Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලත් අවාසනාවන්ත පරාජයත් සමගින් නිමාවූයේ 2015 දීත් කි‍්‍රකට් ලෝක කුසලානය දිනාගැනීමට කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උත්සාහය පමණක් නොවේ. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාගේම එක්දින අන්තර්ජාතික තරග දිවියද ඒ සමගම නිමාවිය.
ලෝක කුසලානය නැවතත් ශී‍්‍ර ලංකාවට දිනා දී ලෝක කුසලාන අවසන් තරගයෙන් සමුගැනීමට සූදානමින් සිටි සංගක්කාර සහ මහේල දෙදෙනාටම සිදුවූයේ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ කොටසේදී පළමු තරගයෙන්ම තමන්ගේ ගමන නිමා කිරීමටයි.
තවත් ආකාරයකින් බලන කල්හි එය 2003 ලෝක කුසලාන තරගාවලියේදී අරවින්ද ද සිල්වාට අත්වූ ඉරණමට බෙහෙවින් සමානය. 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශතකයක් ලබාගනිමින් ශී‍්‍ර ලංකාවට ලෝක කුසලාන දිනා දීමට අමිල මෙහෙවරක් කළ අරවින්ද ද සිල්වාගේ අරමුණ වූයේ 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන්ද ජයගෙන තම එක්දින තරග දිවිය එතැනින් අවසන් කිරීමටයි. එහෙත් ඔහුට සිදුවූයේත් දකුණු අපි‍්‍රකාවේ පෝර්ට් එළිසබෙත් නුවර ශාන්ත ජෝර්ජ් උද්‍යාන කී‍්‍රඩා පිටියේදී සිය එක්දින තරග දිවිය හමාර කිරීමටය. ඒ 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලත් පරාජයත් සමගිනි.
බදාදා පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් පසුව පුවත් පත් සාකච්ඡුාවකට සහභාගි වූ කුමාර් සංගක්කාර අවධාරණය කළේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය සුරක්‍ෂිත බවත් තමන් කී‍්‍රඩාවෙන් සමුගත්තද ඊළග පරම්පරාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් මෙම කී‍්‍රඩාව ඉදිරියට ගෙන යාමට තරම් දස්කම් වලින් අනූන බවත්ය.
හොඳ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීමේ විශේෂ රහස් නැති බවත් එකම රහස වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන් තමන්ට ලැබිලා තියෙන දක්‍ෂතාව ඔපමට්ටම් කරගැනීම බවත් සංගක්කාර වැඩිදුරටත් පැවසීය.
දෙස් විදෙස් මාධ්‍යවේදීන් සමග සංගක්කාර කළ සම්පූර්ණ සාකච්ඡව මෙසේ දිගහැරෙයි
ප‍්‍රශ්නය :
මේ ඔබ බලාපොරොත්තු වූ අවසානය නෙමේ. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීම තෝරා ගත්තත් ඊට පස්සේ මොකද වුණේ?
සංගක්කාර
මා හිතන්නේ ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා. විශේෂයෙන්ම ඉනිම ආරම්භයේදී, ඇරත් ඉනිම ආරම්භ වූ වෙලාවෙදීම කඩුලූ දෙකක් බිඳ වැටීම අපට ඉතාමත් අවාසිදායක වුණා. එයින් අපේ පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වුණා.
අපි සෙල්ලම් කළේ පිතිකරුවන් හය දෙනෙක් එක්ක. ඒ කඩුලූ වැටීම නිසා අපට සම්බන්ධතා අවශ්‍ය වුණා. ඒත් සම්බන්ධතාවක් පටන්ගන්න කොටම වගේ තවත් කඩුල්ලක් බිඳ වැටුණා. ඒත් මෙතන තියෙන කණගාටුදාකයකම දේ තමයි දකුණු අපි‍්‍රකාව හොඳ වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක් වුණත් අපි දග පන්දු යවන්නන්ට කඩුලූ 7 ක් දීම. ඒ කොහොම වුණත් ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා.
තණතීරුවේ වාසියත් ඔවුන්ට ලැබුණා. මේ තණතීරුව ආරම්භයේදී දෙවිදියකට හැසිරුණු තණතීරුවක්. ඒත් අපි සෙල්ලම් කරපු විදිහ ගැන නම් කොහෙත්ම සතුටු වෙන්න බෑ. මොකද අපිට අඩුතරමේ ලකුණු 250 ක් - 260 ක් වත් ගන්න බැරිවුණා.
ඒ වගේ ලකුණු ප‍්‍රමාණයක් ලබාගත්තා නම් මේ තණතීරුවේ ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් හඹා යන්න ලේසි වෙන්නේ නෑ.
ප‍්‍රශ්නය :
මේ විදිහට තරගාවලියෙන් ඉවත්ව යන්නට සිදුවීම මොන වගේ කණගාටුවක්ද ?
සංගක්කාර
පරාජය ගැන නම් කණගාටුයි. විශේෂයෙන්ම අර්ධ අවසන් පූර්ව තරගයේදී. ඒත් දකුණු අපි‍්‍රකාව වගේ කණ්ඩායමකට එරෙහිව තරගයක් ජයගන්න ලේසියෙන් බෑ. ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරන්නම ඕන. ඔවුන් එක්ක තරග කරන්න ඕන. ඒත් එක අවස්ථාවක් තිබුණා අපේ කඩුලූ 4 ක් දැවී ගොස් තිබියදී වුණත්, පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර කිහිපයට පිවිසියාම එතැන ඉඳන් ලකුණු 240 ක් - 250 ක් වගේ ගාණකට යන්න පුළුවන් කියා හිතුණා. ඒත් ආයෙමත් කඩුලූ දෙකක් වැටුණා.
කඩුලූ හය ඉතාමත් ඉක්මනින් (පන්දු දෙකක් ඇතුළත) කඩුලූ 8 ක් වුණා. ඔන්න ඕක තමයි වුණේ.
අපේ ඉනිම දිහා බැලූවොත් අපි ආරම්භයක් ගත්ත හැම වෙලාවකදිම කඩුල්ලක් දෙකක් වැටුණා. අනිත් හැම කෙනෙක්ම වගේ අපිත් බලාපොරොත්තු වුණේ ඒ තත්ත්වයෙන් ගොඩ එන්නයි. ඒත් අද දවසේදී අපට ඒ දේ කරගන්න බැරිවුණා.
ප‍්‍රශ්නය :
තිරිමාන්න වෙනුවට කුසල් ජනිත් එක්ක ඉනිම ආරම්භ කරන්න හිතුවේ ඇයි ?
සංගක්කාර :
කුසල් විතරක් නෙමේ ආරම්භක පිතකරුවෙක් හැටියට අපට උපුල් තරංගත් හිටියා. උපුල් කියන්නේ එක්දින අන්තර්ජාතික ශතක 16 ක් තියෙන කී‍්‍රඩකයෙක්. පවතින අවස්ථාවේ හැටියට හොඳම තෝරාගැනීමයි අපි කරන්නේ. ඒත් සමහර අවස්ථාවලදී ඒවා වරදිනවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ බොහෝ දේවල් වගේම කණ්ඩායම තේරීමත් කිසියම් අදහසක් හා ඒ අදහස විශ්වාස කිරීම සම්බන්ධ දෙයක්. තරගයක් වෙනුවෙන් තෝරා ගන්නා පන්දු යවන්නන් වුණත් තරගයේදී අපේක්‍ෂිත දේ කරාවි කියලා විශ්වාස කරනවා.
සමහර වෙලාවට ඒවා වැඩ කරනවා. ඒත් සමහර වෙලාවට ඉතිරිවෙන්නේ උත්තර වලට වඩා ප‍්‍රශ්නයි. මේ කී‍්‍රඩාවේ හැටි මෙහෙම තමා. අද අපේ කණ්ඩායමේ 11 දෙනා පිටියට යනකොට අපි හිතාගෙන හිටියේ මේ වැඬේ කරන්න අපට පුළුවන් වේවි කියලයි.
සමහර විට කෞෂාල් හා තිරිමාන්න ඉනිම ආරම්භ කළා නම් තිරිමාන්න ටික වෙලාවක් පිටියේ රැඳෙන්නත් තිබුණා. උපුල්ටත් එහෙම කරන්න පුළුවන්. ඒත් ඇත්තටම, තරගය සම්පූර්ණයෙන්ම අරගෙන බැලූවාම, අපි අපේ නියමිත මට්ටමේ කී‍්‍රඩා කළේ නෑ.
ප‍්‍රශ්නය :
ලකුණු 4 කට කඩුලූ 2 ක් බිඳ වැටුණාම ඔබ උත්සාහ කළේ ලකුණු එක දෙක ලබාගන්නයි. ඔබ ඒ වෙනුවෙන් කොයිතරම් උත්සාහ කළාද ? ඒ ලකුණු ලබාගැනීම කොයිතරම් අමාරු වුණාද ?
සංගක්කාර
ඔව්. මට ඕනෑ කළේ නව පන්දුවේ පැහැය යැවීමටයි. මෝනි (මෝකල්) නිතරම උත්සාහ කළේ කඩුලූ දවාගන්නයි. ඔවුන්ට කඩුලූ දෙකක් ලැබුණාම ඔවුන් තුන්වැනි එකත් හතරවැනි එකත් හොයාගෙන ගියා. මෝනි ඉතාමත් වේගයෙන් පන්දු යැව්වා. ඒ වගේම ඒවා හොඳ දුරකින් පතිත කළා. අපට තිබුණේ පොඞ්ඩක් නිසසලව ඉන්න.
මේ කී‍්‍රඩාවේ දැන් තියෙන නව නීති රීති එක්ක, ලකුණු ලබාගැනීමේ වේගය පස්සේ අල්ලා ගන්න පුළුවන්. පළමු ඕවර 10 දී ලකුණු වේගය 3 ක් නැත්නම් 3.5 ක් වෙන්න පුළුවන්. ඒත් ඉතිරි ඕවර 20 දී ලකුණු 200 ක් ගන්නත් පුළුවන්. ඒත් ඒකට කඩුලූ අතේ තියාගෙන ඉන්න ඕනේ. මේ කී‍්‍රඩාව (එක්දින අන්තර්ජාතික තරග) දැන් ඇවිදිල්ලා තියෙන ඉසව්ව ඒකයි.
අපට තිබුණේ ලකුණු වේගය ගැන කරදර වෙන්නේ නැතිව ලකුණු සම්බන්ධතා ගොඩන`ගන්නයි. තිරිමාන්න මුහුණ දුන් පළමු පන්දුවේ ඉඳලාම ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් පන්දුවට පහර දුන්නා. ඒත් එයාගේ දැවී යාමත් එක්ක අවාසනාව අපිව හඹාගෙන ආවා. ඊළ`ග සම්බන්ධතාව එච්චර දුර ගියේ නෑ. ඒත් ඒ වෙලාවේ පොඞ්ඩක් ඉවසන්න ඕනේ. පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර ගත්තාම එච්චර අමාරුවක් නැතිව, ඕවරයකදී ලකුණු 10 ක් විතර ගන්න පුළුවන්. ඒත් ඒක කරන්න අවශ්‍ය තරම් කඩුලූ අපට තිබුණේ නෑ.
ප‍්‍රශ්නය :
ඔබ හැම වෙලාවෙම කණ්ඩායම ගැන හිතුව කෙනෙක්. කණ්ඩායම වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක්. ඒත් මේ ඔබගේ අවසන් එක්දින තරගය. මේ ආකාරයෙන් ඔබේ තරග දිවිය නිමා කරන්නට සිදුවීම මොන වගේ කණගාටුවක්ද ?
සංගක්කාර :
ඒවා වෙන්නේ එහෙම තමයි. අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් වුණාම කාටහරි පරදින්න වෙනවා. මේවාට අපි කියන්නේ ‘පැවතීමේ හෝ නැතිවීමේ’ තරග. ඒක මගේ අවසන් තරගය වෙන්නත් තිබුණා. මා කී‍්‍රඩා කළ තරග කිහිපයෙන් එකක් වෙන්නත් තිබුණා. ඒ දෙකින් කෝක වුණත් ඒකේ ලොකු වෙනසක් නෑ. ඒක එහෙම වුණා කියලා විශේෂ කණගාටුවක් නෑ. හිතන්න ඕනෑ අපි කළේ මෙනවාද, ඒක කළේ කොහොමද කියන එකයි.
අනෙක ඊළග ලෝක කුසලාන තරගාවලිය වෙනකම් තවත් අවුරුදු 4 ක් බලා ඉන්න වෙනවා. ඉතින් අපේ කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයන්ගෙන් බොහෝ දෙනෙක් මේ තරගාවලියෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බොහෝ ප‍්‍රයෝජනවත් වේවි. පුද්ගලිකව නම් මේ හාදයෝටික එක්ක කී‍්‍රඩා කරලා මා විශාල වින්දනයක් ලැබුවා. ඒත් බලාපොරොත්තු කඩවීම් කියන්නේ අපේ ජීවිතයේ, අපේ ගමන්මගේ අපට හමුවන දේවල්. ඒ දේවල් එන විදිහට බාර අරගෙන අපි ඉදිරියට යන්න ඕනෑ.
ප‍්‍රශ්නය :
ඔබ අතහැරලා යන කණ්ඩායමේ අනාගතය සුරක්‍ෂිතයි කියලා ඔබ හිතනවාද ?
සංගක්කාර :
ඇත්තටම කණ්ඩායමේ අනාගතය ඉතාමත් හොඳයි. තමන් ඉතාමත් හොඳ නායකයෙක් බව ඇන්ජලෝ මැතිව්ස් හැමදාමත් පෙන්නුම් කළා. මා හිතන්නේ ඩිල්ෂාන් වුණත් තව ටික කාලයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරයි. ඒ වගේම තිරිමාන්න ඉන්නවා. ඔහු ඉතාමත් හොඳ ගමනක් ඇවිත් තියෙන්නේ. ඔහු කී‍්‍රඩා කරන හැම වෙලාවකදීම කිසියම් දියුණුවක් පෙන්නුම් කරනවා.
මේ තරගාවලියේදී අපේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙක් ආබාධ වලට ලක්වුණා තමයි. ඒත් අපේ කණ්ඩායම දිහා බැලූවොත් ඔවුන්ගේ හෙට දවස ගැන සුබවාදීව හිතන්න පුළුවන්.
ප‍්‍රශ්නය
2000 දී පාකිස්තානයට එරෙහිව ඔබේ පළමු එක්දින තරගයෙන් ඔබ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වුණා. ඔබ කණ්ඩායම හැරයන්නේ 2000 ට වඩා හොඳ තත්ත්වයෙන් කියලා ඔබට කියන්න පුළුවන්ද ?
සංගක්කාර
මා එහෙම හිතනවා. මා ඇත්තටම එහෙම හිතනවා. විශේෂයෙන්ම මෙහි ඉන්න තරුණ කී‍්‍රඩකයන් කිහිප දෙනෙක් ගත්තොත්, මා ඔවුන්ගේ වයසේ සිටියදී සිටි තත්ත්වය අද ඔවුන් සිටින තත්ත්වය සමග සංසන්දනය කළොත්, මා එදා සිටියාට වඩා බොහෝ ඉදිරියෙන් ඔවුන් අද ඉන්නවා. ඒක හරිම කුතුහලය දනවන හැගීමක්. මොකද ඔවුන්ට තව ඉගෙන ගන්න බොහෝ දෙවල් තියෙනවා වගේම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට දායාද කරන්නත් තව බොහෝ දේවල් තියෙනවා.
වඩාත් හොඳ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වෙන්න නම් විශේෂ දේවල් නෑ. එකම රහස පුහුණුවීම් වලදී වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන් තමන්ට ලැබිලා තියෙන දක්‍ෂතාව ඔපමට්ටම් කරගැනීමයි. තරගයට ගිහින් පිටිය මැදදී හරි තීරණය ගන්න නම් ඒ විදිහට හැකියාවන් ඔප මට්ටමක් කරගැනීම වැදගත් වෙනවා.
මා කි‍්‍රකට් කී‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණ වූ කාලයේ තිබුණ තත්ත්වය සලකා බැලීමේදී, ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් දීර්ඝ ඉදිරි පියවර කිහිපයක්ම අරගෙන තියෙන බව මා ස්ථිර වශයෙන්ම විශ්වාස කරනවා. ඒ වගේම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය ගැන මට කිසිම බියක් නෑ. අපේ හාදයෝ ටික ඉදිරියේදී හොඳින් කටයුතු කරාවි.
ප‍්‍රශ්නය
තිරිමාන්න සම්බන්ධයෙන් ඔබට කියන්න විශේෂ දේවල් තියෙනවාද?
සංගක්කාර
ඔව්. ඒ ගැන විවිධ මතවාද තියෙනවා. ‘තිරි’ කොතැන පන්දුවට පහර දුන්නත් ඒ හැම තැනකම කිසයම් ස්ථාවර බවක්, විශ්වාසනීයත්වයක් තියෙනවා.
ප‍්‍රශ්නය :
ඔබ මේ ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ ආකාරය ඔබම විස්තර කරන්නේ කොහොම? ඔබ මේ තරම් දස්කම් අතර ඉන්දැද්දී, මේ කී‍්‍රඩාව හැර යන්නේ ඇයි?
සංගක්කාර :
කි‍්‍රකට් කී‍්‍රඩාවේ සමුගැනීම තමන් දස්කම් අතර ඉන්නවාද නැද්ද කියන එක ගැන තියෙන ප‍්‍රශ්නයක් නෙමේ. මට නම් කවදාවත් ඒක ප‍්‍රශ්නයක් වුණේ නෑ, මාත් හිතනවා මට තවත් අවුරුද්දක් දෙකක් කී‍්‍රඩා කරන්න පුළුවන් කියා. ඒක හරි වෙලාව කොතැනද හරි තැන කොතැනද කියන එකයි වඩාත් වැදගත් වෙන්නේ. මා හිතනවා ඒකට (එක්දින කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට) හරි තැනයි මේකයි, වෙලාව මෙතැනයි කියා. මොකද ලෝක කුසලාන තරගාවලියක් එන්න තවත් අවුරුදු 4 ක් බලා ඉන්න ඕනේ.
මා ගත්ත තීරණය සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටින් ඉන්නේ. මා කී‍්‍රඩා කළ කාලයේදී කණ්ඩායම වෙනුවෙන් හැම දෙයක්ම දෙන්න මා උපරිම උත්සාහ කළා. ඒත් මේ කී‍්‍රඩාව ඉදිරියට යා යුතුයි. ඒවායේ ඇලී ගැලී ඉන්න අපට බෑ, ඇරත් මිනිසුන් මේ තරම් හැගීම්බර වෙන්න ඕනත් නෑ,
ඔවුන්ටත් (කි‍්‍රකට් ලෝලීන්ට), අවුරුදු ගණනාවක් තිස්සේ මට දුන්න සහයෝගයටත් මා හැමදාමත් ආදරය කරනවා. මා වඩාත් හොඳ කී‍්‍රඩකයකු වුණේත්, වඩාත් හොඳ මිනිසකු වුණේත් ඒ සහයෝගය නිසායි. ඒත් සියල්ල අවසානයේදී හැරී බැලූවාම, ගොඩාක් හොඳ කී‍්‍රඩකයන් වගේම කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්ත කී‍්‍රඩකයන් පවා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් නික්ම ගොස් තිබෙනවා. ඒත් කී‍්‍රඩාව ඉදිරියට ගොස් තියෙනවා. දැන් අලූත් කී‍්‍රඩකයන් ඒවි. ඔවුන් ඒ තැන් ගනීවි. මා සම්බන්ධයෙන් වුණත් ඒකේ වෙනසක් නෑ.
ප‍්‍රශ්නය
මේ තරගාවලියේ මේ තරම් ලකුණු රැුස්කරලා ඉන්දැද්දී මේ වගේ තරගයකදී පන්දු අපතේ යවන්නට සිදුවීම ගැන මොකද හිතෙන්නේ?
සංගක්කාර
ඇත්ත තමයි. මා පිටියට යනකොට මතක් කරමින් ගියේත් මේ කී‍්‍රඩාංගණයේදීම ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලකුණු ලබාගත් ආකාරයයි. එදා වුණත් පන්දුවේ දෝලනය එක්ක පිතිකරුවන්ට ඒ තරම් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒත් දග පන්දු යවන්නන් ආවම පිතිකරුවන් වැඬේට බැස්සා. අදත් ඒක එහෙමම වුණා. ඒත්..
මා පන්දුවට පහර දෙන සෑම අවස්ථාවකදීම කී‍්‍රඩක වලල්ලෙන් එහාට පන්දුව යවන්න බැරිවුණා. එහෙම වෙනකොට අසහනයට පත්වෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. දිගින් දිගටම, දිගින් දිගටම, සටන කරගෙන යන්න ඕනේ. එහෙම ගිහින් නියමිත තැනට ආවම පහර දෙන්න ඕනේ. ඒත් ඒකටත් කඩුලූ අතේ තියෙන්න ඕනෑ. ඇත්තටම පළමු පන්දුවේ ඉඳලාම දිගින් දිගටම ලකුණු ගන්න බැරිවුණ එක ගැනනම් කණගාටුයි. ඒත් ‘තිරි’ නම් ඒක නියමෙට කළා. ඔහු අද නියම රිද්මයක හිටියා.
ප‍්‍රශ්නය :
ඔබ තව ටික කාලයක් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ රැුඳී ඉඳීවි. ඒත් මහේල ජයවර්ධනට නම් මේ ඔහුගේ අවසන් අන්තර්ජාතික තරගයයි. ඒ වගේ කී‍්‍රඩකයෙක් එක්ක එකම කණ්ඩායමේ කී‍්‍රඩා කිරීම ගැන ඔබට තියෙන්නේ මොන වගේ හැගීමක්ද ?
සංගක්කාර
ඒක විශාල වාසනාවක්. එයා (මහේල ජයවර්ධන) අරවින්ද එක්කත් සෙල්ලම් කරලා තියෙනවා. මා හිතන්නේ මහේල කියන්නේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට සුවිශේෂී කී‍්‍රඩකයෙක්. එයා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු විශාල සංඛ්‍යාවක් රැස්කරලා තියෙනවා විතරක් නෙමේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග රැසකදීම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගොසින් තියෙනවා. ඒ සේරටමත් වඩා, කි‍්‍රකට් පිටියේදී විතරක් නෙමේ ඉන් පිටතදීත් ඔහු රට වෙනුවෙන් කළ කී දේ බොහොමයි.
ඔහුගේ අඩුව තදින් දැනේවි. අනෙක් අතට අපහු හැරිලා බලනකොට රටෙන් වගේම කී‍්‍රඩා ලෝලීන්ගෙන් ඔහුට ආපසු ලැබුණ දේ ගැනත් ඔහු සතුටු වේවි. ඒත් මට විශ්වාසයි...මට වගේම අද දවස ඔහුටත් ඉතාමත් කණගාටුදාකයක දවසක් කියලා. එකම හේතුව අපි තරගය පරාජය වීම.
හැබැයි ඉතින් මේ කී‍්‍රඩාවෙන් සමුගන්නා එකේ එක්තරා සහනයකුත් තියෙනවා කිව්වොත් වැරදි නෑ. තරග වලදී දැනෙන අධික පීඩනය, ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම, අධික ශීතල (අයිස්) වතුරෙන් නෑම, තරගයකට පස්සේ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පැමිණීමේ අවස්ථා වගේ මේ හැම එකකින්ම නිදහස් වෙනවා. අවුරුදු 16 ක් 17 ක් එක දිගටම මේවා කරගෙන යාම වෙලාවකට මහ වදයක්. ඒත් මේ තත්ත්වයේ රැුඳී ඉන්න නම් ඒවා කරන්නම වෙනවා. ඒත් දැන් ජීවිතේ වෙනත් දේ ගැන අවධානය යොමු කරන්න කාලය හොඳයි.
ප‍්‍රශ්නය
ඔබ එක්දින පිටියෙන් සමුගන්නේ සචින් තෙන්ඩුල්කාර්ට පස්සේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙසින්. ලෝකයේ වෙනත් කිසිම කඩුලූ රකින්නකුට වඩා දවාගැනීම් සංඛ්‍යාවක් අත්කරගත් කඩුලූ රකින්නා ලෙසින් වගේම ලෝක කුසලාන තරගාවලියකදී පිට පිටම ශතක 4 ක් ලබාගත් එකම පිතිකරුවා වශයෙන්. මේවා අතුරින් ඔබව කොයි ආකාරයෙන් මතක තබාගන්නවානම් ද ඔබ වඩාත් කැමති වෙන්නේ..
සංගක්කාර
”කුමාර් සංගක්කාර එක්ක එකම කණ්ඩායමේත්, කුමාර් සංගක්කාර හිටපු පිලට ප‍්‍රතිවාදී පිලේත් කී‍්‍රඩා කිරීම ගැන මා සතුටු වෙනවා” යයි කාට හරි කියන්න පුළුවන් නම් මා ඒ ගැන ඉතාමත් සතුටට පත්වෙනවා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.