Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාව දුර දිග බලා සූදානම් වෙයි

ශී‍්‍ර ලංකාව දුර දිග බලා සූදානම් වෙයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A


ලෝක කුසලාන තරගාවලිය සඳහා මුලින්ම නම් කරන ලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩක සංචිතයෙන් මේ වන විටත් කී‍්‍රඩකයෝ හතර පස් දෙනෙක් ඉවත්වූ හෙයින්, ඒ වෙනුවට වෙනත් අය ආදේශ කරනු ලැබ සිටිති. ආබාධ ලයිස්තුවේ අලූත්ම සාමාජිකයා නායක ඇන්ජලෝ මැතිව්ස් වන නමුත් වාර්තා වන අකාරයට මැතිව්ස්ගේ ආබාධය එතරම් බරපතළ එකක් නොවේ.

ඒ සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් අද (13 වැනිදා) කළ විමසීමකදී මයිකල් ද සොයිසා මහතා කීවේ මැතිව්ස් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව සිටින බවයි.

මැතිව්ස් යථා තත්ත්වයට පත්ව සිටීම සැනසිලිදායක ප‍්‍රවෘත්තියකි. එහෙත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දිනපතාම පුහුණුවීම් වල නිරත වන හෙයින්  ඕනෑම අවස්ථාවක අකමැති ප‍්‍රවෘත්තියක් කණට වැටීමේ ඉඩක්ද නැතුවා නොවේ.

ලෝක කුසලාන තරගාවලියේ හොඳ හරිය ආරම්භ වන්නේ තව නොබෝ දිනකිනි. ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙනි.

මේ බව හොඳාකාරව දැන සිටින ශී‍්‍ර ලංකා කළමණාකාරීත්වය, පිතිකරුවකු (කිත්රුවන් විතානගේ) සහ පන්දු යවන්නකු (තරිඳු කෞෂාල්) සිඞ්නි නුවරට ගෙන්වාගෙන, කණ්ඩායම සමග රඳවාගෙන සිටින නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු තවමත් ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් කර නැත.

”කි‍්‍රකට් කී‍්‍රඩාවේ හැටි මෙහෙම තමයි. ඇරත් මේ කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මෙහේ (ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ කී‍්‍රඩා කරමින්) ඉන්නේ. ඉතින් මේ වගේ ආබාධ ඇතිවෙන්න පුළුවන්” යයි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා කියයි.

තේරීම් කමිටු සභාපතිවරයා පවතින තත්ත්වය දකින්නේ යථාර්ථවාදී ලෙසිනි. එහෙත් එය සුබවාදී යයි කිව නොහැකිය. දිනේෂ් චන්දිමාල් වැනි කී‍්‍රඩකයකු ලකුණු අතරට පිවිසි මොහොතේදීම කණ්ඩායමට අහිමි වීම බරපතළ අවාසියකි. ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරියට ඇත්තේ තදබල විස්සෝපයකි.

”චන්දිමාල්ගේ පිතිහරඹය ගැනයි, කී‍්‍රඩකයෙක් හැටියට එයාගේ අනාගතය ගැනයි හු`ගාක් දෙනාට විවේචන තිබුණා. ඒත් ඒ කිසිදෙයක් ගැන කරදර වෙන්නේ නැතිව, තමන්ම මහන්සිවෙලා, තමන්ට තනිවම මොන වගේ වෙනස් දෙයක් කරන්න පුළුවන්ද කියලා චන්දිමාල් පිත්තෙන්ම පෙන්නුවා”

”චන්දිමාල් අහිමි වීම කියන්න බැරි තරම් විශාල පාඩුවක්. අන්තිම තරගයේදී එයා ඉතාමත් හොඳින් සෙල්ලම් කරමින් හිටියේ. ඒ විතරක් නෙමේ..එයා ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයකින් කී‍්‍රඩා කළා” යයිද සනත් ජයසූරිය පැවසීය.

චන්දිමාල් කලක් තිස්සේ තමන්ට හුරු පුරුදු පහර කිහිපයක් නවතාගෙන සිටියේ අසාර්ථකත්වයෙන් මිදීමේ අටියෙනි. එහෙත් එයින් තත්ත්වය වඩාත් උත්සන්න වූවා මිස චන්දිමාල්ට සෙතක් නොවීය.

කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් (බොහෝ දෙනෙක් හිටපු කී‍්‍රඩකයෝ වෙති) මෙන්ම කළමණාකරුවා වන මයිකල් ද සොයිසා මහතාත් චන්දිමාල්ට කීවේ පිටිය මැදට ගිය පසුව තමන්ට හුරු පුරුදු ආකාරයෙන් කී‍්‍රඩා කරන ලෙසයි.

”ඔහු කී‍්‍රඩා කළේ ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී) ඔහුගේ ස්වභාවික පිතිහරඹ රටාවට අනුවයි. මා හිතන්නේ ඔහු දිගින් දිගටම එහෙම කී‍්‍රඩා කළ යුතුයි.” යයිද සනත් ජයසූරිය පැවසීය.

කි‍්‍රකට් කී‍්‍රඩකයන් කාලයෙන් කාලයට අසාර්ථක සමයන්ට මුහුණ දීම සාමාන්‍ය තත්ත්වයකි. දිනේෂ් චන්දිමාල් වැනි ස්වභාවිකව පහර කරා යන කී‍්‍රඩකයන්ට මෙය වඩාත් දැනේ. එහෙත් කුමාර් සංගක්කාර වැනි ඉතා වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කරන පිතිකරුවන්ට එය එසේ නොවේ.

වැදගත් තරගයකට පෙර දින පැවැත්වෙන පුහුණු සැසියේදී දෙවරක් පන්දුවට පහර දීම වසර ගණනාවක සිටම සංගක්කාරගේ පුරුද්දකි. පසුගිය ඉරිදා (8 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 104 ක් ලබාගනිමින් ලෝක කුසලාන තරගාවලියක පිට පිටම තරග තුනකදී ශතක 3 ක් ලබාගත් ලෝකයේ පළමු කී‍්‍රඩකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට පෙරදිනයේත් සංගක්කාර සිඞ්නි පුහුණු දැළ තුළ දෙවතාවක් පන්දුවට පහර දුන්නේය.

සිඞ්නි පුහුණු දැළ තුළදී සංගක්කාර දෙවැනි වර පන්දුවට පහර දෙන විට කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයෝ සියලූ දෙනාම පුහුණුවීම් අවසන් කර ආපසු තමන්ගේ විවේකාගාරයට යමින් සිටියහ.

සංගක්කාර එසේ කළද දිනේෂ් චන්දිමාල්, මහේල ජයවර්ධන හෝ කුසල් ජනිත් පෙරේරා වැනි කී‍්‍රඩකයන්ට එවැන්නක් අවශ්‍ය නොවේ. සහජ දක්‍ෂතා මිට මොළවාගෙන උපන් එවන් කී‍්‍රඩකයන් පන්දුවට පහර දෙන්නේ තරගයේ පවතින තත්ත්වය අනුවය. ඔවුන් සාර්ථක වන්නේ ඒ වන විට තරගයේ පවතින තත්ත්වයට හෙවත් පීඩනයට මුහුණ දෙන ආකාරය අනුවය.

”ඒ වගේ අය වැඩි වාර ගණනක් අසාර්ථක සමයන්ට මුහුණ දෙනවා...ඒකට හේතුව ඔවුන් පන්දුවට පහර දෙන රටාවයි......ඒත් ඒ වගේ වෙලාවල ඒ ගොල්ලන්ම උත්සාහ කරලා ඒ තත්ත්වයෙන් ගොඩ එනවා මිසක් වෙන විකල්පයක් නෑ” යයිද සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් කී‍්‍රඩා කරන කාලයේ ලද අත්දැකීම්ද සිහිපත් කරමිනි.

එවන් කී‍්‍රඩකයන්ට වැඩිපුර උවමනා කරන්නේ ආත්ම විශ්වාසයයි. කණ්ඩායමේ මානසික විශේෂඥයා වන ජෙරමි ස්නේප් මෙහිදී විශේෂ කාර්යභාරයක් කරන බවත් තේරීම් කමිටු ප‍්‍රධානියා කියයි.

”මොන දේ කළත් අවසානයේදී වැදගත් වෙන්නේ මනස කොහොමද තියෙන්නේ කියන එකයි. ඒ නිසා ජෙරමිට ලොකු ගෞරවයක් අත්වෙන්න  ඕනේ....එයා හුගාක් වෙලාවට කී‍්‍රඩකයන් එක්ක කටයුතු කරන්නේ වෙන වෙනමයි. ඒ මොනවාද කියන්න මම නම් දන්නේ නෑ” යයිද සනත් ජයසූරිය මහතා පැවසීය.

”පිතිකරුවකුට නරක කාලයක් ලැබුවාම, ඒකෙන් ගොඩ එන්න බැරි වුණාම, මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ. ඒක පන්දුවට පහර දෙන විදිහේ ප‍්‍රශ්නයක් නෙමේ. කි‍්‍රකට් ගහන විදිහේ වැරැද්දකුත් නෙමේ. හැමදාම පුහුණුවීම් කරත් කිසිම දෙයක් ගලපාගන්න බැරිවෙනවා...අන්තිමේ බලාගෙන ගියාම හිතන විදිහේ වැරැද්දක් තමයි” යයි තේරීම් කමිටු සභාපතිවරයා පැහැදිළි කරයි.

 


අදහස් (5)

ශී‍්‍ර ලංකාව දුර දිග බලා සූදානම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.