියල්ල අවසන් වුණා” යයි ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.
විදුලි ආලෝකය භාවිතා නොකළේ ඇයිද යන්න කළ විමසීමට පිළිතුරු දුන් මැතිව්ස්.. ”මට ඒක හරියටම කියන්න බෑ. තරග තීරකවරයා සමග පැවැති රැස්වීමේදී ඔහු කීවේ විදුලි ආලෝකය යොදාගැනීමේ අවස්ථාව අපට නොලැබෙන බවයි” යනුවෙන් පැවසීය.
”අපට විදුලි ආලෝකය යොදාගන්න ලැබුණා නම් හොඳයි. මොකද සවස් වන විට කොහොමටත් අඳුර වැඩියි” යයිද මැතිව්ස් පැවසීය.
දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පැවසුවේද විදුලි ආලෝකය ඇතිව තරගය අවසන් කළේ නම් වඩාත් යහපත් බවයි.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියකු පවසා සිටියේ එක්දින තරගාවලියේ තරග 3 න් තරග දෙකක් දිවා තරග වශයෙන් පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායමේ වාසියට මෙන්ම විදුලි ආලෝකය සඳහා යන වියදමද ඉතිරි කරගැනීමට බවත්ය.
”දිවා කාලයේ තරග පැවැත්වෙන විට අපේ දග පන්දු යවන්නන්ට එයින් කිසියම් වාසියක් ලැබෙනවා. අනෙක දිවා රාතී‍්‍ර තරග පැවැත්වීමේදී විදුලි ආලෝකය සම්බන්ධයෙන් විකල්පයක් තිබිය යුතුයි. ඒ සඳහා දිනකට මිලියන 19 ක් විතර යනවා”
”තරග දෙකක් දිවා තරග ලෙස කී‍්‍රඩා කළාම රුපියල් මිලියන 40 ක් විතර ඉතුරුයි” යයිද එම නිලධාරියා පැවසීය.
එක්දින තරග දිවා කාලයේදී පැවැත්වෙන්නේ නම් එම තරග අනිවර්යයෙන්ම සති අන්ත දිනවලදී පැවැත්විය යුතු බවත් සතියේ දිනවල පැවැත්වෙන තරග දිවා/රාතී‍්‍ර තරග ලෙසින් පැවැත්විය යුතු බවත් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමි ‘ටෙන් ස්පෝට්ස්’ සමාගමෙන් කොන්දේසියක් පනවා ඇති බවත් වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.